ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

    updUqSB.jpg

    ISIS ත්‍රස්තවාදීන්ට සහ අෂාඩ් විරෝධී කැරලිකරුවන් සතු භූමිය සිරියානු අරාබි හමුදාව සීඝ්‍රයෙන් අත්පත් කරගැනීමත් සමග ඊශ්‍රායලය බොහෝ කලබලයට පත්ව තිබෙන බව මීට පෙර පළකල ලිපියකදී පෙන්වා දී තිබේ.යුදෙව්වන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබෙන බව පෙන්වන අනතුරු ඇඟවීමක් සම්බන්ධ පුවතක් ඊයේ දිනයේ අල්-ජඩිඩා පුවත්පතේ පළවී තිබිණි.නම සඳහන් නොකල ඊශ්‍රායලයේ ප්‍රධාන පෙලේ නිලධාරියෙක් පවසා තිබුණේ ඉරානය දිගින් දිගටම සිරියාව තුල සිය බලපැවැත්ම වර්ධනය කරගන්නේ නම් ඩැමැස්කස් නගරයේ පිහිටා ඇති බෂාර් අල් අෂාඩ්ගේ මාළිගයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවයි.

    iLcaLLp.jpg

    එම වාර්තාවේම සඳහන් පරිදි,සිරියාවේ ඉරාන බලපැවැත්ම වෙනසක් නොවුනහොත් ඇමෙරිකාව සහ රුසියාව සමග ඇති කරගත් සටන් විරාමය කඩකිරීමට සිදුවන බවත් ඊශ්‍රායල නිලධාරියා පවසා තිබේ.පුවත්පතේ සඳහන් පරිදි පසුගිය සතියේ දී ඊශ්‍රායල අගමැතිවරයා සහ රුසියානු ජනපතිවරයා අතර සිදුවූ හමුවේදී මේ සම්බන්ධව එකඟතාවයකට පැමිණ නැත.


    sp0n7Rw.jpg



    සිරියානු යුද්ධයේ ඊශ්‍රායල සාධකය




    Source:southfront.org

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Dath and Caps Lock