ඊශ්‍රායලය සතු සුපිරි අවි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඊශ්‍රායලය සතු සුපිරි අවි

    d8qXhvB.jpg

    ඊශ්‍රායල හමුදාව හඳුන්වනු ලබන්නේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව හෙවත් Israel Defense Force (IDF)යන නමින්ය.එය ලොව තිබෙන අද්වීතිය හමුදාවකි.ඊශ්‍රායලය බිහිවූදා පටන් ඔවුන්ට සිය අසල්වැසි මුස්ලිම් රටවල් සමග කිසිදා අවසන් නොවන ගැටුමකට මැදිවන්නට සිදුවිය.මෙම අර්බුදයේදී නොනැසී පැවතීමට ඊශ්‍රායලය උසස් තත්ත්වයේ අවි පද්ධති නිර්මාණය කිරීමට සහ ආරක්ෂක හමුදාවන්ට උසස් ගණයේ පුහුණුවක් ලබාදෙන්නට ක්‍රියා කලහ.අවි පද්ධති නිර්මාණයේදී එක්සත් ජනපදය සහ ජර්මනිය ඊශ්‍රායලයේ සහායට ඉදිරිපත්විය.නමුත් යුදෙව්වන් සතුව ඔවුන්ගේම අවි නිෂ්පාදන කර්මාන්තයක් තිබේ.ඔවුන් නිපදවන අවි ලෝක මට්ටමේ අවධානය දිනාගත් ඒවාය.ඊශ්‍රායලය ඇමෙරිකාවෙන් සහ ජර්මනියෙන් අවි පද්ධති ආනයනය කල ඔවුහු ඒවා තමන්ගේ භාවිතයට සුදුසු අයුරින් විවිධ වෙනස් කිරීම ,වැඩිදියුණු කිරීම්වලට ලක් කර පරිහරණය කරති.ඊශ්‍රායල හමුදා එකම කලාපයේ සිටින ඕනෑම ආක්‍රමණිකයෙකුට භයානක සතුරෙක් වන්නේ ඒ නිසාය.මෙම ලිපිය ඔස්සේ කතා කරන්නේ ඊශ්‍රායල සතු හොඳම අවි දහයක් සම්බන්ධවයි.මෙම ලැයිස්තුවේ ඔවුන් ස්වදේශියව නිපදවූ අවි මෙන්ම ආනයන කල අවිද ඇතුලත් වේ.





    pqtMn63.jpg

    PROTECTOR USV - මිනිසුන් රහිත යාත්‍රාව

    මිනිසුන් රහිත සන්නද්ධ බෝට්ටුවක් දියත් කල පළමු ජාතිය වන්නේ ඊශ්‍රායලයයි.මෙම බෝට්ටුව ඔත්තු බැලීම,නිරික්ෂණ කටයුතු සහ ආරක්ෂාව යන කාර්යයන් ඉටුකර ගැනීම සඳහා නිර්මාණය කර තිබේ.Protector නම් මෙම නියමුවන් රහිත බෝට්ටුව අද්විතීය උපාංග වලින් යුක්තය.මිනිසුන් සහිත මීටර් 9 හෝ 11 මුර සංචාරක බෝට්ටුවල සංවේදක උපාංග ,යාත්‍රණය සහ අවි පද්ධති ආදිය වෙනුවෙන් පුද්ගලයන් 6 පමණ අවශ්‍ය වේ.එසේම ඒවා සතුරු ප්‍රහාරයකට ලක්වීමේ අවදානමද වැඩිය.ඊට අමතරව මෙම යාත්‍රාවල ඉඩ ප්‍රමාණය ආහාර සහ ජලය ගබඩා කිරීම ආදියටත් වැයවේ.නමුත් නම් මිනිසුන් රහිත යාත්‍රාව මේ සියල්ල වෙනස් කර තිබේ.එය දුර සිට පාලනය කිරීමට අවශ්‍ය වන්නේ පුද්ගලයන් දෙදෙනෙක් පමණි.මෙහෙයුම් කාලයද මිනිසුන් සහිත යාත්‍රාවකට වඩා 4 ගුණයකින් වැඩි බව කියවේ.එය ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශක සංවේදක,රේඩාර් සහ ටයිපූන් ස්ථායි දුරස්ථපාලක අවි පද්ධතියකින් සමන්විත අතර එම අවි පද්ධතිය සඳහා ඕනෑම මැෂින් තුවක්කුවක් හෝ බෝම්බ විදිනයක් එක් කල හැකිය.

    SkfkGrH.jpg

    මෙවැනි යාත්‍රා වරායන් අවට ඔත්තු බැලීම්,නිරීක්ෂණ කටයුතු සහ කුඩා ප්‍රමාණයේ සතුරු යාත්‍රාවලට එරෙහිව භාවිතා කල හැකිය.මේවා හි නාවික සැතපුම් 50/පැයට සැතපුම් 92 පමණ වේගයක් තිබෙන නිසා සහ පළල් පරාසයක සංවේදක ඔස්සේ ලැබෙන තොරතුරු ඔස්සේ ලුහුබැඳ යාම කල හැකි නිසා මිනිසුන් සහිත මුර සංචාරක යාත්‍රාවලට වඩා ඵලදායි ලෙස විශේෂයෙන් මුහුදු මංකොල්ලකරුවන්ට එරෙහිව යොදාගත හැකිය.සිංගප්පුරුව ගල්ෆ් මුහුදේ සිදුකරන ඔත්තු බැලීම්,නිරීක්ෂණ කටයුතු සහ ආරක්ෂක කටයුතු සඳහා මෙවැනි නියමුවන් රහිත යාත්‍රා මිලදී ගෙන තිබේ. Protector හි මොඩලයේ Spike මිසයිල සහ ගිනිනිවන කටයුතු,මාරක නොවන කටයුතුවලදී භාවිතා කරන ජල විදින සවිකිරීමට හැකියාව තිබේ.Protector යාත්‍රාවේ නිවුන් ඩීසල් එන්ජිමක් නිසා කාර්යක්ෂමතාවය සහ වේගය වැඩිවී තිබේ.මෙම බෝට්ටු ඉදිරියේදී තවත් උසස් කරනු ලබන අතර එහි ඊළඟ පරම්පරාව ප්‍රමාණයෙන් විශාල යාත්‍රා වනු ඇත.






    segg2g5.jpg

    DELILAH කෲස් මිසයිලය

    මෙය ඊශ්‍රායල හමුදාව පාවිච්චි කරන මධ්‍යම දුර සබ්සොනික්(ශබ්දයේ වේගයෙන් හෝ ඊට අඩු වේගයකින් ගමන් කිරීම ) කෲස් මිසයිලයකි.Delilah මිසයිලයකට කි.මී.250ක දුරක් ගමන් කිරීමට හැකියාව තිබේ.කි.ග්‍රෑ. 187ක් බර මෙම මිසයිලයක් F-15/16 යානාවලින් හෝ UH-60 හෙලිකොටප්ටර්වලින් නිකුත් කරනු ලැබේ.මාච් 0.3-0.7 අතර වේගයකින් ගමන් කිරීමේ හැකියාව සහිත Delilah මිසයිලයකට සතුරු මිසයිල ආරක්ෂණ බිමක් මීටරයක දෝෂයක් සහිතව විනාශ කිරීමට හැකියාව තිබේ.

    BwVIYTs.jpg

    Delilah මිසයිලයට සිය ඉලක්කය සොයාගැනීම සඳහා අධෝරක්ත කිරණ හෝ ප්‍රකාශ සංවේදක යොදා ගන්නා අතර එහි අඩංගු කි.ග්‍රෑ. 30 අවි ශීර්ෂය සෑම් මිසයිල බිමක් හෝ ගමන් කරන වාහනයක් වැනි කුඩා ඉලක්කයක් විනාශ කිරීමට යෙදවිය හැකිය.මෙහි ගොඩබිම සිට දියත් කරන මොඩලයටද කි.මී.250 ක උපරිම දුරක් ගමන් කිරීමට හැකියාව තිබේ.බරින් අඩු,දිගු දුර ,නිරවද්‍ය ඉලක්ක කිරීමක් සහිත මෙය භයානක අවියකි.






    map8dLj.jpg

    TAVOR/ MICRO-TAVOR රයිෆලය

    මෙය ඊශ්‍රායලයේ Israel Military Industries (IMI) නම් සමාගම නිර්මාණය කල නවතම රයිෆලයයි.සැහැල්ලු,විශ්වාසනීය,කල්පවතින සහ ඊශ්‍රායල හමුදාව භාවිතා කරන M4A1 carbine රයිෆලයට වඩා නිරවද්‍ය ගිනි අවියක් ලෙස Tavor රයිෆලය හැඳින්විය හැකිය.5.56×45 NATO පතොරම් මේ අවියට යොදාගැනේ.එක් මැගසිනයක පතොරම් 30 අඩංගුය.අවිය 21 සියවසේ රයිෆලයකට සරිලන සියලුම සුදුසුකම් තිබෙන බවයි සඳහන් වන්නේ.මෙම රයිෆලයේ එකිනෙකට වෙනස් සංස්කරණ කිහිපයක්ම තිබේ.පහත දැක්වෙන්නේ ඉන් ප්‍රධාන ඒවාය.

    HCekCKg.png
    STAR-21​

    GTAR - සාමාන්‍යය භාවිතයට යොදාගන්නා සංස්කරණයයි.දිගින් වැඩි අතර 40 mm UBGL ග්‍රෙනේඩ් විදිනයක් සවිකිරීමටද හැකියාව තිබේ.

    MTAR - මෙම රයිෆල් පෙළේ කුඩාම එකයි.විශේෂ බලකා වෙනුවෙන් නිර්මාණය කර තිබේ.

    STAR - ඉලක්කකරුවන් වෙනුවෙන් නිර්මාණය කල මොඩලයකි.ACOG වර්ගයේ 4 ගුණයක විශාලන හැකියාවක් සහිත දුරදක්නයක් සමග එයි.


    8ZM9zuW.jpg
    X-95 (MTAR)​

    මෙම රයිෆල් සියල්ල දුරදක්නයක් සහිත රතු පැහැයෙන් ඉලක්කය සලකුණු කිරීමක් සහිතය.Tavor රයිෆල් ඊශ්‍රායල පාබල හමුදාව මෙන්ම ඉන්දීය කොමාන්ඩෝ බලකායන්ද(සම්මත අවිය ලෙස) භාවිතා කරයි.එසේම ඉන්දියාව MTAR-21 රයිෆලය Zittara යන නමින් නිෂ්පාදනය කර 5.56×30 mm පතොරම් සමග භාවිතා කරයි.ඊශ්‍රායල ආරක්ෂක අංශ MTAR-21 රයිෆලය මි.මී. 5.56×45 හෝ මි.මී.9 පිස්තෝල උණ්ඩ සමග පරිහරණය කරයි.Tavor රයිෆල් උෂ්ණ කාන්තාර දේශගුණික ප්‍රදේශවලට සාර්ථකව ඔරොත්තුදෙන ලෙස නිපදවා තිබේ.






    n4je12B.jpg

    MERKAVA 3/4 ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකිය

    1980 දශකයේ මුල් භාගයේදී සැලසුම් කල Merkava යුද ටැංකිය ඊශ්‍රායලයේ තත්ත්ව වලට විශේෂයෙන් ඔරොත්තුදෙන එකකි.Merkava යුද ටැංකිය ක්‍රමයෙන් විකසනය වෙද්දී එහි හොඳම මොඩලයන් වන Merkava 3 සහ Merkava 4 නිර්මාණය කෙරිණි.මෙම පරම්පරාවේ නවතම සංස්කරණය ලෙස සැලකෙන්නේ Merkava 4 යුද ටැංකියයි.Mk4 සතුව ස්මූත්බැරල් ප්‍රධාන අවියක් තිබෙන අතර ඊට,යුද ටැංකි නාශක මිසයිල නිකුත් කිරීමේ හැකියාවක් තිබේ.මේ නිසා Mk4 යුද ටැංකියට දුරක සිට වුවද සතුරු යුද ටැංකි විනාශ කිරීමේ පුලුවනි.

    IQu3ncf.jpg

    Merkava යුද ටැංකිය සතු ද්වීතියික අවි වන්නේ මි.මී.1×12.7 මැෂින් තුවක්කුව,මි.මී.2×7.62 මැෂින් තුවක්කුව,මි.මී.60 මෝටාර් සහ දුම් බෝම්බයි(12ක්).මෙම යුදෝපකරණ නගරබද සටන් වලදී විශේෂයෙන්ම එකකට වැඩි මැෂින් තුවක්කු සහ මෝටාර් ඉතා ප්‍රයෝජනවත් වේ.එය තුල කාලතුවක්කු උණ්ඩ සහ මිසයිල 48ක් රැගෙන යයි.Merkava යුද ටැංකිය සතු අනෙක් සුවිශේෂී අංගය වන්නේ ‘Trophy’ නම් සක්‍රිය ආරක්ෂක පද්ධතියයි.එමගින් යුද ටැංකිය ඉලක්ක කරගෙන පැමිණෙන මිසයිල හෝ යුද ටැංකි නාශක ෂෙල් වෙඩි හඳුනාගෙන අතරමඟදීම විනාශ කර දමන්නේ යුද ටැංකියෙන් නිකුත් කරන රොකට් මගිනි.මෙය යුද ටැංකියේ ප්‍රාථමික ආරක්ෂක විධිවිධානය වන අතර ද්වීතියික ලේයරය (අක්‍රීය ආරක්ෂක ලේයරය) වන්නේ සන්නාහයයි.






    gLMZ3MP.jpg

    ATMOS 2000 HOWITZER කාලතුවක්කුව

    Howitzerයනු කාලතුවක්කුවල එක් ප්‍රවර්ගයක් ලෙස හැඳින්විය හැකිය.ATMOS (Advanced Truck MOunted howitzer System)යන කෙටි වදනින් හඳුන්වන මෙම කාලතුවක්කුව ට්‍රක් රථයකට සවිකල self-propelled වර්ගයේ කාලතුවක්කුවකි.මේ සඳහා යොදාගෙන්නේ මි.මී. 155 උණ්ඩයි.කාලතුවක්කුව සවිකර තිබෙන්නේ 6×6 ට්‍රක් රථයකය.පුද්ගලයන් 6 දෙනෙක්ගේ සහාය සහිතව ක්‍රියාත්මක වන මෙම අවි පද්ධතිය පරිගණකවල සහායද ලබාගෙන නිවැරදිව සිය ඉලක්ක සපුරා ගනියි.

    toSYePZ.jpg

    පුද්ගලයන් 4 දෙනෙක්ගේ සහාය ඇතිව අවියට උණ්ඩ පිරවීමේ කටයුතු සිදුකෙරේ.ඉලක්කය ගැනීමට අවශ්‍ය දත්ත නියමුවන් රහිත යානා ආදියෙන් ලබාගැනේ.මෙම ට්‍රක් රථය තුල මි.මී. 155 උණ්ඩ 32ක් රැගෙන යයි.කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාවය මත වෙඩි තැබීමේ වේගය තීරණය වේ.සාමාන්‍යයෙන් ඊට මිනිත්තුවකට උණ්ඩ 4-9 ප්‍රමාණයක් එල්ල කිරීමට හැකියාව තිබේ.මෙම අවි පද්ධතිය C-130 ගුවන් යානයක රැගෙන යා හැකි බවද සඳහන් වේ.



    දෙවන කොටසින් හමුවෙමු​



    දෙවන කොටස




    Source:Defencyclopedia.com

    -HarshaLulzSec-
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.

    thanks bro:yes::yes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    Good post. TFS.
    Thanks

    Thanks

    Good post
    Thanks

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    Thanks

    Thanks

    patta ban
    Thanks

    11.gif
    11.gif
    11.gif

    TFS!
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    Thanks

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.

    thanks bro:yes::yes:
    Thanks

    Thanks

    Thanks

    Thanks

    Thanks

    patta machan..

    tfs..

    rep denna balu hamadama wage..
    Thanks

    good post
    Thanks

    Thanks

    patta bn...dkkama moral :D
    Thanks

    Patta machan. Rep
    Thanks

    Thanks

    Thanks