ඊශ්‍රායල් මෙහෙයුම – ඔපරේෂන් ඩයමන්ඩ්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඊශ්‍රායල් මෙහෙයුම – ඔපරේෂන් ඩයමන්ඩ්

    1950 දශකයේදී රුසියානු ගුවන් හමුදාව විසින් මිග් 21 (MiG 21) ප්‍රහාරක යානාව නිර්මාණය කරනු ලබනවා. එවකට පැවති සියළුම ප්‍රහාරක ගුවන් යානා අභිබවමින් නිර්මාණය වූ මෙම යානය සඳහා භාවිතා කර ඇති තාක්ෂණය පිළිබඳව දැන ගැනීමට ඇමරිකාව විවිධ අයුරින් උත්සාහ කර බලනවා. එහි එක් ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය විසින් මිග් 21 යානාවක් පැහැර ගැනීම හැඳින්විය​ හැකියි. අවසානයේදී රුසියාවේ නිෂ්පාදිත මිග් 21 යානාවක් ඉරාක ගුවන් හමුදාවෙන් පැහැර ගැනීමට මොසාඩ් ඔත්තු සේවයට හැකියාව ලැබෙනවා. ඉතින් අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ මිග් 21 ප්‍රහාරක යානාව පැහැරගැනීමේ සාර්ථක මෙහෙයුම හෙවත් “ඔපරේෂන් ඩයමන්ඩ්” පිළිබඳවයි.
    මිග් 21 යානාවක් පැහැර ගත යුත්තේ ඇයි ?

    018-680x409.jpg

    රුසියාවේ නිෂ්පාදිත MiG 21 යානයක් (Fly a MiG)

    ගුවන් යානා ඉතිහාසයේ රුසියාව විසින් වැඩියෙන්ම නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රහාරක යානාව වුයේ මිග් 21 සුපර්සොනික් යානාවයි. එය මහද්වීප හතරක රටවල් රැසක පියාසර කල යානයක් ලෙස හැදින්විය හැකියි. එම කාලයට සරිලන පරිදි ඉතා දියුණු මිසයිල පද්ධතියකින් යානය සන්නද්ධව තිබුණා. 1960 දශකයේ මැද භාගයේදී මෙම යානා රුසියාව විසින් මැදපෙරදිග රටවලට ලබා දී තිබුණා. ඊජිප්තු, සිරියානු හා ඉරාක ගුවන් හමුදා මෙම යානය ඊශ්‍රායලයට එරෙහිව ගුවන් මෙහෙයුම් සදහා ද යොදා ගනු ලබනවා.
    මේ හේතුවෙන් ඊශ්‍රායලය, මිග් 21 පිළිබඳව දැඩි සැළකිල්ලක් දක්වූ අතර මෙහි පවතින විශේෂතා හා දුර්වලතා විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාව ඔවුන්ට ඇති වෙනවා. එමෙන්ම ඒ සඳහා ඇමරිකානු රජයෙනුත් උපදෙස් ලැබෙන්නේ MiG 21 යානයක් පැහැර ගන්නා ලෙසයි. එහි ප්‍රතිඵලයක් ලෙසයි මිග් 21 යානාවක් පැහැර ගැනීමට සැලසුම් සකස් වෙන්නේ.
    අසාර්ථක වූ උත්සාහ කිරීම්

    029-482x720.jpg

    එවකට ඊශ්‍රායල් අගමැතිවරයා වූ ලෙවී එෂ්කෝල් (Levi Eshkol) (Wikipedia)

    මොසාඩ් නියෝජිතයන් පැහැර ගැනීමේ මෙහෙයුමේ පළමු උත්සාහය වන්නේ ඊජිප්තු ගුවන් හමුදාවට අයත් මිග් 21 යානාවක් ඊශ්‍රායලයට ගෙන ඒමට උත්සාහ කිරීමයි. මේ සඳහා 1963 වසරේදී මොසාඩ් නියෝජිතයෙක් වන ශෝන් තෝමස් (Jean Thomas) ඊජිප්තුව බලා යන අතර ඔහු විසින් ඊජිප්තු ගුවන් නියමුවෙක් වෙත ඇමරිකානු ඩොලර් මිලියනයක් ලබා දීමෙන් අනතුරුව ඔහුව මේ කාර්යය සඳහා කැමති කරවා ගන්නවා. නමුත් අවසාන මොහොතේදී එම ගුවන් නියමුවා විසින් ඊජිප්තු රජයට පැමිණිලි කිරීමෙන් පසුව ශෝන් තෝමස් ඇතුළු මොසාඩ් නියෝජිතයන් පිරිසක් එරට අත්අඩංගුවට පත්වෙනවා.
    තවත් වරෙක් මොසාඩ් නියෝජිතයන් විසින් ඉරාක ගුවන් නියමුවන් දෙදෙනෙකු හා මිත්‍ර වී ඔවුන් හරහා ප්‍රහාරක යානාවක් ඊශ්‍රායලය වෙත ගෙන්වා ගැනීමට උත්සාහ කරනවා. නමුත් මොසාඩ් ඔත්තුකරුවන් හා නියමුවන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම උත්සාහයත් සාර්ථක වන්නේ නෑ.
    තෙවනවර උත්සාහය සාර්ථක වීම

    038-680x305.jpg

    කපිතාන් මුනීර් රෙෆා (Alchetron)

    තෙවන වර උත්සාහය සඳහා ඊශ්‍රායලය විසින් තෝරා ගන්නේ ඉරාකයේ මිග් 21 ප්‍රහාරක යාන නියමුවෙකුයි. කපිතාන් මුනීර් රෙෆා (Munir Redfa) නම් වූ මෙම ගුවන් නියමුවා යුදෙව් සම්භවයක් සහිත ක්‍රිස්තියානි ආගම ඇදහු පුද්ගලයෙක් විය. ඉරාක ගුවන් හමුදාව තුළ උසස් වීම් ලබා ගැනීමට තම ආගම බාධාවක් වූ බැවින් ඔහු සිටින්නේ ඉතා කළකිරීමෙන්. තවද ඉරාකය විසින් කුර්දි සටන්කරුවන්ට එල්ල කරන ප්‍රහාර පිළිබඳවද ඔහු දක්වන්නේ දැඩි විරෝධතාවයක්.
    මෙම අවස්ථාවවෙන් ප්‍රයෝජනය ලබා ගන්නා මොසාඩ් ඔත්තුකරුවන් මුනීර් සමඟ මිග් 21 ප්‍රහාරක යානාවක් පැහැර ගැනීම පිළිබඳව එකඟතාවයකට පැමිණෙනවා. ඇමරිකානු ඩොලර් මිලියනයක්, තම පවුල ඉරාකයෙන් ඉවත්කර ගැනීම, තමන් ඇතුළු තම පවුලේ සාමාජිකයන්ට ඊශ්‍රායල් පුරවැසිකම ලබා දීම හා තමන්ට ඊශ්‍රායලයේ රැකියාවක් ලබා දීම යන ඉල්ලීම් මුනීර් විසින් ඉදිරිපත් කරන අතර මොසාඩ් නියෝජිතයන් ඒ සඳහා කැමැත්ත පළ කරනවා.
    මොසාඩ් නියෝජිතයන් හා කිහිපවරක්ම සාකච්ජා පැවැත්වීමට හොර රහසේ ඊශ්‍රායලයට පැමිණෙන මුනීර් තමන් යානය පැහැරගත් පසු ගොඩ බැස්සවිය යුතු ඊශ්‍රායල් ගුවන් තොටුපොළේ ධාවන පථය පවා නිරීක්ෂණය කරනවා.
    පුහුණු සැසියකට මුවාවෙන් යානය පැහැර ගැනීම

    047-680x427.jpg

    පැහැරගත් යානය (LinkedIn)

    1966 අගෝස්තු 16 වන දින පුහුණු සැසියක් අතරවාරයේ මිග් 21 යානයක නැගෙන ඉරාක ගුවන් නියමුවා එය ජෝර්දාන දේශ සීමාවට ඉහළින් ඊශ්‍රායලය බලා පියාසර කරනවා. ඒ සමඟම ජෝර්දාන් රේඩාර් පද්ධතියට මිග් 21 යානය හසුවෙන අතර ඔවුන් විසින් ප්‍රහාරක යානා දෙකක් උපයෝගී කරගනිමින් මිග් 21 යානාව ලුහු බඳිනවා. නමුත් අඩි 30000ක් පමණ ඉහළින් ගමන් කළ මිග් 21 යානය ලුහු බැදීම සාර්ථක වන්නේ නෑ. ජෝර්දානය විසින් මේ පිළිබඳව ඉරාකයට දැනුම් දෙන නමුත් ඉරාකයෙන් ක්ෂණික ප්‍රතිචාර ලැබෙන්නේ නෑ. ඒ අතරවාරයේ සිරියානු ගුවන් හමුදා විසින් ජෝර්දානයට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ එය ඉරාක ගුවන් හමුදාවේ පුහුණු සැසියක් බවයි.
    මේ හේතුවෙන් කිසිඳු ප්‍රහාරයකට ලක් නොවී ඊශ්‍රායලය බලා මිග් යානය පියාසර කරවීමට මුනීර්ට හැකියාව ලැබෙනවා. අවසානයේ ඔහු ඊශ්‍රායලයේ හැට්සෝ ගුවන් තොටුපොළට (Hatzor) මිග් 21 යානය නිරුපද්‍රිතව ගොඩබානවා. යානය ගොඩ බෑමට අමතර වෙලාවක් ගත නොවීම හේතුවෙන් අවසාන ඉන්ධන ස්වල්පයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වූ බවත් තවත් ස්වල්ප වේලාවක් පියාසර කිරීමට සිදු වූවානම් යානය ඉන්ධන නොමැතිකමින් අනතුරට පත්වීමට හැකියාව තිබූ බවත් නියමුවා විසින් පසුව සදහන් කරනවා.
    පැහැරගැනීමෙන් පසුව

    055-680x508.jpg

    යානය වර්ණ ගැන්වීමෙන් පසුව (theaviationist.com)

    යානය පැහැරගත් බවට වාර්තා වීමෙන් අනතුරුව රුසියාව හා ඉරාකය විසින් එය නැවත භාර දෙන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම​ ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කරනවා. පැහැරගත් යානය රතු පැහැයෙන් වර්ණ ගන්වන අතර 007 ලෙස අංකනය කරනු ලබනවා.
    සති කිහිපයක් යානය ඊශ්‍රායල් ගුවන් ඉංජිනේරුවන්ගේ අධීක්ෂණයට ලක්වෙන අතර අනතුරුව එය ඊශ්‍රායල් ගුවන් හමුදා නියමුවන්ට භාරදෙනු ලබනවා. පියාසර කිරීමට පහසු හා ඉතා ඉහළකට පියාසර කල හැකි යානයක් ලෙස ඔවුන් විසින් මෙය හඳුනා ගන්න අතර ඊශ්‍රායල් ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා මිග් 21 යානයද යොදා ගන්නවා.
    1968 වසරේදී ඇමරිකානු රජයේ ඉල්ලීමක් මත පැහැරගත් මිග් 21 යානය ඇමරිකානු ගුවන් හමුදාවට භාර දුන් අතර එය විශ්ලේෂණය කිරීමෙන් ඇමරිකානුවන් විසින් රුසියානුවන්ගේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා.
    පසුව ඇමරිකාව විසින් මිග් 21 යානය නැවතත් ඊශ්‍රායලයට ලබා දුන් අතර එය මේ වන විට ඊශ්‍රායලයේ හට්සර්ම් හී (Hatzerim) ගුවන් හමුදා කෞතුකාගාරයේ තැන්පත්කර තිබෙනවා.
     
    • Like
    Reactions: ehseres

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    රුසියන්කාරයෝ හදලා තියෙන ඒවා තාම ලෝකෙට ඉදිරිපත් කරල තියෙන්නේ බොහොම ටිකයි (ලු) ඇමරිකාවට හැරෙන්නවත් බැහැ (ලු) ඒවත් එක්ක.
    russia insider එකෙයි pravda එකෙයි තිබුනා ඔ්වා ගැන
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    රුසියන්කාරයෝ හදලා තියෙන ඒවා තාම ලෝකෙට ඉදිරිපත් කරල තියෙන්නේ බොහොම ටිකයි (ලු) ඇමරිකාවට හැරෙන්නවත් බැහැ (ලු) ඒවත් එක්ක.
    russia insider එකෙයි pravda එකෙයි තිබුනා ඔ්වා ගැන

    :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රුසියන්කාරයෝ හදලා තියෙන ඒවා තාම ලෝකෙට ඉදිරිපත් කරල තියෙන්නේ බොහොම ටිකයි (ලු) ඇමරිකාවට හැරෙන්නවත් බැහැ (ලු) ඒවත් එක්ක.
    russia insider එකෙයි pravda එකෙයි තිබුනා ඔ්වා ගැන

    :yes::yes::yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රුසියන්කාරයෝ හදලා තියෙන ඒවා තාම ලෝකෙට ඉදිරිපත් කරල තියෙන්නේ බොහොම ටිකයි (ලු) ඇමරිකාවට හැරෙන්නවත් බැහැ (ලු) ඒවත් එක්ක.
    russia insider එකෙයි pravda එකෙයි තිබුනා ඔ්වා ගැන


    Hitlar ge Ewa Godak ungawa thiyenne USA unta Ahuwenna Kalin Russian Un Gawata ewa Giye :dull::dull:
     

    Similar threads