ඊසොප්ගේ උපදේශ කථා
ඊසොප් යනු උපමා කතාවේ පියා ලෙස සැලකෙන තැනැත්තාය. ඔහු ජීවත් වූයේ යයි සැලකෙන්නේ ක්‍රි. පූ. 620 -560 අතර කාලය තුළ ග්‍රීසියේය. පළමුව වහලෙකුව සිටි ඔහු පසුව නිදහස් පුර වැසියකු වූ බව ජන ප්රවාදවල සඳහන්ය.උපමා කතා සිය ගණනක් ඊසොප් විසින් කියන ලද කතාන්දර ලෙස ඔහුගේ නමට කර්තෘත්වය පවරා ඇතත් මින් සමහරක් ඔහු ජීවත්ව සිටි කාලයට පෙරත් පසුවත් වෙනත් අය විසින් කියන ලද කතා වීමට ඇති ඉඩ කඩද බැහැර කළ නොහැකිය.

කෙසේ වෙතත් ඊසොප් නමින් කතා කියන්නකු සිටි බව ජන ප්රවාදවලින් සහ ඉතිහාසඥ හෙරොඩෝටස් ගේ ලේඛනවලින් පෙනේ. ඇරිස්ටෝටල් ද ඊසොප් ගැන සඳහන් කරයි.ඊසොප් ගේ උපමා කතා බොහොමයක් සතුන් චරිත ලෙස යොදා ගනිමින් මිනිස් ස්වභාවය ස්පර්ෂ කිරීමට දැරූ ගැඹුරු ප්රයත්නයක් ලෙස බොහෝ විචාරකයෝ සලකති. මෙම උපමා කතාවල ආදර්ශයටත් වඩා ලොව පුරා ළමයින් අතර මෙම උපමා කතා ජනප්‍රිය වීමට හේතු වී තිබෙන්නේ අතිශයින් කෙටි එම කතාවල පවතින රසවත් හා අපූර්ව භාවයයි. උපමා කතා යනු කුමක්ද?උපමා කතාවන්හි පරමාර්ථය වන්නේ නපුර පිටු දකින, යහපතට දිරි දෙන, පණිවුඩයක් කුඩා සිද්ධියක් ආශ්රයෙන් පැවසීමය. කතාකරුගේ උපදේශය හැම විටම පාහේ කතාව අවසානයෙහි දැකිය හැකිය.
ඉන්දියාවෙහි ද ඉතා පොහොසත් උපමා කතා සම්ප්රදායක් පවතී. ඊසොප්ට සමකාලීනව හෝ ඊට මඳක් පසුව ඉන්දියාවෙහි උපමා කතා කලාව ආරම්භ වන්නට ඇතැයි සැලකේ. ග්‍රීසියේ සහ ඉන්දියාවේ උපමා කතා සාහිත්‍යාංග එකිනෙකින් පෝෂණය ලැබූවකට වඩා වෙන වෙනම ආරම්භ වී ස්වාධීනව වැඩී ගිය ඒවා බව පොදු පිළිගැනීමය.විෂ්ණු ෂර්මන් පඬිවරයා ගේ පංච තන්ත්රය සහ බෞද්ධ සාහිත්‍යයේ එන ඇතැම් ජාතක කතා මගින් ඉන්දියන් උපමා කතා කලාවේ ස්වරූපය සහ ගැඹුර වටහා ගත හැකිය.
ඉගෙනීමට උනන්දුවක් නැති රාජ කුමාරවරුන් කිහිප දෙනකුට රාජ්‍ය පාලනයට හැකිවන ඉගෙනුමක් ලබා දෙන මෙන් ඔවුන්ගේ පිය රජතුමා තමා ගෙන් කළ ඉල්ලීමකට අනුව විෂ්ණු ෂර්මන් පඬිතුමා ඔවුන්ට පංච තන්ත්රයේ එන මෙම කතා පවසා ඇත. ඒ, එම උපමා කතා මගින් කුමාරවරුන්ට හොඳ නරක, යුතු අයුතුකම් සහ සමාජයේ ජීවත් විය යුතු අන්දම අවබෝධ වනු පිණිසය. පංච තන්ත්රයෙහි එන උපමා කතා සියල්ලෙහිම පාත්‍ර වර්ගයා සතුන්ය.