ඊසොප්ගේ උපදේශ කථා

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඊසොප්ගේ උපදේශ කථා

    ඊසොප් යනු උපමා කතාවේ පියා ලෙස සැලකෙන තැනැත්තාය. ඔහු ජීවත් වූයේ යයි සැලකෙන්නේ ක්‍රි. පූ. 620 -560 අතර කාලය තුළ ග්‍රීසියේය. පළමුව වහලෙකුව සිටි ඔහු පසුව නිදහස් පුර වැසියකු වූ බව ජන ප්‍රවාදවල සඳහන්ය.උපමා කතා සිය ගණනක් ඊසොප් විසින් කියන ලද කතාන්දර ලෙස ඔහුගේ නමට කර්තෘත්වය පවරා ඇතත් මින් සමහරක් ඔහු ජීවත්ව සිටි කාලයට පෙරත් පසුවත් වෙනත් අය විසින් කියන ලද කතා වීමට ඇති ඉඩ කඩද බැහැර කළ නොහැකිය.
    කෙසේ වෙතත් ඊසොප් නමින් කතා කියන්නකු සිටි බව ජන ප්‍රවාදවලින් සහ ඉතිහාසඥ හෙරොඩෝටස් ගේ ලේඛනවලින් පෙනේ. ඇරිස්ටෝටල් ද ඊසොප් ගැන සඳහන් කරයි.ඊසොප් ගේ උපමා කතා බොහොමයක් සතුන් චරිත ලෙස යොදා ගනිමින් මිනිස් ස්වභාවය ස්පර්ෂ කිරීමට දැරූ ගැඹුරු ප්‍රයත්නයක් ලෙස බොහෝ විචාරකයෝ සලකති. මෙම උපමා කතාවල ආදර්ශයටත් වඩා ලොව පුරා ළමයින් අතර මෙම උපමා කතා ජනප්‍රිය වීමට හේතු වී තිබෙන්නේ අතිශයින් කෙටි එම කතාවල පවතින රසවත් හා අපූර්ව භාවයයි. උපමා කතා යනු කුමක්ද?උපමා කතාවන්හි පරමාර්ථය වන්නේ නපුර පිටු දකින, යහපතට දිරි දෙන, පණිවුඩයක් කුඩා සිද්ධියක් ආශ්‍රයෙන් පැවසීමය. කතාකරුගේ උපදේශය හැම විටම පාහේ කතාව අවසානයෙහි දැකිය හැකිය.
    ඉන්දියාවෙහි ද ඉතා පොහොසත් උපමා කතා සම්ප්‍රදායක් පවතී. ඊසොප්ට සමකාලීනව හෝ ඊට මඳක් පසුව ඉන්දියාවෙහි උපමා කතා කලාව ආරම්භ වන්නට ඇතැයි සැලකේ. ග්‍රීසියේ සහ ඉන්දියාවේ උපමා කතා සාහිත්‍යාංග එකිනෙකින් පෝෂණය ලැබූවකට වඩා වෙන වෙනම ආරම්භ වී ස්වාධීනව වැඩී ගිය ඒවා බව පොදු පිළිගැනීමය.විෂ්ණු ෂර්මන් පඬිවරයා ගේ පංච තන්ත්‍රය සහ බෞද්ධ සාහිත්‍යයේ එන ඇතැම් ජාතක කතා මගින් ඉන්දියන් උපමා කතා කලාවේ ස්වරූපය සහ ගැඹුර වටහා ගත හැකිය.
    ඉගෙනීමට උනන්දුවක් නැති රාජ කුමාරවරුන් කිහිප දෙනකුට රාජ්‍ය පාලනයට හැකිවන ඉගෙනුමක් ලබා දෙන මෙන් ඔවුන්ගේ පිය රජතුමා තමා ගෙන් කළ ඉල්ලීමකට අනුව විෂ්ණු ෂර්මන් පඬිතුමා ඔවුන්ට පංච තන්ත්‍රයේ එන මෙම කතා පවසා ඇත. ඒ, එම උපමා කතා මගින් කුමාරවරුන්ට හොඳ නරක, යුතු අයුතුකම් සහ සමාජයේ ජීවත් විය යුතු අන්දම අවබෝධ වනු පිණිසය. පංච තන්ත්‍රයෙහි එන උපමා කතා සියල්ලෙහිම පාත්‍ර වර්ගයා සතුන්ය.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    විශ්වවිද්‍යාල මහාචාර්යවරයාගේ සිට ඈත දනව්වක නූගත් ගොවියා දක්‌වා හොඳින් දන්නා පරපුරෙන් පරපුරට කියාදෙන "නරියා සහ මිදිවැල" කපුටා සහ කේජු කෑල්ල, ඉබ්බා සහ හාවාගේ ධාවන තරගය, මස්‌ කැටියට රැවටුණු බල්ලාගේ කතාව වැනි අතිශයින් ජනප්‍රිය උපමා කතා අපගේ ව්‍යවහාරයේ පමණක්‌ නොව විවිධ රටවලද භාවිතයේ පවතී. ඒවා ඒ ඒ රටවල දේශජ නිර්මාණ බවට පත්ව තිබේ. පුරාණයේ පටන් ගී්‍රක හා ලතින් සාහිත්‍යවල තිබී ප්‍රචලිතව ගිය මෙබඳු කතාන්තර පන්සියයකට වැඩි ගණනක්‌ දක්‌නට ලැබේ. මේ හැම කතාවක්‌ම කුඩා ළමුන්ගේ පවා සිත් තදින් ඇද බැඳගන්නා ආකාරයට ගෙතී ඇති අතර බෙහෙවින්ම උපදේශාත්මක බවකින්ද යුතුවේ.

    මේ උපදේශ හා උපමා කතා කරු ඊසොප් වන අතර ඔහු අන්වර්ථ නාමයකින් හැඳින්වුණු පුද්ගලයකුද යන්න නිශ්චිතව නිගමනය කළ නොහැක. එවක උපදේශ කතා එල්බ තබන ලද එක්‌තරා නාම මාත්‍රයක්‌ සේද සමහරු මොහු සලකනු ලබයි. එබඳු අයකු නොසිටි බවද ජනතාව විවිධ අවස්‌ථාවලදී ගොතනලදුව ව්‍යවහාරයේ පැවැති කතා එක්‌කොට ඒවා ඊසොප්ගේ නාමයෙන් ප්‍රසිද්ධියට පත්කරන්නට ඇතැයිද අදහස්‌ කෙරේ.

    ක්‍රි.පූ. 8 වන සියවසේ තරම් කාලයක ගී්‍රසියේ ජීවත් වූ පුද්ගලයකු ලෙස ඊසොප් පිළිබඳ දුර්ලභ ගණයේ තොරතුරු ස්‌වල්පයක්‌ අනාවරණය වී ඇත. ගී්‍රසියේ විසූ සප්ත මහා පඬිවරුන් අතර අද්විතීය ගණයෙහිලා ගැනෙන සෝලෝන්, තේලීස්‌ වැනි දාර්ශනිකයන්ගේ ගණයටම සැලකිය හැකි වන කෙනෙකු ලෙස මොහුද ජනප්‍රවාදයේ සඳහන් වෙයි. හෙරෝඩෝටස්‌ නම් ඉතිහාසකරුගේ සටහන්වල මොහු ගැන දැක්‌වෙයි. ඒ අනුව ඊසොප් වහලෙකි. කතන්දර ගොතන ඊසොප් යනුවෙන් එහි එන විස්‌තරයන් අනුව මේ එකම පුද්ගලයකු ලෙස සිතිය හැකිය. වහලෙකු ලෙස ඉයෑඩ්මෝන් නමැත්තකු ළඟ සේවය කොට ඇත. ඇරිස්‌ටෝටල් විසින් ලියනලද "සේමියන්වරුන්ගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව" නම් කෘතියේ විස්‌තරවලට අනුවද ඔහු වහලෙකු ලෙස ජීවත්ව ඇති අතර "ගොළු ඉයෑඩ්මෝන්" නමැත්තා විසින් වහල් බවින් මුදාගෙන ඇත. හෙරෝඩෝටස්‌ විසින් ලියනලද කෘතියක "රොඩෝපිස්‌" නම් අභිසාරිකාවක පිළිබවඳ කෙරෙන විස්‌තර සමග ඊසොප් ගැනද සඳහන් වෙයි. කතන්දර ගොතන ඊසොප් යනුවෙන් එහි එන අතර ඔහු එවක සමාජය තුළ ජනප්‍රියව සිටි අයකු බවද කියෑවේ. සමහර තොරතුරු වලට අනුව 6 වන සියවසේ මධ්‍ය භාගය ඊසොප් ජීවත් වූ යුගය ලෙස සැලකේ.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බල්ලා සහ සෙවනැල්ල
    බල්ලෙකුට මස් කැබැල්ලක් ලැබී එය නිවෙසට ගෙන ගොස් සාමයෙන් භුක්ති විඳිමි යැයි සිතුවේය. මෙසේ යන ඌ හට දියපහරක් හරහා දමා තිබූ ඒදණ්ඩක් මතින් යෑමට සිදුවිය. ඌ ඒදණ්ඩ මතින් දියපහර කරණය කරත්ම, පහළවූ දිය මත උගේම ඡායාව දිටීය. ඒ ඌ දුටුවේ තවද මස් කැබැල්ලක් දරාගත් තවද බල්ලෙකු යැයි සිතූ ඌ එයද හිමි කරගනිමී යැයි අදිටන් කරගති. එනිසා දියේ වූ ඡායාව වෙත ගොරවමින් බුරන්නට වූ අතර එසේ කිරීමට මුව විවර කරත්ම උගේ මුවෙහි වූ මස් කැබැල්ල ගිලිහී දියට වැටී ගිලී ගොස් අහිමි ව ගියේය.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    සරල හා වහා ග්‍රහණය කරගත හැකි තියුණු සමාජ ප්‍රහාරයන් ඔහුගේ උපමා කතාවල ඇත. ලොව පුරා ප්‍රචලිත බොහෝ උපමා කතා මොහුගේය. සතුන් පිළිබඳව ගෙතුන කතා බහුලව දක්‌නට ඇති අතර ඒවායේ බොළඳ ස්‌වරූපය ඉක්‌මවා ගිය දාර්ශනික හරයක්‌ ගැබ්විය. මනුෂ්‍ය ස්‌වභාවය පිළිබඳව දැඩි අවබෝධයක්‌ හා බහුශ්‍රැත බවක්‌ ඔහුට විය. සමාජ දේශපාලනික යථාර්ථය මැනවින් ග්‍රහණය කොටගත් කතාද මේ අතර ඇත. "ඔහුගේ දේශපාලන කිනිතුල්ලෝ" නමැති කතාව එවැන්නකි.

    "...ගඟකින් එතෙර වෙමින් සිටි සිවලෙක්‌ සැඩ පහරකට හසුව දොරුවකට ගසාගෙන ගියේය. ඌට ගොඩට ඒම අසීරු විය. මේ අතර එහි ළඟාවූ ඉත්තෑවෙකු හිවලාගේ ඇඟෙහි සිටින කිනිතුල්ලන් ගලවා දමන්නදැයි ඇසීය. සිවලා ඊට අකමැති විය. එසේ අකමැති වන්නේ කුමක්‌ නිසාදැයි ඉත්තෑවා අසයි. දැනට ඇඟෙහි සිටින කිනිතුල්ලන් ලේ උරාබී බඩවල් පුරවා ගෙන ඇති නිසා උන් ගලවා දැමුවොත් තවත් රංචුවක්‌ පැමිණ ලේ උරාබොනු ඇතැයි සිවලා කීවේය.

    මෙම කතාවෙන් ඊසොප් සෝමෝස්‌ වැසියනට කීවේ ඔවුන් විසින් විනිශ්චය කොට එක්‌තරා දේශ පලානඥයකු මරා දැමීමට සූදානම්ව සිටී නිසා එය නොකරන ලෙසටයි. දැනට එම දේශපානඥයා ධනවත්ව ඇති නිසා ඔහුගෙන් තවත් කරදර සිදුනොවන බවත් ඔහු මරා දැමුවහොත් "බඩගින්නේ" ඉන්නා තවත් පිරිසක්‌ ඒ තැන ගන්නා බවත්ය. එවිට භාණ්‌ඩාගාරය හිස්‌වන තුරු ඔවුන් සොරකම් කරන බවත්ය.

    මෙබඳු කතා වලින් සමාජ විවරණයෙහිලා ඊසොප් තුළ වූ අපූර්ව කුසලතාව මැනවින් පැහැදිලිවෙයි. පසුකාලය වන විට ඊසොප් ගැනත් ඔහුගේ කතා ගැනත් අද්විතීය කීර්තියක්‌ පැතිර යන්නට විය. ගී්‍රසියේ සහ ඇතන්ස්‌හී ඔහු බෙහෙවින් කතාබහට හා සැලකිල්ලට පාත්‍රවිය. ඔහු විරූපී වුවද ක්‍රියාකාරකම් වලින් හා කථනයෙන් වහා සිත් ඇදගන්නා පුද්ගලයකු බවට පත්විය. කතා කරන සතුන් යොදා ගනිමින් සිය අන්තර් ඥනයේ තීක්‍ෂණ භාවය ප්‍රකට කෙරෙන කතන්තර රාශියක්‌ ඔහු ගොතා ඇත.

    ඊසොප් මනුෂ්‍ය ස්‌වභාවය මනා පැති කඩක්‌ සේ සැලකිය හැකි යයි විචාරකයෝ දක්‌වති. විවිධ වූ මානුෂීය ස්‌වභාවයෙන් ඔහුගේ කතා මගින් කියාපායි. සමහර තත්කාලීන දාර්ශනිකයනට පහර වදින ආකාරයෙන් පොදුජන විඥනය විදහා දක්‌වන රචනා මේ කතා අතර වෙයි. ඔහු දක්‍ෂ කථිකයකු වූ බව නිසැකය. ඔහු තුළ වූ චතුර බව මෙම කතා නිර්මාණයට ඉවහල් වන්නට ඇත. සිය අදහස්‌ කියා පෑමේදී ඒවා අන්‍යයන් තුළ තහවුරු කර ඇත්තේ උපමා කතා මගිනි. මේ සෑම කතාවකින්ම කිසියම් මහඟු ආදර්ශයක්‌ දීමට ඔහු අමතක කොට නැත.

    අද අපේ ව්‍යවහාරයේද පවතින බොහොමයක්‌ කතා ඊසොප්ගේය. සමාජයේ සිටින කපටි, වංචනික පුද්ගලයන් මෙන්ම අහිංසක අසරණයන් පිළිබඳවද සතුන් යොදා ගනිමින් ගොතන ලද කතා රසවත් පමණක්‌ නොව තියුණු ප්‍රහාරයන් බඳුය. විවිධ සාහිත්‍යයන්හි කිඳී බැඳීගිය මේ කතා ඊසොප් නමැත්තකු විසින් ගොතන ලදැයි කීම පවා පුදුම සහගත වීමට තරම් දේශජ බවකින් යුතුව තිබේ.

    මෙම ලෝක ප්‍රකට අසහාය උපමා කතාකරුගේ අවසානය අවාසනාවන්ත ලෙස සිදුවී යයි සිතිය හැකි සාධක බොහෝය. ඇරිස්‌ටෝටල් දෙබරු නමැති සිය නාට්‍යයෙහි ඊසොප් ඇපලෝ දෙවොලින් රන් කුසලානයක්‌ සොරා ගැනීම නිසා ඩොල්පි වැසියන් කිපී ඔහු මරා දමන්නට උත්සාහ ගත් බව දක්‌වයි. "රාජාලියා සහ කුරුමිණියා" පිළිබඳ උපමා කතාව ඔවුන්ට කියා ඊසොප් නිදහස ඉල්ලා සිටි බව එහිම දැක්‌වෙයි. ප්ලුටාක්‌ දක්‌වන ලෙස ඊසොප් ඩොල්පිවරුන්ගේ සිත් රිදවන ලද බැවින් කන්දකින් පහළට දමා මරණයට පත්කර ඇත. ඔහුගේ අවසන් කාල තොරතුරුවලට අනුව මරණය සිදුව ඇත්තේ අකාලයේ බව පෙනේ.

    එසේ වුවද ඊසොප්ගේ උපමා කතා අද ලොව දස දෙස විවිධ තරා තිරමේ පුද්ගලයන් විසින් භාවිත කරනු ලබන අතර ඒ ඒ රටවල ජන සාහිත්‍යයන්හි සදානුස්‌මරණීයව ර¹ පවතිනු ඇත. පරපුරින් පරපුරට දායාද වනු ඇත.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    බල්ලා හා සෙවනැල්ල


    බල්ලෙකුට මස් කැබැල්ලක් ලැබී එය නිවෙසට ගෙන ගොස් සාමයෙන් භුක්ති විඳිමි යැයි සිතුවේය. මෙසේ යන ඌ හට දියපහරක් හරහා දමා තිබූ ඒදණ්ඩක් මතින් යෑමට සිදුවිය. ඌ ඒදණ්ඩ මතින් දියපහර කරණය කරත්ම, පහළවූ දිය මත උගේම ඡායාව දිටීය. ඒ ඌ දුටුවේ තවද මස් කැබැල්ලක් දරාගත් තවද බල්ලෙකු යැයි සිතූ ඌ එයද හිමි කරගනිමී යැයි අදිටන් කරගති. එනිසා දියේ වූ ඡායාව වෙත ගොරවමින් බුරන්නට වූ අතර එසේ කිරීමට මුව විවර කරත්ම උගේ මුවෙහි වූ මස් කැබැල්ල ගිලිහී දියට වැටී ගිලී ගොස් අහිමි ව ගියේය.

    ඡායාවෙහි දකින දේ හිමි කර ගැනීමට යාමෙන් අත ඇති දේ අහිමි නොකර ගන්න.

    සිංහයා හා මීයා


    දිනෙක සිංහයෙක් නිදියමින් සිටින විටෙක මීයෙක් ඌගේ සිරුර මතින් එදෙසට මෙදෙසට දුවන්නට විය; වැඩි වේලාවකට පෙර මේ නිසා අවදිවූ සංහයා උගේ විසල් අත්ල දිගුහැර මීයා අල්වා උගේ බියකරු මුව විවර කර මීයා ගිල දැමීමට සැරසුණි. "සමාව දුන මැනවි, රාජෝත්තමයාණනි," යැයි කුඩා මීයා බියෙන් මුසපත්ව හඬ නැගීය: "මා හට මේ වතාවට සමාව දෙන්න, මම කිසිදා එය අමතක නොකරමි: කවුරුන්ද දන්නේ මෙයට ප්‍රතිඋපකාර වශයෙන් යම් දිනෙක මට ඔබට කුමක් කරන්නට ලැබෙයිද කියා?" මීයා තමාහට උදවු කිරීමට ඇති හැකියාව ගැන සිතමින් සිංහයාට කෙතරම් විනෝදයට පත් වූවාදයත්, සිය අත්ල දිගහැරි ඌ මීයා නිදහස් කලේය. ටික කලකට පසුව, රජතුමා වෙත ඌ පණපිටින් අල්වා ගෙන ගොස් තෑගිකරමී යැයි සිතූ දඩයක්කාරයන් ඇටවූ උගුලකට අසුවූ සිංහයා ගසක බඳිනු ලදුව දඩයක්කාරයෝ ඌ රැගෙන යා හැකි රථයක් සෙවුමට නික්ම ගියහ. එවිටම මෙම ස්ථානය පසුකරමින් සිටි මීයා, සිංහයා වැටී සිටි දුඃඛිත තත්ත්වය දෑක, වහා පැමිණ කැලේ රජා බැඳ දමා තිබූ මහා රැහැන් සපා දමා බැමි ලිහීය. "මම එදා කී කථාව නිවැරැදි නොවේද?" කුඩා මීයා විමසා සිටියේය.


    කුඩා මිතුරන් යම් දිනෙක මහා මිතුරන් බවට පසක් විය හැක




    දරකපන්නා හා සර්පයා


    ශීත කාලයේ එක් දවසක දරකපන්නෙක් විඩාපත්ව නිවෙස බලා පිය නගමින් සිටි විටෙක හිම මත යම් කළු පැහැති දෙයක් තිබෙනු දිටීය. එම තැනට වඩාත් කිට්ටුවත්ම ඔහු දුටුවේ මිය ඇදෙමින් සිටි සර්පයෙකුයි. එනමුදු එය සියතට ගත් හේ උණුසුම් කරනු වස් එය ලපැත්තේ රුවා හණිකට නිවෙස වෙත දිව ගියේය. නිවෙස වෙත පැමිණි වහාම හේ සර්පයා ගින්න අබියසින් උදුන මත තැබීය. දරුවන් ඌ දෙස විමසිල්ලෙන් බලාසිටි අතර ඌ සෙමෙන් හා කෙමෙන් පණ ලබන බව දුටහ. එවිය එක් දරුවෙක් ඉදිරියට විත් නැමී ඌ පිරිමදින්නට විය, එනමුදු සිය හිස එසවූ සර්පයා උගේ විසදත් විදහා දරුවාට මරු කැඳවන පහරක් එල්ල කිරීමට සැරසුණි. එවිට දරකපන්නා තම පොරව සුරතය ගෙන, එක් පහරකින් සර්පයා දෙපළු කලේය. "අහෝ," හේ පැවසීය,

    "අසත්පුරුෂයන්ගෙන් කෙළෙහිගුණ පැතිය නොහැක."



    සිවලා හා එළුවා


    පූර්ව කර්මයක් හේතුවෙන් දෝ ගැඹුරු ළිඳකට වැටුනු සිවලෙක් එයින් ගොඩ එනු බැරිව ලතවෙමින් සිටියේය. ටික වේලාවකින් එදෙසින් ගිය එළුවෙක් සිවලාගෙන් විමසා සිටියේ ඌ ලිඳ තුල කුමක් කරන්නේද යන්නයි. "අහෝ, ඔබ මේ පිළිබඳ අසා නැතිද?" හිවලා පිළිතුරු දුනි; "මහා නියඟයක් පැමිණෙමින් පවතියි, මා මේ තුලට පැන්නේ දිය අසලටම වී සිටීමෙන් එයට මුහුණ දිය හැකි වන පරිදිය. ඔබත් මෙහි පැමිණ මා සමග එක් නොවන්නේ මන්ද?" උපදේශය හිස් මුදුනින් භාර ගත් එළුවා, ලිඳ තුලට පැන්නේය. එනමුදු වහා ක්‍රියාකාරී වූ සිවලා, ඇයගේ පිට මතට පැන ඇයගේ මහත් වූ අං මතට තම කකුල් තබා ලි‍ඳේ ගැටියට පැන ගැනුමට සමත් විය. "ආයුබෝවන්, මිතුරියණි," තෙපලූ සිවලා, "ඊළඟ වතාවේ මතක තබා ගන්න,

    අවදානමෙහි වැටී සිටින පුද්ගලයෙකුගේ අවවාද කිසිදිනක නොපිළිගන්න
    ."



    නගරබද මීයා හා ගම්බද මීයා


    නගරබද මීයා එකමත් එක කාලයක ගම් පලාතේ පිහිටි ගම්බද මීයාගේ නිවහනට නෑගම් ගියා. ගම්බද මීයා බොහෝම අමාරුවෙන් වේල පිරිමහාගත්තත් උගේ නගරබද ඥාති සොහොයුරාව ඉතාමත් ප්‍රිය කල නිසා ඉතා හරසරින් පිලිගත්තා. බෝංචි ඇට හා බේකන් සමග කේජු හා පාන් පමණක් ඔහු සතුව තිබුනත් ඒවා ඇතිතරම් කෑමට හැකි වන ලෙස මේසය පිළියෙල කලා. නගරබද මීයා උගේ දිගු නැහැය මෙම ගම්බද කෑම මේසය මත යවමින් මෙසේ කිව්වා : "ඥාති සොහොයුර, මට හිතාගන්නටවත් බැහැ මේ වගේ අසාර කෑම වර්ග බුදිමින් ඔබ කෙසේ කල් ගෙවනවද කියා, අනික් අතට බැලුවම ගම්බද පලාතක තව මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්; ඔබ මාත් සමග පැමිණුනොත් නියම ජීවිතය කුමක්ද කියා පෙන්වන්නම්. ඔබ නගරයේ එක් සතියක් ගතකලොත් ඔබට සිතෙයි මෙපමණ කල් ගම්බද ගත කල ජීවිතය කෙතරම් කටුකද කියා." ඉතා ඉක්මනින් කටයුතු සිදුවුනා: මීයන් දෙදෙනා නගරය බලා පිටත්වී රාත්‍රී යාමයේදී නගරබද මීයාගේ නිවහනට ලඟා වුනා. "දිගු ගමණකින් පසුව ඔබට කුසගිනි ඇතිනේ," යැයි පැවසූ ආචාරශීලී නගරබද මීයා ප්‍රධාන භෝජනාගාරයට උගේ මිතුරා රැගෙන ගියා. කදිම භෝජන සංග්‍රහයක ඉතිරිය එහිදී උන්ගේ නෙත් හමුවේ දිස් වුනු අතර මීයන් දෙදෙන ලහි ලහියේ ජෙලි වර්ග හා කේක් වර්ග හා අනර්ඝ සියළු දෑ අනුභව කිරීමට පටන් ගත්තා. එක්වරම ඔවුන්ගේ සවනත වැකුනේ ගෙරවිලි හා බිරුම් හඬකි."ඒ කුමක්ද?" ගම්බද මීයා විමසුවා. "ඒ මේ ගෙදර බල්ලන්ගේ සද්දෙ පමණයි," අනෙකා පිළිතුරු දුන්නා. "පමණයි!" ගම්බද මීයා පැවසුවා. "මගේ රාත්‍රී ආහාරය අතරතුර ඒ නාදය අසන්නට නම් මම රිසි නැහැ." එවිටම දොර කඩාගෙන විශාල බලු තඩියන් දෙදෙනෙක් කඩා පැන්න විට මීයන් දෙදෙනාට පණ බේරා ගෙන පැන දුවන්නට සිදු වුනා. "ආයුබෝවන්,සහෝදරයා" යැයි ගම්බද මීයා පැවසුවා, "අයියෝ! ඇයි මේ හණිකට ආපසු යන්නේ?" අනෙකා විමසුවා. "ඔව්," හේ පිළිතුරු දුන්නා;

    " කේක් වර්ග හා රස බීම භීතියෙන් භුක්ති විඳීමට වඩා
    බෝංචි ඇට හා බේකන් කෑලි සාමයෙන් වැලඳීම සැපයි."



    බියගුලු දඩයක්කාරයා


    සිංහයෙකුගේ අඩිපාර සොයා ගිය දඩයක්කාරයෙකුට දර කපන්නෙක් හමුවිය. ඔහු දර කපන්නාගෙන් සිංහයාගේ ගුහාව පිළිබඳ විමසීය. පිළිතුරු ලෙස ගුහාව නොවේ සිංහයාම පෙන්වීමට තමාට හැකි යැයි දර කපන්නා පැවසීය. මෙය ඇසූ දඩයක්කාරයා බියෙන් සුදුමැලි වී "නෑ නෑ මම සොයන්නේ සිංහයා නොවේ උගේ අඩිපාර" යැයි පැවසීය.

    කටින් මිස ක්‍රියාවෙන් හපන්කම් නොපෙන්වන බිය ගුල්ලන්ගේ උදාරම් වචන පුහුය.
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    වෘකයා සහ කොකා
    මරාගත් සතෙකු ගිල දමමින් සිටි වෘකයකුගේ උගුරේ කටුවක් හිර වුණේය. මේ නිසා ඌට ආහාර ගැනීමට නොහැකිව උගුර දැඩි සේ රිදුම් දෙන්නට විය.වේදනාවෙන් ගොරවමින් හා කෙඳිරිගාමින් සහනයක් පතා එහෙ මෙහෙ දුවන්නට වූ වෘකයා ‘මේ කටුව අරන් දානව නම් මං ඕනම දෙයක් දෙන්නම් ‘ කියමින් හමුවන හැම සතෙකුම කටුව ඉවත් කිරීම සඳහා පොළඹවා ගැනීම ට වෑයම් කළේය. කොකා අන්තිමේදී වෘකයාගේ ඉල්ලීමට එකඟ විය. තම පසෙකින් වැතිරී හැකිතාක් හකු පාඩා පළල් කොට කට ඇරගෙන ඉන්නැයි වෘකයාට කී කොකා තම දිගු හොටය වෘකයා ගේ උගුර ඇතුළට දමා එහි හිරවී තිබුණු කටුව ගත්තේය.‘කරුණාකරල පොරොන්දු වුණු තෑග්ග දැන් මට දෙනවද?‘ කොකා විමසා සිටියේ ඉන් පසුවය. ‘ ලද දෙයින් සතුටු වෙනවා. ‘ තම තියුණු දත් පෙන්වමින් නියවා විලිස්සූ වෘකයා කීය. ‘ඔහේ වෘකයකුගෙ කට ඇතුළට ඔළුව දාල යහතින් ආපහු අරගෙන තියෙනව. තෑග්ගක් විදියට ඒකම මදිද?‘
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    එකමත් එක රටක වෘකයෙක් ජීවත් විය. දිනක් ඌ ගඟකට බැස දිය බොමින් සිටින විට එම ගෙඟහිම දිය බොන බැටළු පැටියෙකු දුටුවේය. බැටළු පැටවා මරා කෑමට තීරණය කළ වෘකයා ඒ සඳහා හේතුවක් සෙවීය. ”ඒයි, දුෂ්ඨ බැටළුවා, උඹ බය සැක නැතුව මා බොන වතුර බොර කරනවා නේද? මේ වරදට මම නුඹව මරා දමනවා.” එවිට බැටළු පැටියා කීවේ ”අවසර දේවයන් වහන්ස, ගැත්තා දිය බොන්නේ ඔබ වහන්සේ දිය පානය කරන ස්ථානයට පහළින් ” කියාය. වැඬේ වැරදුණු බව දුටු වෘකයා මෙසේ කීය. ”ඒක හරි. නමුත් මීට අවුරුද්දකට කලින් උඹ මා බොන වතුර බොර කළා. ඒ නිසා උඹට මරණ දඬුවම දිය යුතුයි.” කරුමයට මෙන් බැටළු පැටවාට එයටද විත්තිවාචකයක් තිබිණි. ”බය බෝයි දේවයන් වහන්ස, මා ඉපදිලා තවමත් මාස තුනයි.”එවරත් වැඬේ වැරදුණු බව දුටු වෘකයා, ”එහෙනම් ඒ උඹේ තාත්තා වෙන්නට ඇතැයි ” කියා තවත් කතා කිරීමට බැටළු පැටවා කට ඇරීමට පෙර තම කට ඇර ඒ තුළ අසරණ බැටළු පැටවා සඟවා ගත්තේය.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    එකිනෙකාට අසල්වැසියන් ලෙස ජීවත්වූ ගෙම්බෝ දෙදෙනෙක් වූහ.එකෙක් ජීවත් වූයේ ගෙම්බන් මහත්සේ ප්‍රිය කරන ඇති තරම් වතුර ඇති වගුරු බිමකය.අනෙකා ජීවත් වූයේ වැහි වතුරෙන් කුඩා දියකඩිති පිරී ගිය එක්තරා මාර්ගයක මදක් නොදුරෙනි.
    මඩ වගුරේ වැඩියෙන් වතුර ඇති ස්ථානයේ සිටි ගෙම්බා අනෙකාට අනතුරු ඇඟවීමක් කරමින් තමා සමඟ එකට ජීවත් වීමට වගුරු බිමට එන්නැයි ඉල්ලීමක් කළේය.එහි බොහෝ පහසුකම් ඇතිබවත් ඊටත් වඩා ආරක්ෂාව අතින් ඉතාම වැදගත් බවත් පෙන්වා දුන්නේය.
    එහෙත් මාර්ගයේ වැහි දිය කඩිතිවල සිටි ගෙම්බා එය ප්‍රතික්ෂේප කළේය.තමා කාලයක් පුරුදු පුහුණු වූ සැප පහසු ස්ථානය හැර ඒමට නොහැකි බව ඌ කීවේය.
    දින කීපයකට පසු බඩු ප්‍රවාහනය කරන විශාල වාහනයක් මාවත දිගේ පැමිණි අතර දිය කඩිති තම වාස භූමිය කරගත් ගෙම්බා රථයේ රෝද අතරට හිරවී තදවී අවසන් හුස්ම හෙළුවේය.

    ආරක්ෂාව සැප පහසුවට වඩා අගනේය........
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    A dog started up a here on a mountain-side and pursued him. Every time he had overtaken him, he would bite him, then turn around and fawn upon him, stroking him as he would a friend. 'Be an honest creature,' said the hare. 'Are you a friend ? If so, why do you bite me? are you an enemy ? why then fawn upon me?
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    A wolf, wandering in a lonely place about the time of sun-set, saw his lengthened shadow and exclaimed, "Fancy a huge creature like myself being scared of a lion. Why I must be all of thirty yards long. Why cannot I become king and rule over all the animals, every single one of them"
    While the wolf was boasting thus about his own size, a mighty lion seized him and sat down to eat him up. Then , all too late , he regretted his brought about y ruin.'
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    An ape asked a fox for part of his tail so that he might decently cover up his own bare buttocks. But the spiteful creature said to him, "Even if my tail should became longer than it is now, still I would sooner drag it through mud and thorns than share a part of it, however small, with you." This fable shows that the miserly man does not gladly part even with what he has in excess..
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    There was once a blind man who, when any living creature was put into his hands, could tell what it was by feeling it.But on one occasion , when someone handed him a wolf-club, he was not certain about it's exact species and remarked, ' I don't know whether it is a young wolf or a fox or some such animal. But of this much I am quite certain , that it is not fit company for a flock of sheep.



    In the same way, a man's evil nature can often be recognized from his physical form...