ඊළඟ පියවර- ආක්‍රමණය?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඊළඟ පියවර- ආක්‍රමණය?

    nQpy0wp.jpg

    කටාර් රාජ්‍ය සමග තිබෙන සියලු රාජ්‍යතාන්ත්‍රික සබදතා අතහැරි සෞදි අරාබියේ ඊළඟ පියවර කුමක්දැයි ලෝක ප්‍රජාව නොඉවසිල්ලෙන් බලාසිටියි.ඔවුන්ගේ ඊළඟ පියවර ආක්‍රමණයක් නම්?ඇයි සෞදි රජය ඒ වගේ පියවරකට යන්නේ? ඉරානය සමග සමීප වීමට එතරම් දරුණු විපාකයක් ගෙවන්නට තරම් දරුණු වරදක්ද?ගල්ෆ් කලාපයේ සබදතා පිළිබද ආයතනයේ ප්‍රධානියා වන අලි අල්-අහමඩ් ට අනුව නම් සෞදියට අවශ්‍යව තිබෙන්නේ කටාර් රාජ්‍ය සතු ධනයයි.

    "මගේ අනුමානයට නම් කටාරය ආක්‍රමණය කරනු ඇත යන්නයි.කටාර්-සෞදි දේශසීමාව ආසන්නයේ හමුදා ක්‍රියාකාරකම්වල ඉහල යෑමක් ගැන මට වාර්තා වුනා.සෞදි මුසලුවෝ සූදානම් වෙනවා(ආක්‍රමණයක් සඳහා)"- අල්-අහමෙඩ්

    අල්-අහමෙඩ් කියන්නේ කිසිවෙක් සිතා සිටිනවට වඩා පුර්වයෙන් කටාර් රාජ්‍යය මහා පරිමාණයේ ආක්‍රමණයකට ලක්වේවි යන්නයි.

    "යේමනයට නිරන්තරයෙන් බෝම්බ හෙළීම ගැන පරීක්ෂාවෙන් සිටින්න.යේමනයට එල්ල වන ගුවන් ප්‍රහාරවල ප්‍රබල අඩුවීමක් හෝ සම්පුර්ණයෙන් නවතා දැමීමක් වූයේ නම් එය සංඥාවකි.එහි අරුත නම් සෞදිය ඔවුන්ගේ හමුදා කටාරයට එරෙහිව පාවිච්චි කිරීමට සූදානම් වන බවයි"- අල්-අහමෙඩ්

    ජනපති ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් රෙක්ස් ට්‍රිලර්සන්(එක්සන් නම් තෙල් සමාගමේ ප්‍රධානියා සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වසර 15ක් සේවය කල සෞදි රාජකීය පවුල සමග සමීප සබදතා ඇති අයෙක්) සෞදියේ කටාර් ආක්‍රමණයට නිශ්ශබ්දව සහාය පළකරාවි- අල්-අහමෙඩ්

    සෞදි අරාබිය විසින් කටාර් රාජ්‍යය ආක්‍රමණය කලහොත් ඊට ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රබලව සහාය පළකරාවි.විශේෂයෙන් කටාර් විරෝධී පෙරමුණේ සිටින බහරේන් රාජ්‍යයේ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන ඇණිය ස්ථානගත කර තිබේ.-අල්-අහමෙඩ්

    yXV62MJ.png

    "සෞදි අරාබීන් කටාර් රාජ්‍යය සමග දැඩි වෛරයකින් පසුවේ.සෞදිය කවදාවත් යේමනයට ස්වාධීන වීමට ඉඩ නොදේවි...බහරේනයද කටාර් රාජ්‍යයට වෛර කරයි" - අල්-අහමෙඩ්

    සෞදි පාලකයන්ට අවශ්‍යව තිබෙන්නේ කටාර් රාජ්‍යයට තමන්ට අවශ්‍ය පරිදි තීරණ ගැනීම එනම් ස්වාධීනව කටයුතු කිරීම සීමා කිරීමටයි.රියාද් පාලනයට අවශ්‍ය පරිදි හැසිරෙන වර්තමාන යේමන රජය හා සමාන තත්ත්වයකට කටාර් රාජ්‍යය පත් කිරීම ඔවුන්ගේ අභිප්‍රායයි.-අල්-අහමෙඩ්

    "සෞදි අරාබිය සතුව ඉලක්ක දෙකක් තිබේ.පළමුවැන්න කටාර් රාජ්‍යය අර්ධ වහල් රටක් බවට පත් කිරීම.දෙවැන්න සෞදි අරාබීන්ගේ ඇස යොමුව තිබෙන්නේ කටාර් සතු දැවැන්ත ස්වභාවික වායු සංචිත කෙරෙහිය.ඔවුන්ට එය අවශ්‍යයයි"අල්-අහමෙඩ් එලෙස ප්‍රකාශ කරන ලදි.


    dDAg2VI.jpg
    කටාර් රාජ්‍යයේ එමීර් හෙවත් එරට ප්‍රධානියා වන ෂෙයික් තමිම් බින් හමඩ් අල් තානි​

    නූතන සෞදි පාලකයා එරට නිර්මාණය කල අබ්ඩෙලසි ඉබන් සෞඩ් රජුගේ පාරේ යමින් ඔහුගේ මූලධර්ම වන සොරකම සහ කොල්ලකෑම යළි අරඹා ඇතිබව පෙනෙන බව අල් -අහමෙඩ් කියා සිටියි.

    "සෞදි අරාබිය නිර්මාණ වූයේ සොරාකෑම සහ මංකොල්ලකෑම යන මූලධර්ම මත පදනම්වයි.ඔවුන් කාන්තාර යාත්‍රිකයෝ සහ මංකොල්ලකරුවන් විය.ඔවුන් කාන්තාර මංපහරන්නන් විය.දැන් ඔවුන්ට ඉතා දරුණු ලෙස මුදල් අවශ්‍යව තිබේ." අල්-අහමෙඩ්

    යේමනයේ යුද්ධයට මැදිහත්ව සිටින සෞදි හමුදාවලට සිතූ තරම් සාර්ථක වීමට නොහැකිව තිබේ.යුද්ධය නිසා සෞදීන්ට සිදුවූ පාඩුවද විශාලය.ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා සෞදිය සෘජුව හෝ වක්‍රව විශාල මුදලක් ඇමෙරිකාවට ගෙවිය යුතුබව ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලිවම සෞදියට කියා තිබේ.

    "සෞදියට දැන් මුදල් අවශ්‍යයි.ට්‍රම්ප් ඔවුන්ට නව මූල්‍ය අභියෝගයක් නිර්මාණය කර තිබේ.ඔවුන් මුදල් අහිමිව යාමෙන් පෙළේ.කෙසේ හෝ සෞදීන් මුදල් සොයාගත යුතුය" -අල්-අහමෙඩ්

    සෞදිය තවමත් සිතා සිටින්නේ කටාර් පාලකයා තමන්ට අවනත වනු ඇතැයි කියා අල්-අහමෙඩ් පවසයි.



    සෞදි අරාබියෙන් කටාරයට අවසන් නිවේදනය​

    7වන දා මාධ්‍ය වාර්තා කලේ සෞදි අරාබිය විසින් කටාර් රාජ්‍යයට අවසන් නිවේදනය නිකුත් කල බවයි.එහි ඉල්ලීම් 10ක් ඇතුලත් වූ බව සඳහන් වේ.මුස්ලිම් සහෝදරත්වය සහ හමාස් සංවිධාන සමග ඇති සියලු සබදතා නවතා දැමීමද ඒවා අතර තිබූබව වාර්තාවේ.ඇමෙරිකානු බලධාරීන් කියන්නේ කටාර් රාජ්‍යය හමුදා ආක්‍රමණයක් බලාපොරොත්තුවෙන් තම හමුදාව ඉහල අවධානයකින් තබා ඇතිබවයි.

    ගල්ෆ් රටවලින් එල්ල විය හැකි හමුදා ආක්‍රමණයකට මුහුණදීමේ සුදානමින් කටාර් හමුදාව ජර්මනියේ නිෂ්පාදිත ලෙපර්ඩ් යුද ටැංකි 16ක් සංචිතවලින් පිටතට ගෙන තිබේ.තම මුහුදු සීමාව උල්ලංඝනය කරන ඕනෑම නෞකාවකට පහරදෙන බව සඳහන් ලිපියක් සෞදිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් ආණ්ඩුවලට කටාර් ආරක්ෂක අමාත්‍යාංශ විසින් යැවූ බව එක්සත් ජනපද නිලධාරියෙක් කියා තිබේ.

    bmuzFPH.jpg

    සෞදි අරාබියේ සල්මන් බින් අබ්ඩුලාසිස් අල් සවුඩි රජු සහ බහරේහි හමඩ් බින් ඉසා අල් කලීෆා රජු

    කටාර් පත්ව තිබෙන තත්ත්වය හමුවේ තුර්කිය ඔවුන්ගේ සහායට ඉදිරිපත්ව තිබේ.ඔවුන් 8වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් කෙටුම්පතට අනුව කටාර් රාජ්‍යයේ තුර්කි හමුදා දියත් කිරීමට හැකියාව ලැබී තිබේ.දෙරට අතර හමුදා පුහුණු සහයෝගීතාවයක් අනුව එම පියවර ක්‍රියාවට නැංවේවි.

    dc4gR9j.png

    කටාරයට පාඩමක් ඉගැන්වීමට ගෙන තිබෙන පියවර සම්බන්ධව ට්‍රම්ප් නම් සතුටින් සිටින බව ඔහුගේ ප්‍රකාශ වලින් පැහැදිලිව පෙනේ.ඒ අනුව ඇමෙරිකාව සිටින්නේ කටාර් විරෝධී පක්ෂයේය.කටාර් අර්බුදයේදී ඊට මැදිහත්කරුවෙක් වන්නට තමන් සූදානම් බව ජනපති ට්‍රම්ප් පවසා තිබේ.බදාදා දින කටාර් එමීර්වරයා සමග දුරකතන සංවාදයක යෙදුණු ට්‍රම්ප් කියා තිබෙන්නේ මෙම ප්‍රශ්නය විසඳීමට ගල්ෆ් රටවලට ධවල මන්දිරයේ වුවද සමුළුවක් පැවැත්වීමට තමන් සූදානම් බවයි.

    yckdeMH.jpg

    කෙසේවෙතත් ට්‍රම්ප් මෙම අර්බුදය ආරම්භයේදී කටයුතු කලේ පක්ෂග්‍රාහීවයි.ඔවුන් කල එකම දේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීම පමණි.ඊට හේතුව මේ අර්බුදය ඔස්සේ ඔවුන් අනාගතයේදී ලාභයක් උපයාගන්නට බලාපොරොත්තු වන බවයි.ඇමෙරිකානු මැදිහත්වීම ගැන කටාරය මහත් සේ තෘප්තියට පත්වන්නේ නැත.තත්ත්වය ඉතා සැකසහිත බව දෝහා රජය අවබෝධ කරගෙන සිටියි.

    කටාර් විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් මොහම්ඩ් බින් අබුඩුල් රහ්මන් බිම් ජැස්මි අල් තානි එළඹෙන සෙනසුරාදා මොස්කව් නුවර බලා යනු ඇත.රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව් රෝයි සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.කටාර් විදේශ අමාත්‍යවරයාගේ මොස්කව් ගමන ඔස්සේ ලබාදෙන සංඥාව වන්නේ එරටද තුර්කි- ශෛලියේ පියවරක් අනුගමනය කරමින් රුසියානු-දිශානතියක් සහිත කණ්ඩායමට එක්වීමට උත්සාහ කරන බවකි.

    1NldhvB.jpg
    ජනපති ට්‍රම්ප් කටාර් එමීර්වරයා හමුවූ අවස්ථාව​

    මේවන විටත් සයිබර් අවකාශය තුල දෙපාර්ශ්වයේ සටන ඇරඹී තිබෙන බව වාර්තා වේ.කටාර් -මූලික කරගත් අල් ජසීරා මාධ්‍ය ජාලය ඊයේ දිනයේ ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ සියලුම පද්ධති මහා පරිමාණ සයිබර් ප්‍රහාරයකට මුහුණ දී ඇතිබවයි.ඔවුන්ගේ මාධ්‍ය ජාලයේ වෙබ් අඩවි,සමාජ ජාල ප්ලැට්ෆෝම්ස් ඒ අතර වේ.මෙම සයිබර් ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට ඔවුන් උත්සහ ගන්නා බව ආයතනයේ බලධාරීන් ප්‍රකාශ කර සිටියද කලාපයේ සමහර පාරිභෝගිකයින් චෝදනා කරන්නේ ඔවුන්ට තවදුරටත් අල් ජසීරා රූපවාහී සේවය දර්ශනය නොවන බවයි.

    9gYOqhh.jpg

    කටාර් අර්බුදය කරළියට පැමිණියේ එරට එමීර්වරයා විසින් ඉරානය සහ පලස්තීනයේ හමාස් සංවිධානයට පක්ෂපාතිව සිදුකල ප්‍රකාශයක් රාජ්‍යය පුවත් සේවා වෙබ් අඩවියක පළවිම නිසා යැයි කියවේ.නමුත් කටාර් රජය කියන්නේ එම වෙබ් අඩවියට ඇතුලුවූ පිටස්තරයෙක් විසින් අසත්‍යය පුවතක් ප්‍රසිද්ධ කර තිබෙන බවයි.චෝදනාව එල්ල වූයේ සුපුරුදු පරිදි රුසියානු හැකර්වරුන් දෙසටයි.නමුත් රුසියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කලද අර්බුදයට මුල රුසියානු හැකර්වරුන් බවට මතයක් බටහිර මූලික කරගත් පුවත් සේවා,වෙබ් අඩවි සහ රූපවාහී නාලිකා ඔස්සේ මේවන විටත් නිර්මාණය කර තිබේ.

    "අපි යටත් වන්නට සූදානම් නැහැ.අපගේ විදේශ ප්‍රතිපත්තියේ ස්වාධීනත්වය කිසිදාක යටත්වන්නට ඉඩ දෙන්නේ නැහැ" - කටාර් විදේශ අමාත්‍ය අල්-තානි

    7bqxcUy.jpg
    කටාර් විදේශ අමාත්‍ය අල්-තානි​

    ඒ අතරතුර ඉරානය විසින් බ්‍රහස්පතින්දා දින පළමු භාණ්ඩ තොගය ගුවන් මගින් කටාරයට යවන ලද බව තහවුරු කරන ලදි.භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ආහාර තොගයක් යවා තිබේ.කටාරයට සහාය පළකරමින් අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස බහරේන් තොරතුරු අමාත්‍යවරයා අනතුරු අඟවා තිබිණි.



    Source:southfront.org

    -HarshaLulzSec-
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමරිකාව ගැහුවෙ නැත්තම් අනිත් උන් දැම්ම ගහන එකෙක් නෑ :no::no:
    ඇමෙරිකන් උන් ඔකට අත දාන එකක් නැ. උන්ට ඔනා හරිය කරලා ඉවරයි. දැන් ඉවසීමෙන් බලා සිටින්න පමනයි ඇත්තේ. මට බය මගෙ වැල්ඩින් කූරු තොගේ ගැන. :(
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇමරිකාව ගැහුවෙ නැත්තම් අනිත් උන් දැම්ම ගහන එකෙක් නෑ :no::no:

    USA walin kiuwoth horenma gahapan kiyala arun gahanawa. deparak hithannathuwa.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    USA walin kiuwoth horenma gahapan kiyala arun gahanawa. deparak hithannathuwa.
    ඉරාන් උන් කටාර් උන්ට සපොට් කලානම් ආයේ කටාර් ගැන ඇමෙරිකා ස්තාවරය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඔනා නැ.:P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩෝ සිරාවට ඇමරිකාව ගහයිද :D අනේ වාසනාවන් :love: ඉක්මනටම ගහන්න කියල ප්‍රාර්ථනා කරනව :D ඒ ගහන අස්සෙ හිතල නෙමේ මානව හිමිකම් උල්ලංඝණය වෙන්නැති විදිහට අත්වැරදීම් වලිං බෝම්බ වැරදි තැන් වලට වැටිල සිවිල් වැසියොත් මැරෙන්න කියල ප්‍රාර්ථනා කරනව :love:
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,478
    745
    113
    ඩොටේ
    ලංකාවේ ගොඩක් උන් ඉන්නව නේද බන් කටාර් වල වැඩ කරන...
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ලංකාවේ ගොඩක් උන් ඉන්නව නේද බන් කටාර් වල වැඩ කරන...
    අපෝ සැහෙන්න ඉන්නවා බන්..

    රුසියාව සෙට් උනොත් හොදයි
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,478
    745
    113
    ඩොටේ
    ඒක තමා බන් මාත් හිතුවේ..හම්බයෝ නම් මරාගන්න තරමට හොදයි..අපෙ අහින්සක උන් මෙහෙට ගෙන්න ගෙන..