ඊළම එකම විසදුමයි !!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊළම එකම විසදුමයි !!!

    48972817_2081590108531125_1824032834919071744_n.jpg



    වත් වසරක් අවසන්ය. දැන්වත් වෙමින් පවතින දේ තේරුණාද ?

    නත්තලට පෙර සතියේ පුවත් පත් කිහිපයකම වාර්ථා වී තිබුනේ නීතිඥ සිවානි තියාගරාජා විසින් නායකත්වය ලබා දෙන , කොටි ඩයස්පෝරාවේ බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද නීතිඥයින් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හමුදාපති සරත් ෆොන්සේකා, රොෂාන් ගුණතිලක සහ වසන්ත කරන්නාගොඩට එරෙහිව යුධ අපරාද සිදු කලැයි කියමින් විදේශීය අධිකරණවල චෝදනා ගොනු කිරීමට සූදානම් වන බවය.

    දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයින් විසින් කාලයක් මුලුල්ලේ පැහැදිලි කරන්නට උත්සාහ කල තර්ජනය අද දොරකඩටම පැමිණ ඇත. පියවරෙන් පියවර ඉදිරියට යමින් තිබෙන කුමන්ත්‍රණය සාමාන්‍ය ජනතාව තවමත් වටහාගෙන් ඇත්දැයි සැක සහිතය

    83 කලබලවලින් පසු ලංකාව හැර ගොස් පිට රටවල් වල පදිංචි වී සිටි දෙමල ජාතිකයින් බොහෝ බටහිර රටවල ප්‍රාදේශීය දේශපාලනඟ්යින්ගේ චන්ද පදනම් වල වැදගත් සාදකයන් බවට පත් වී තිබුනි. අති විශාල වාර්ෂික ආදායමකට හිමිකම් කී එල් ටී ටි ඊ සංවිධානයේ අන්තර්ජාතික ජාලයට ලොව පුරා දේශපාලනඟ්යින්ට මෙන්ම බලවත් ජාත්‍යන්තර සංවිධානවල ඉහල නිලධාරීන්ට බලපෑම් කිරීමේ මුල්‍ය ශක්තිය තිබුනි. ඒ නිසා අන්තවාදි දෙමල ඩයස්පෝරාවේ මතය නියෝජනය කිරීම අද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිදුවේ. අන්තවාදී දෙමල ඩයස්පෝරාවට අවශ්‍ය වන්නේ පැහදිලිවම එක දෙයකි. ඒ යුද්දයෙන් හෝ අන් ක්‍රමයකින් අනාගත ඊලාම් රාජ්‍ය ලංකාව තුල පිහිටවන්නටය. බටහිර රටවල් දෙමල ඩයස්පෝරාවත් සමඟ එක්ව මේ සදහා වැඩ පටන් ගත්තේ යුද්ධය අවසන් වන්නටත් පෙරය.

    අනාගත ඊලාම් රාජ්‍යයකට ඇති ලොකුම බාධාව යුද්ධය ජයග්‍රහණය කොට විශාල ජනප්‍රියතාවක් හිමිකරගෙන සිටි සිංහල ජන නායකයා වන මහින්ද රාජපක්ෂ බව ඊලාම්වාදීහු හොදින්ම වටහාගෙන සිටියහ. 2010 වසරේ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස හිටපු හමුදාපතිවරයා ඉදිරිපත් කරනු ලබනේ එවැනි තත්වයක් යටතේය. හමුදාපතිවරයා ජන්දයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කරන්නේ ඇමෙරිකාවේ සංචාරයකින් පසුවය. සිතා ගත නොහැකි තරම් විශාල මුදලක් කවුරුන් හෝ විසින් ඔහුගේ චන්ද ව්‍යාපාරය වෙනුවෙන් වැය කෙරේ. මේ අහඹු සිදුවීම විය නොහැක.

    2012 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බටහිර රටවල් කිහිපයක් හරහා යෝජනාවක් ඉදිරිපත් විය. ඉන් හමුදාව විසින් යුධ සමයේ මානව හිමිකම් කඩකිරීම් හා ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම් කලාදැයි සොයාබලන ලෙස ලංකා රජයෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා තාක්ෂණ උපදෙස් සපයන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරින්ගෙන් ඉල්ලා සිටින බවය. මෙම යෝජනාව කවුන්සිලය තුල සම්මත කරගැනීමට එහි අනුග්‍රාහකයෝ සමත් වූහ.

    2013 යලිත් යෝජනාවක් ඉදිරිපත් විය. මෙවර එහි යුධ අපරාද වලින් ඔබ්බට ගොස් ලංකාවේ දේශපාලන තත්වය ගැනද සඳහන් විය. සුලු ජාතීන්ගේ ප්‍රශ්ණ විසදීම සඳහා බලය තවදුරටත් විමධ්‍යගත කල යුතුයැයි පවා යෝජනා කල මේ යොජනාවද සම්මත විය.

    2014දී ඉතා දිගු යෝජනාවලියක් ඉදිරිපත් විය. ලංකාවේ හමුදාව විසින් යුධ සමයේ මානව හිමිකම් කඩකිරීම් හා ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම් කලාදැයි පූර්ණ පරීක්ෂණයක් කොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්ථාවක් සපයන ලෙස මෙවර මානව හිමිකම් කොමසාරින්ගෙන් ඉල්ලාසිටින ලදී. මේ යෝජනාව තුල ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන කරුණු රැසක් තිබෙන බවත් එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පවා පටහැනිව යාමක් බවත් කියමින් රටවල් ගනනාවක් මෙයට විරුද්ධ වුවද යෝජනාව සම්මත වූයේ රටවල් 12ක් චන්දය දීමෙන් වැලකී සිටි නිසාය. එම රටවල්ද යෝජනාවට ඍජුව විරුද්ධ වූවානම් එදා එය පරාජය වනු ඇත.

    2015 ජනාධිපතිවරණයට දින නියම වන්නේ මේ අනුවය. 2010 වූ වරද යලි නොකරන්නට මහින්දට එරෙහි සියලු බලවේග එකග වී තිබුනි. මෙවර ද්‍රවිඩ ජාතික සංධානයද ඍජුවම පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන් අතර යලිත් වරක් ජනධිපතිවරණය සදහා විශාල වශයෙන් විදේශ මුදල් ගලා ආවේය. 2016 ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙ‍රී විසින් අත්සන් කල වාර්ථාවක් කියා තිබුන ආකාරයට 2015 දී ලංකාවේ, නයිජීරියාවේ හා බුරුමයේ බල පෙරලි සදහා ඇමෙරිකාව ඩොලර් මිලියන 680ක් වැය කොට තිබුනි. ඉන් 1/3 ලංකාවේ මැතිවරණවලට යෙදෙව්වානම් එය ඉතා විශාල මුදලකි. ජනතා විමුක්තී පෙරමුණේ නායකයා වැසිකිලියක් තුලදී තමන්ගෙන් මුදල් ලබා ගත් බව චන්ද ව්‍යාපාරයේ මූලිකත්වය ගත් තරුණ දේශපාලනඥ‍යෙක් ප්‍රසිද්දියේ රූපවාහිනී නාලිකාවක කීවේය.

    මෙවර අරමුණ සාර්ථක විය . 2015 ජනාධිපතිවරණ්යෙන් මහින්ද නායකත්වය දුන් සන්ධාන රජය පරදා රනිල් මෛත්‍රී නායකත්වය දෙන යහපාලන රජය බලයට පැමිණි‍යේය.

    සැලැස්මේ එක දෙයක වැරදුනි. මහින්ද රාජපක්ෂව බලාපොරොත්තු වූ ලෙස ජනතාව විසින් සහමුලින්ම ප්‍රතික්ෂේප නොකිරීනි. ජනතාව මැදමූලනට ගොස් ඔහුට සහාය පල කොට ඔහුව තව දුරටත් දේශපාලනයේ රදවා ගත්තහ.

    2014 ජිනීවා යෝජනාවට අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිගේ වාර්ථාව සභාගත වුනේ 2015 සැප්තැම්බර් වලය. පිලිගත නොහැකි යම් මූලාශ්‍ර රැසක් මෙම වාර්ථාවේ සම්පාදකයින්ද භාවිත කර තිබුනු අතර ලංකාව විසින් සම්පූරණයෙන්ම ප්‍රතික්ෂේප කල යුතු යම් වැරදී සංඛ්‍යලේඛන රැසකුත් භාවිත කර තිබුනි. නමුත් මෙම වාර්ථාව හොඳින් අධ්‍යයනය කොට එයට තර්කානුකූලව පිලිතුරු සපයනවා වෙනුවට ශ්‍රී ලංකාවේ නව රජය කලේ වාර්ථාව ඉදිරිපත්වූ දිනට පසුදිනම නිවේදනයක් නිකුත් කරමින් එය පිලිගැනීමය. මේ අනුව ශ්‍රී ලංකාවේ හමුදා විසින් යුධ අපරාද කලායැයි වාර්ථාවේ කියැවෙන චෝදනා කිසිදු වග විභාගයකින් තොරව යහපාලන රජය විසින් පිලිගෙන ඇත.

    මෙම වාර්ථාව පදනම්ව ලංකාවට අතිශයින්ම අහිතකර කරුණු රැසක් ඇතුලත්ව අලුත්ම ජිනීවා යෝජනාවක් 2015 සැප්තැම්බර් මස දී ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රාහකත්වය ඇතුවය.

    පසුගිය වසර 4 ක කාලය පුරා රනිල් වික්‍රමසිංහ ප්‍රමුක පිරිස ඉටුකරමින් සිටින්නේ ජිනීවා 30/1 යොජනාවලිය හරහා බාරගත් කොන්තාත්තුවයි.

    පසුගිය වසර 4 පුරා පාර්ලිමේන්තුව තුල ජිනීවා යෝජනාවට අනුව විවිධ පනත් සම්මත් කරමින් කාටත් හොරා අපෙ රණ විරුවන් හා සේනාධිනායකයින්ට විදේශ රටවල නඩු පැවරීමට , අත් අඩංගුවට ගැනීමට මෙන්ම් නඩු ඇසිම සදහා පිටුවහල් කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය රනිල් වික්‍රමසිංහ රජය සකස් කොට අවසන්ය.

    දැන් ඉන් ඉතුරුව තිබෙන්නේ නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම පමනි. එම ව්‍යවස්තාව හරහා මධ්‍යම රජය දුර්වල කොට පලාත් සභා ශක්තිමත් කොට උතුරු නැගෙනහිර පලාත් එකතුවී අනාගත ඊලාම් රාජ්‍යය ගොඩනැගීමේ වැදගත් පියවරකට ඉඩ සැලසෙයි.

    ඔක්තෝබර් 25 පිහිටවූ මහින්ද රාජපක්ෂ රජය පරාජය කොට යලිත් රනිල්ව බලයේ ස්ථාපිත කිරීමේ මූලිකත්වය ද්‍රවිඩ ජාතික සංධානය බාරගෙන ඇත්තේ මන්ද කියා මේ අනුව මොලයක් ඇති අයෙකුට නම් වැටහිය යුතුය.

    ආචාර්‍ය නාලක ගොඩහේවා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    රුපියල් 55ක් දීපන් කොටා මල්ලි අයියේ.. ගෑනිගේ ජංගියක් දෙන්නම්.. හොද බඩු..

    pissuda oyi allapu gedarin nikamma ussanawane thota 55/= denna
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ඔක්තෝබර් 25 පිහිටවූ මහින්ද රාජපක්ෂ රජය පරාජය කොට යලිත් රනිල්ව බලයේ ස්ථාපිත කිරීමේ මූලිකත්වය ද්‍රවිඩ ජාතික සංධානය බාරගෙන ඇත්තේ මන්ද කියා මේ අනුව මොලයක් ඇති අයෙකුට නම් වැටහිය යුතුය.

    bump​
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕකට පාරවල් ගානේ බෝඩ් උස්සන් දැගලුවට හරි යන්නෙ නෑනේ. කෙලින්ම ඇවිත් රනිල් වික්‍රමසිංහව මුනගැහුනනම් වැඩේ කරලා දෙනවනේ. මෝඩ දෙමලු:)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකට පාරවල් ගානේ බෝඩ් උස්සන් දැගලුවට හරි යන්නෙ නෑනේ. කෙලින්ම ඇවිත් රනිල් වික්‍රමසිංහව මුනගැහුනනම් වැඩේ කරලා දෙනවනේ. මෝඩ දෙමලු:)

    :nerd::rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඕකට පාරවල් ගානේ බෝඩ් උස්සන් දැගලුවට හරි යන්නෙ නෑනේ. කෙලින්ම ඇවිත් රනිල් වික්‍රමසිංහව මුනගැහුනනම් වැඩේ කරලා දෙනවනේ. මෝඩ දෙමලු:)

    :lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඕක දුන්න නං ඉවරයි නේ

    1. ගංවතුර දැක්කනේ. ඔය භුමිය හිතපු තරම් වැදගත් නෑ

    2. යටිතල පහසුකම් වලට ආණ්ඩුවේ සල්ලි ඕනා නෑ හමුදාව ට යන වියදම් අඩුයි මේන්ටේන් අඩුයි

    3. වෙන් කරලා වීසා-ෆ්‍රී එන්න යන්න දුන්න නං හරි ඊට පස්සේ වතුර, කරන්ට් වලට සල්ලි ගන්න පුළුවන් ආණ්ඩුවට