ඊළාම් සිතියමට ඡන්ද ප්‍රතිඵලයෙන් පසුවදනක&
සරත් ෆොන්සේකා මහතා ආර්. සම්බන්ධන් මහතා සමග ඇති කරගන්නා ලද ගිවිසුමක් මගින් උතුර සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගැනීම කෙසේ වුවත් පසුගිය 26 දා පැවැත්වූ මැතිවරණයේ ප්‍රතිඵල සිතියම් ගත කළ විට උතුර සහ නැගෙනහිර පළාත තුළ සරත් ෆොන්සේකා මහතාට ජය හිමිවූ දිස්ත්‍රික්ක තුළින් කොටි සංවිධානය ඇතුළු දෙමළ බෙදුම්වාදී සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළ ඊනියා ඓතිහාසික දෙමළ නිජභූමිය දර්ශනය වන බව නම් මෙහිදී සඳහන් කළ යුතුය. දෙමළ ජාතික සන්ධානය ද එම භූමිය දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගන්නා ලෙස ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කරන බව ද රහසක් නොවේ.
මෙම මැතිවරණ සිතියම තුළින් පැහැදිලි වන්නේ සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු යුද හමුදාව කොටි සංවිධානය විසින් පවත්වාගෙන ඊනියා දෙමළ රාජ්‍ය අහෝසි කිරීමට සමත් වුවත් ඔහුගේ නායකත්වයෙන්ම යුතු වූ මැතිවරණ ව්‍යාපාරයක් මගින් ආර්. සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් එම ඊනියා දෙමළ නිජභූමි ප්‍රදේශය ලංකා සිතියමේ සලකුණු කිරීමට සමත්වී ඇති බවයි.
මෙබඳු තත්ත්වයක් ඇති කිරීමට බලපෑ සරත් ෆොන්සේකා මහතා සහ ආර්. සම්බන්ධන් මහතා අතර ඇතිවූ එකඟතාව නිසි ලෙස කළමනාකරණය කිරීම මගින් සිංහල ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවලින් පැහැදිලි ජයක් ලබාගැනීමට ආණ්ඩුව සමත් වී තිබෙන බව පැහැදිලිය.
සරත් ෆොන්සේකා මහතා සිංහල ජනතාව අතර වීරයෙක් බවට පත්වූයේ ඊනියා කොටි පාලන ප්‍රදේශ අහෝසි කළ කොටි සංවිධානය සමූල ඝාතනය කළ යුද්ධයේදී, යුද හමුදාවේ නායකයා ලෙස කටයුතු කළ බැවිනි. දකුණේ සිංහල ජනතාව සරත් ෆොන්සේකාගේ රුව රැගත් බැනර්, පෝස්ටර්වලින් නගර සරසා තිබුණේ ඊට කෘතගුණ සැලකීමට බව පැහැදිලිය. එA සඳහා කටයුතු කළෙත්, කොටි සංවිධානය සමූල ඝාතනය වූ අවස්ථාවේදී වීදි බැස ප්‍රීති ඝෝෂා කළෙත්, කිරිබත් පිසුවෙත් ආණ්ඩුවේ හිතවතුන් සහ මෙරට දේශප්‍රේමී ජනතාව බවට කිසිදු සැකයක් නොමැත. එමෙන්ම එA පිරිස අතර එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් නොසිටි බවත් පැහැදිලිය. එබඳු පසුබිමක් තුළ යුද්ධයට එරෙහිව කටයුතු කළ පුද්ගලයන්ගේ නියෝජිතයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වී ආර්. සම්බන්ධන් වැනි පුද්ගලයන් සමග යම් හෝ එකඟතාවකට පැමිණීම දකුණේ දේශප්‍රේමී ජනතාව සරත් ෆොන්සේකා මහතාගෙන් බලාපොරොත්තු නොවුණ බව මෙම මැතිවරණ ප්‍රතිඵලය මගින් පැහැදිලි වේ.
මෙලෙස සරත් ෆොන්සේකා මහතාට මැතිවරණ පරාජයකට මුහුණදීමට සිදුවීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට වගකීමෙන් නිදහස් විය නොහැක. ඔවුන් සරත් ෆොන්සේකා මහතා මැතිවරණයට ඉදිරිපත් කළේ තමන්ට දිනා ගැනීමට නොහැකි දේශප්‍රේමී ඡන්ද දිනා ගැනීම සඳහාය. එහෙත් දේශපාලන ප්‍රතිපත්ති මිස, පුද්ගලයන්ගේ මුහුණ බලා තමන් ඡන්දය දීමට සූදානම් නොමැති බව දකුණේ දේශප්‍රේමී ජනතාව ඉතා පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට ප්‍රකාශ කොට ඇත.
එබැවින් විපක්ෂය ඉදිරියේදී ආණ්ඩුව පරාජයට පත් කොට මැතිවරණ ජයග්රහණයන් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එA සඳහා කළ යුත්තේ අවංකව ආණ්ඩුවට වඩා දේශප්රේමීවීමයි.
එමෙන්ම මෙම මැතිවරණ ප්‍රතිඵලය මගින් ආණ්ඩුව ද එක් දෙයක් අවබෝධ කොට ගත යුතුය. එම තත්ත්වය නම් යුදමය වශයෙන් බෙදුම්වාදය පරාජයට පත් වුවත් දේශපාලනමය වශයෙන් තවදුරටත් බෙදුම්වාදය අපරාජිතව පවතින බවයි. එ සඳහා ඉදිරියේදී සුදුසු පියවර ගැනීමට ආණ්ඩුව සමත්විය යුතුය.