ඊ නිවුස්

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ponsekage katha ahuwama ohoma thama malli.

    uba podi eka nisa thama hadenna kal thiyenawa. waren ape paththata

    000203F8.gif
     

    Wal Bada

    Well-known member
  • මල්වතු හිමියන්ගේ ලිමොසින් රථය | Malwathu Thero’s Limousine

    excursion-limousine-blk.jpg

    පෙරමුණේ රාළගේ අටුවාවෙනි


    ඉතාම මධ්‍යස්ථ™ පුවත් වගකීමකින් යුතුව™ ගෙන ආ, හා එහි එහි කතුවරුන් සුරාවෙන්™ සූදුවෙන්™ තොර, සොර ස්ත්‍රී සේවනය™ යන්න අසාවත් නැති ආගම දහමට™ ලැදි සත්‍යවාදී™ පිරිසක් යන වග ඔප්පු කොට ඇති ලංකා-ඊ-නිවුස් විසින් 2010 නොවැම්බර් මස 24 දින හෙලි කරන ලද පුවතක් වූයේ ජනාධිපති තුමා විසින් මලවතු හිම්යන්ට අති සුඛෝපභෝගී ලිමොසින් මෝටර් රථයක් “බිල්ලක්” ලෙස පිරි නැමූ බවය. ඊ-නිවුස් විසින් ඉවත දමන් ඕනාම පිළුණු ඉඳුලක් රජ බොජුනකැයි සිතා තලු මරමින් රස විඳින් බයෙන්ද ප්‍රේමේ සහ ඔහුගේ එහෙයියන් රෑන මෙමෙ පුවතින් මන් මත්ව “මල්වතු නාහිමියන්ට ධර්ම චාරිකාවේ යෑමට රජතුමාගෙන් ලුමොසින් රථයක්” ලෙස එදාම ලිපියක් පළ කලේය. දුකා, අඹ ගහ යට මෝඩ චාමි, ගුස්ති ලාල් / කුඩු ලාල්, මෝඩයා හෙවත් අමිල අබේනායක ඔල්වරසන්, එළු සන් හා අසුරු සන් දෙමින් එල්ලෙන ඒවාත් පෙනෙන පරිදි සරම උස්සාගෙන කරන කඩේ යාම තව දුරටත් සිදු කලහ. මේ සාදය අල කරන්නට පුරුදු පරිදි පැමිණියේ පද්දායි. මල්වතු හිමියන් ලිමොසින් රථයෙන් ධර්ම චාරිකා වඩින ආකාරයේ ඡායාරූපයක් පළ කරන්නැයි බයෙන්ද ප්‍රේමේට ඔහු අභියෝග කළේය. නමුත් බයෙන්ද ප්‍රේමේ සුපුරුදු නිවට ගතිය පෙන්වමින් එය මග හැර ගියේය.

    මේ පුවත පළ වී දැන් මාස තුනකට කිට්ටු කාලයක් ගත වී ඇත. නමුත් බයෙන්ද ප්‍රේමේට, ඔහුගේ එහෙයියන්ට හෝ ඉතාම මධ්‍යස්ථ™ පුවත් වගකීමකින් යුතුව™ ගෙන ආ, හා එහි එහි කතුවරුන් සුරාවෙන්™ සූදුවෙන්™ තොර, සොර ස්ත්‍රී සේවනය™ යන්න අසාවත් නැති ආගම දහමට™ ලැදි සත්‍යවාදී™ පිරිසක් යන වග ඔප්පු කොට ඇති ලංකා-ඊ-නිවුස් පත්තරයට හෝ තවමත් අර කී ලිමොසින් රථයෙන් මලවතු නාහිමියන් වඩිනු තබා එය ආවාසයේ මිදුලේ ගාල් කොට හෝ තිබෙන පිංතූරයක් පළ කරන්නට නොහැකි වී ඇත. සමහර විට අර පවුකාරයන් කාර්යාලය ගිණි තැබී නිසා අදාල ඡායා රූපය විනාශ වී ගියා වන්නට ඇත. එසේ නැතිනම් සුරාවෙන්™ සූදුවෙන්™ තොර, සොර ස්ත්‍රී සේවනය™ යන්න අසාවත් නැති ආගම දහමට™ ලැදි සත්‍යවාදී™ කතුවරුන් පිරිසක් සිටින ඊ-නිවුස් මේ වන විට ඔය ඡායා රූපය ඉදිරිපත් කර තිබිය යුතුය. මෙවන් බොරු තොරතුරු ගෙන එන ඊ-නිවුස් ගිණි තැබීම සාධාරණ යයි අර පවු කාරයන් කියන්නට ඉඩ තිබෙන නමුත් සුරාවෙන්™ සූදුවෙන්™ තොර, සොර ස්ත්‍රී සේවනය™ යන්න අසාවත් නැති ආගම දහමට™ ලැදි සත්‍යවාදී™ පිරිසකගේ බඩට ගැසීම යුතු නොවන බව අපේ හැඟීමයි. මේ පවු කාර පිරිසම පෙන්නා දෙන්නට ඉඩ ඇති තවත් කාරණයක් නම් ලංකාවට ගෙනා පළමු ලිමොසින් රථ ගෙන්වූයේ ඊට මස දෙකකට පමණ පසුව ජනවාරි මාසයේ බවය. නමුත් රාජපක්ෂ වැනි හොර ගෙඩියකුට ඔච්චර තඩි ලිමොසින් එකක වුණත් ඇස් වසා ගේන්නට පුළුවන් බව ඊ-නිවුස් කතු මඬුල්ල කියන හෙයින් අපි එයද විශ්වාස කරමු.

    සුරාවෙන්™ සූදුවෙන්™ තොර, සොර ස්ත්‍රී සේවනය™ යන්න අසාවත් නැති ආගම දහමට™ ලැදි සත්‍යවාදී™ ඊ-නිවුස් කතු මඬුල්ල එක්ක අපට ගේමක් නැත. හැබැයි බයෙන්ද ප්‍රේමේ එක්ක අපට ගේමක් ඇත. ඔජ වඩා, කයිවාරු, පුරසාරම් ගසා පුවත පළ කලා නම්,
    මල්වතු හිමියන්ගේ ලිමොසින් රථය එහි නවත්වා තිබේන අන්දම ඡායාරූපයකින් පළ කරන්නට අපි අභියෝග කර සිටිමු.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    දිනමිණ ජාතික පුවත් පතෙන්, නිසා අපි ගණන් ගන්නේ නැහැ...

    සිරා.. කවුද බන් මහින්ද අබේසුන්දර කියන කතා පිලිගන්නේ. මිනිහා කියන කතා ජනාධිපතිවත් ගනන් ගන්නේ නැතුව ඇති.:lol::lol:
     

    Wal Bada

    Well-known member
  • සිරා.. කවුද බන් මහින්ද අබේසුන්දර කියන කතා පිලිගන්නේ. මිනිහා කියන කතා ජනාධිපතිවත් ගනන් ගන්නේ නැතුව ඇති.:lol::lol:
    බෙනට් රූපසිංහ එතකොට කියන්නේ ගල් පැලෙන ඇත්තද?
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    බෙනට් රූපසිංහ එතකොට කියන්නේ ගල් පැලෙන ඇත්තද?

    එහෙම කියන්න බෑ.. ආණ්ඩුවට unlimited කඩේ යන අය සහ ආණ්ඩු විරෝදී (ඒ කියන්නේ ආණ්ඩුව කරඅ හැම වැඩේම විවේචනය කරන අය) අය කියන කතා අපිට 100% පිළිගන්න බෑ.
     

    Wal Bada

    Well-known member
  • එහෙම කියන්න බෑ.. ආණ්ඩුවට unlimited කඩේ යන අය සහ ආණ්ඩු විරෝදී (ඒ කියන්නේ ආණ්ඩුව කරඅ හැම වැඩේම විවේචනය කරන අය) අය කියන කතා අපිට 100% පිළිගන්න බෑ.
    ඇත්තෙන්ම ඔබ හරි. ඒත් ගොඩ දෙනෙක්ට මේක තේරුම් ගන්න බෑ!