ඊ සිගරට් තොගයක්-කොළඹ ප්‍රසිද්ධ බාලිකා පා&#3523

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඊ සිගරට් තොගයක්-කොළඹ ප්‍රසිද්ධ බාලිකා පා&#3523

    කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක් අසලින් ඊ සිගරට් තොගයක් අත්අඩංගුවට





    [FONT=&quot]
    chrome_2018-09-14_08-54-19.png

    කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක් අසල පවත්වාගෙන ගිය අලෙවි සැලක තිබී රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුතු නවීන වර්ගයේ දුම්වැටි තොගයක් සමග තරුණයන් දෙදෙනෙකු පෙරේදා (12දා) අත්අඩංගුවට ගත් බව කොළඹ ප්‍රධාන කාර්යාලයීය විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.


    'ඊ සිගරට්' නමැති මෙම දුම්වැටි මේ වන විට තරුණ සමාජය තුළ ශීඝ්‍රයෙන් වස්ත වෙමින් මොවුන් ගොදුරු කර ගන්නා දැඩි ව්‍යසනයක් බවට පත්ව තිබේ.

    එහිදී ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුත් විදේශවලින් ආනයනය කරන ලද දුමාරය නිකුත් කිරීමේ විද්‍යුත් උපකරණ සහ එහි භාවිතයට ගනු ලබන ධාවන වර්ගයන් 1,000ට අධික ප්‍රමාණයක් මෙහිදී විශේෂ මෙහයුම් ඒකකය භාරයට පත් විය.



    මොවුන් මෙම වෙළඳාම් අන්තර්ජාලය හරහා සහ ෆේස් බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා දැන්වීම් පල කරමින් ගනුදෙනුකරුවන් ඒකරාශී කරගෙන ඇති බවත්, ප්‍රභූ පන්තියේ පුද්ගලයන්, තරුණියන් සහ විදේශිකයන් මෙම දුමාරය භාවිතය සඳහා ඇබිබැහි වී මොවුන්ගේ ගනුදෙනුකරුවන් බවට පත්ව ඇති බවත් වැටලීම් භාර නිලධාරීවරයෙක් පැවසීය[/FONT]
    [FONT=&quot]අදාළ වෙළඳ සැලේ කොළඹ පිහිටි ප්‍රධාන පාසලක් අසල වූ සුවිසල් නිවසක් ආසන්නයේ ප්‍රධාන මාර්ගයට නොපෙනෙන ලෙස කුඩා කාමරයක පවත්වා ගෙන ගොස් ඇති අතර මෙම ව්‍යාපාරය සඳහා රු. 60,000ක කුලී පදනම සදහා මුදල් ගෙවා ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර, මෙහිදී පාසල් ළමයින්ද
    මොවුන්ගේ ග්‍රහණයට ලක්වී ඇති ද යන්න විමර්ශන සිදු කරන බව එම ඒකකය පැවසීය.

    සැකකරුවන් දුමාරය නිකුත් කිරීමේ විද්‍යුත් උපකරණ රු. 10,000 සිට 40,000 දක්වා මුදලට අලෙවි කර ඇති අතර, ඒ සඳහා භාවිත කරන අඩංගු එක් බෝතලයක් රු. 3,OOO සිට 8,000 මුදලට අලෙවි කර ඇතැයි පරික්ෂණවලදී හෙළිව තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන කාර්යාලයීය විශේෂ මෙහෙයුම් ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    chrome_2018-09-14_08-54-32.png

    chrome_2018-09-14_08-54-43.png
    [/FONT]

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඊ-සිගරට් කියන්නේ දුම් බීමට ආදේශකයක් වශයෙන් හඳුන්වාදීපු හොඳ දෙයක් යකුනේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඊ-සිගරට් කියන්නේ දුම් බීමට ආදේශකයක් වශයෙන් හඳුන්වාදීපු හොඳ දෙයක් යකුනේ.

    ඒකනේ බන්... ඒත් ඉතින් අපේ උන් හැම දේකම හොද පැත්තට යනවට වඩා ඒනෙක් කෙලවගන්නේ කොහොමද කියලනේ මුලින්ම හොයාගන්නේ....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් සිගරට් එකක්වත් බොන්න බැරි කාලයක් ඇවිත් තියෙන්නේ මේ ගණන් යන විදියට. සුරුට්‍ටු බීඩි වලට තමයි බහින්න වෙන්නේ” එක යාලුවෙක් කියනවා. “ඇයි බං අර ලයිට් එකක් පත්තු වෙන සිගරට් තියෙන්නේ. ඒව ගාණත් අඩුයි. ඇඟටත් හොඳයිලු. අපේ තව එකෙක් ඕවා බොන්න පටන් ගත්තා සිගරට් බොන එක නවත්තන්න කියලා ගෑණි බර බරේ දාන නිසා.” අනික් යාලුවා කියනවා. “ෂහ්, නෑ. ඉතින් ඌ සිගරට් බොන එක නැවැත්තුවද?” පළවෙනි එකාට කුතුහලේ. “නැවැත්තුව කියන්නේ ඌ දැන් සිගරට් බොන එකෙක් පාරක දැක්කත් තුහ් නොදකින් කියලා කෙළ ගහල යන්නේ. ඌ බොන්නේ ලයිට් පත්තු වෙන සිගරට් විතරයි දැන්” අනිකා කියනවා. හැබැයි අර පළවෙනියට අහන්න හිතුණේ නැහැ යාලුවා එක ඇබ්බැහියකින් මිදිලා තව ඇබ්බැහියකට අහුවෙලා නෙවෙයිද කියලා. එහෙම ඇහුවත් කියයි ‘අවුලක් නෑ, ඇඟට හොඳයිනේ’ කියලා! මේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම ඊ සිගරට් ගැන හිතන විදි දෙකෙන් එකක්. අනික් විදිය තමයි “මොන ටෙක්නොලොජියට හැදුවත් ඇත්ත සිගරට් එකකින් ගන්න ආතල් එක ඔය බොරු සිගරට් එකකින් ගන්න බෑ මහත්තයෝ” කියන එක. කවුද හරි, කවුද වැරදි, දෙන්නම හරිද, මොනවද මේ ‘ලයිට් පත්තුවෙන සිගරට්‘?

    1. මොනවද මේ ‘ලයිට් පත්තුවෙන සිගරට්‘?

    E-Cigs-01.jpg
    Source – liquidweed.orgඉලෙක්ට්‍රොනික සිගරට් නැතිනම් ඊ-සිගරට් කියන්නේ ඇත්ත සිගරට් එකක් වගේම පෙනුමක් තියෙන පුංචි ඉලෙක්ට්‍රොනික උපාංගයක්. ඇත්ත සිගරට් එකක් වගේම බොන්න පුලුවන්, දුමකුත් එනවා, සිගරට් එක කෙළවරේ ලයිට් එකකුත් පත්තු වෙනවා. හැබැයි ඇත්ත සිගරට් එකක් වගේ පාවිච්චියත් එක්ක කොට වෙවී යන්නෙ නැහැ, ඊට වඩා සෑහෙන වතාවක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම රී‍ෆිල් කරගන්නත් පුලුවන්. හැබැයි ඊ-සිගරට් එක චාජ් කරන්න මතක තියාගන්න ඕන. හැබැයි ඇත්ත සිගරට් වගේ නොවෙන, සිගරට් එකක් කියලා හිතන්න බැරි පෙනුමක් තියෙන ඊ-සිගරට් ඕන තරම් තියෙනවා කියලත් කියන්න ඕන.

    2. ඉලෙක්ට්‍රොනික් ක්‍රමේට දුම් බොන්නේ කොහොමද?

    E-Cigs-02.jpg
    Source -wikipedia.orgසාමාන්‍යයෙන් ඊ-සිගරට් කිට් පොඩි ගාණක ඉඳලා ඉහළ මිල ගණන් වලට යනකල් තියෙනවා. වෙන්න ඕන විදියටම මිලාධික ඊ-සිගරට් එකක කොලිටිය වැඩියි. ලංකාවේ සාමාන්‍යයෙන් ඊ-සිගරට් කිට් එකක් රුපියල් 3,500 විතර ඉඳන් ඉහළට හොයාගන්න පුලුවන්. ගූගල් සර්ච් එකක් කරලා බැලුවනම් විකුණන තැන් හොයාගන්න පුලුවන්. කිසිම තහනමකුත් නැහැ.
    ඊ සිගරට් වල තියෙන බැටරිය ගලවලා චාජ් කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් පෆ්ස් 250-300 වගේ වෙනකල් එක වතාවක් චාජ් කලාට පස්සෙ පාවිච්චි කරන්නත් පුලුවන්. හැබැයි මේ රේට් එක අඩු වැඩි වෙන්න පුලුවන් බැටරියේ විදියට.
    ඊ සිගරට් එකක තියෙන්නේ E-Liquid කියලා හඳුන්වන ද්‍රාවණයක්. මේ ද්‍රාවණයේ නිකොටින් සහ තවත් රසායන ද්‍රව්‍යයන් අඩංගුයි. ගොඩක් වෙලාවට එක එක රසයන්ගෙන් මේවා ලබාගන්නත් පුලුවන්. මේ ද්‍රාවණය අඩංගු කාට්‍රිජයට කියන්නේ කාටොමයිසර් (cartomiser) කියලා. පොඩ්ඩක් හෝව්. නිකොටින් තියෙනවා? ඔව්, ඊ-සිගරට් කියන්නේ මස් කන්නෙ නැති එවුන්ට සෝයා මීට් වගේ ජාතියක් නෙවෙයි. සිගරට් බීමේදී ඇඟට ලැබෙන ප්‍රධාන රසායනය වෙන නිකොටින් නැතිනම් ඒක සිගරට් එකක් වෙන්නේ නැහැනේ!
    දැන් ඉතින් ඔය කිට් එකක් ගත්තට පස්සේ කොහොමද ඉලෙක්ට්‍රොනික් ක්‍රමේට දුම් බොන්නේ කියන එක අමුතුවෙන් කියල දෙන්න ඕන නැහැ.

    3. අඩුවට දෙනව නං ඕන සිකරට්ටෙකක්!

    E-Cigs-03.jpg
    Source – ecigaretteb2c.comසාමාන්‍යයෙන් ඊ-සිගරට් එකක මූලික වියදම යන්නේ කිට් එකට තමයි. ගොඩක් දෙනෙක් පැකිළෙන්නේත් ඒ නිසාම තමයි. හැබැයි ඒ මූලික වියදමින් පස්සේ කාට්‍රිජ් වලට යන්නේ ඉතාම අඩු වියදමක්. සාමාන්‍යයෙන් ලංකාවේ ගන්න තියෙන එක කාට්‍රිජ් එකක් සිගරට් පැක් දෙකකට සමාන දුම් බීමේ අත්දැකීමක් ලබාදෙන්න සමත්. ඉතින් කාට්‍රිජයක මිලත් එක්ක බලනකොට සැබෑ සිගරට්‍ටුවකට වඩා අතිශයින්ම අඩු වියදමක් තමයි යන්නේ.

    4. ගඳක් නං ඇත්තෙම නෑ!

    E-Cigs-04.jpg
    Source – youtube.comසිගරට් බොන එවුන්ට තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි සිගරට් ගඳ. ඇත්තටම ඕක බොන එකාට වඩා ප්‍රශ්නයක් වෙන්නේ අහල පහල ඉන්න අයට. ඒ තරම් සිගරට් එකක ගඳ හෝ සුවඳ සැරයි. සාමාන්‍යයෙන් කීමට කියන්නේ ගෝල්ඩ් ලීෆ් එකක් බීලා පැයක් නෑවත් ගඳ යන්නෙ නැහැ කියලනේ. ඊ-සිගරට් බොනකොට මේ ප්‍රශ්නේ නැහැ. කාර් එක ඇතුළේ ඉඳන් බිව්වත් කිසිමාකාරයක ගඳක් නැහැ කියල බය නැතුව කියන්න පුලුවන්.

    5. සිගරට් එක වගේ පිච්චිලා ඉවර වෙන්නෙත් නැහැනේ!

    E-Cigs-05.gif
    Source – youtube.comසාමාන්‍යයෙන් සැබෑ සිගරට් එකක් බොන මනුස්සයෙක් සිගරට් එක බාගෙට බීලා විසි කරන්නෙ නැහැනේ. ඕක ඉවර වෙනකල්ම බොනවා. ඒත් ඊ-සිගරට් වල එහෙම ප්‍රශ්නයක් නෑ. ඕන නම් තුන් පාරක් ඇදලා ඇතුළට දාගන්න පුලුවන්. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා ඔතන. ඇත්ත සිගරට් එකක් පත්තුවෙලා ඉවර වුනහම ඉවරයි. ඒක තමයි ලිමිට් එක. දැඩි දුම්බොන්නෙක් වුනත් ඒ පිටම තව එකක් පත්තු කරගන්නේ නැති තරම්නේ. ඒත් ඉතින් අපේ අය්යලා දවල් හඳ පේනකල්ම ඊ-සිගරට් එක උර උරා ඉන්නත් ඉඩ තියෙනවා. ඇයි කාට්‍රිජ් එකක් කියන්නේ සිගරට් පෙට්ටි දෙකක සිගරට් හා සමානයිනේ. ඔය ලිමිට් නැතිවීම නම් භයානකයි පු‍තෝ!

    6. ඕකෙන් දුම්බොන එක නවත්තන්න පුලුවන්ද?

    E-Cigs-06-1.jpg
    Source – achieveawarenesshypnosis.comඅර මුලින්ම කිව්ව මගේ යාලුවගේ කතන්දරේ වගේ තමයි. ඇත්තට සිගරට් බොන මනුස්සයෙක් ඒක නවත්තලා දාලා ඊ-සිගරට් බොන්න හුරුවුනා කියලා ඇබ්බැහිය නැති වෙන්නේ නැහැ. හැබැයි ඊ-සිගරට් හරහා දුම්බොන ඇබ්බැහිය නවත්තන්න සාපේක්ෂව ලේසියි. උදාහරණයක් විදියට තමන් සිගරට් එක බොන කාල අන්තරය, එක් වතාවකට කී පාරක් දුම අදිනවද කියන එක වෙනස් කරගන්න පුලුවන්. ටික ටික අඩු නිකොටීන් ප්‍රතිශතයක් තියෙන E-Liquid වලට යන්න පුලුවන්. අන්තිමට නිකොටීන් ඇත්තෙම නැති E-Liquid වලට ගිහින් වැඩේ ගොඩදාගන්න පුලුවන්. හැබැයි අවධාරණයෙන් කියන්න ඕන කාරණය, ඊ-සිග් එකකට බැහැ ඔබේ ඇබ්බැහිය නැති කරන්න. ඒ වගේ දේකට හරියන කෘත්‍රිම බුද්ධියක් ඇතුළත් කරලා ඊ-සිගරට් හදන්නෙ නැහැනේ. හැදුවත් ඔය ගාණට දෙන්නත් බැහැ. ඒ හින්දා මතක තියාගන්න දුම්බීම නවත්තන්න ඕන නම් වැඩේ තියෙන්නේ ඊ-සිගරට් එක අතේ නෙවෙයි, ඔබ අතේයි කියන එක.

    7. වැදගත්ම ප්‍රශ්නය: ඊ-සිගරට් සෞඛ්‍යාරක්ෂිතද?

    E-Cigs-07-1.jpg
    Source – totallywicked-eliquid.co, pixabay.comමෙන්න ප්‍රශ්නේ. ඊ-සිගරට් බොන ගොඩක් දෙනා කියන්නේ ‘ඇඟට අවුලක් නෑ මචන්’ කියලනේ. ඕක තමයි සෑහෙන්න කාලයක් තිබුණු මතය. මොකද මේකෙන් එන්නේ ඇත්තම දුමකට වඩා ‘වාෂ්පයක්’ වීම නිසා. සමහර සෞඛ්‍ය සංවිධාන හා පර්යේෂණ ආයතන ඊ සිගරට් ‘ඒ-හැටි අවුලක් නෑ’ කියනකොට තවත් ආයතන, සංවිධාන වලින් කියනවා ‘පිස්සු කෙලින්න එපා මිනිහෝ ඊ-සිගරට් වුනත් ඇඟට හොඳ නෑ’ කියලා. මෙතනින් කවුරු හරි හෝ කවුරු වැරදි වුනත් දෙගොල්ලෝම එකඟ වෙන තැනක් තියෙනවා. ඒ තමයි ඊ-සිගරට් වලින් දීර්ඝකාලීනව මිනිස් ශරීරයට වෙන්න පුලුවන් හානිය සම්බන්ධයෙන් තවත් පර්යේෂණ කිරීම අවශ්‍ය බව. එහෙම කරන පර්යේෂණ හිඟ වීම නිසාම ඔය ගැන ටක්කෙට කියන්න බැහැ. දීර්ඝ කාලීනව ඊ-සිගරට් හිතනවාටත් වඩා භයානක වෙන්නත් පුලුවන්. ෂුවර් නැද්ද? The Vergeහි නවතම ලිපියකින් කියනවා ඊ-සිගරට් වල වැඩි වැඩියෙන් පිළිකා ඇතිකරවිය හැකි රසායනික ද්‍රව්‍ය තියෙන බව හොයාගෙනය කියලා. මේ කලින් හොයානොගත්තු රසායනික ද්‍රව්‍ය.
    ඉතින් අවසානයට කියන්න තියෙන්නේ “ඊ-සිගරට් ඇඟට අවුලක් නෑ” මචන් කියලා දන්නවා වගේ පොර ටෝක් දීලා පාවිච්චි කරන්න යන්න එපා කියල තමයි. ශරීර සෞඛ්‍යය ගැන දැඩිවම හිතනවා නම් ලේසිම විදිය තමයි දුම්බීමෙන් මිදෙන එක.

    *දුම්බීම සැබෑ සිගරට් වේවා, ඊ-සිගරට් වේවා සෞඛ්‍ය ගැටළු ඇතිකරවන බව නවතම පර්යේෂණයන්ගෙන් පෙනී යයි. වගකීමෙන් කියවන්න.*
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    සිගරට් වලට වඩා වේප් 95% හොදයි කියලා කියන්නේ පරික්ශන කරලනේ. .

    FDA ඇපෲ කරපු වේප් ජූස් තියෙන බව සමහරු දන්නවද දන්නෙත් නෑ. .

    තර්ක දාන්න අපි කාටත් පුලුවන්. . කොහොමහරි ලංකාවෙන් වේප් තහනම් කලා කියමුකෝ. .
    එතකොට වෙන්නේ දුම්කොල සමාගම තවත් පෝසත් වෙන එක, රජය තව තවත් බදු ගහන එක, සිගරට් බොන මිනිස්සු ලෙඩ්ඩු වෙන එක. .

    අන්තිමේට අපි නොදැනුවත්ව දුම්කොල සමාගමට ඕනදේ නොමිලෙම කරලා දීලා. .
    දුම්කොල සමාගමේ වාහන වල බෙදනවා සිගරට් ලංකාවේ හදලා. . ඒවට කවුරුත් කතා නෑ. .
    දුම්කොල සමාගමේ අයිතිකරුවන්ගේ නමින් ප්‍රසිද්ද පාරවල් නම් වෙනවා. . දුම්කොල සමාගමේ කොටස් තියෙන්නේ කාටද කියලා හොයලා බැලුවොත් පෙනෙයි අමාරුව තියෙන්නේ කාටද කියලා. .

    වේප් තහනම් උනත් නැතත් මටනම් අව්ලක් නෑ මචන් මොකද මම වේප් යූස් කරලා නෑ. .
    හැබැයි මම දුම්කොල සමාගම ගැන ඒකෙ බලය ගැනනම් හොදට දන්නවා. .
    මම දකින්නේ සිගරට් වලට විකල්පයක් දෙන එක හොද දෙයක් විදියට. .


    ඒකට නිකටින් ප්‍රතිශත නීතියක් දාන්න තියෙන්නේ. . ඊ ජූස් ගේද්දි නීතියනුකුල ජූස් විතරක් රිලීස් කරාම ඉවරයි. . ඕනනම් FDA ඇපෲ ජූස් විතරක් ගෙනාවැකි. .
    වේප් මුලින් යූස් කරලා පස්සේ සිගරට් වලට ඇබ්බැහි වෙයි කියන එකනම් සාදාරන තර්කයක් නෙවේ. .
    මෙච්චරනේ කතාව සිගරට් වල අහිතකර ද්‍රව්ය 100% නම් වේප් වල 5%. . ඕක ලොකුවට තර්ක දාන්න දෙයක් නෙවේ. . වැඩි හොද මොකක්ද කියලා තේරෙනවනේ. .



    :):):)
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සිගරට් බොන අයට වඩා නොබොන කෙනෙක් ඊ සිගරට භාවිතා කරන්න ඇබ්බැහි වෙන්න ඉඩක් තියන එක ගොඩක් ක්‍රිටිකල්.. එක්කෙනෙක් හරි අලුතෙන් යොමු වෙන එක, කාන්තාවන්ගේ වැඩි නැඹුරුවට උඩගෙඩි දෙන්න ඕනේ නෑ.. ඒක නිසා ඊ සිගරට් වල අනික් සිගරට්වලට වඩා තියෙන හොඳකම, අවශ්‍යතාව අනූව කන්ට්‍රෝල් මාර්කට් එකක ඕනෙනම් විකුණගන්න එකයි තියෙන්නේ
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඊ-සිගරට් කියන්නේ දුම් බීමට ආදේශකයක් වශයෙන් හඳුන්වාදීපු හොඳ දෙයක් යකුනේ.

    ow ban munta pissu..mun danna E cigaratte,