උගුඩු වදෙන් බේරෙන්නේ කොහොමද?

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    අඩෝ මේ උගුඩුවෙක් වද දෙනවා බන් ලිං ගැට්ටේ ජරා කරලා. බොන වතුරණේ බන්. ඌ බෙටි දාන දාන සැරේට ලිං ඉහින්න බෑනේ. අද උදේ බලද්දී ලිඳේ නෙට් එක උඩ තඩි බෙට්ටක්. හිරිකිතේ බෑ. වෙලාවට දැලේ හිල් පොඩි නිසා ලිඳට වැටෙන්නේ නැතුව ලිඳ බේරිලා.. කොහොමද බන් මේ වදෙන් බේරෙන්නේ? මූටත් බෙටි දාන්න තැනක් නැතුව වගේ. :angry:
    2කේ පොලු 4ක් අරන් කොටුවක් හදන්න. ටිකක් ලොකු එකක්. ඒකේ අගල් 2න් 2ක හරහට කම්බි අදින්න. පස්සෙ එකක් ඇර එකක් විදියට සම්බන්ධකරලා 230v ගහපන් මම කරා එක දවසයි දගලල දියුවා ඌ ආයේ ඇහැටවත් දකින්න ආවේ නෑ... මම සිවිලිම ඇතුලේ තියුවේ 🤣🤣
     
    • Wow
    Reactions: Heshan Daminda

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    2කේ පොලු 4ක් අරන් කොටුවක් හදන්න. ටිකක් ලොකු එකක්. ඒකේ අගල් 2න් 2ක හරහට කම්බි අදින්න. පස්සෙ එකක් ඇර එකක් විදියට සම්බන්ධකරලා 230v ගහපන් මම කරා එක දවසයි දගලල දියුවා ඌ ආයේ ඇහැටවත් දකින්න ආවේ නෑ... මම සිවිලිම ඇතුලේ තියුවේ 🤣🤣
    උන් දුවනකොට සිවිලිම කඩන් වැටිලා 230 එක්ක පොලු ටිකත් කඩාගෙන ගේ ඇතුලේ එකෙක්ගේ ඇඟට වැටිලා පත්තරේ තියෙයි ලබනසතියේ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලිඳ වහපන් කොන්ක්‍රීට් ලෑලි දෙකක් දාලා.හැබැයි බෙටි දාල කියන්නෙ අනිවා චූත් දාල ඇති. ඒ නිසා ඉහලම වහපන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඕකම මටත් උනා. චූ කරපු ගමන් අස් කරොත් අවුලක් නෑ. පැයක් දෙකක් තිබ්බොත් ඉවරයි. බැරි වෙලාවත් ac දැම්මොත් සතියක් විතර ගඳ යන්නෑ

    බේරෙන්න බැරිම තැන සිවිලම ඇතුලට ලයිට් එකක් දාලා තිබ්බ හරිගියෙ නෑ.

    භූමිතෙල් පොඟවපු රෙදි කෑලි ටිකක් දාලා තිබ්බා. සතියක් විතර එන්නෑ. වාෂ්ප වෙලා ඉවර උනාම ආයෙත් එනවා.

    ඊට පස්සෙ කැරපොත්තො මදුරුවන්ට ගහන කෑන් එකක් ගෙනල්ලා ස්ප්‍රේ කරා. සති දෙකක් තුනක් එන්නෑ. දැන් සද්ද බද්ද ඇහෙනකොටම ස්ප්‍රේ කරනව.
    බෝසා හොයාගෙන එන්න ඇති 🤣
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබට option දෙකක් තියෙනවා, සල්ලි තියෙන විදියට කරන්න...

    01. ගෙදර ගේට්ටුව ගාවින් ම වතුර බටයක් යනවා නම් වතුර ගනින්... connection එකට ටිකක් ගානක් යනවා... ඉස්සරහට තවත් වැඩි නිසා දැන් ගන්න පුළුවන් නම් ගන්න.... එකෙන් බොන්න විතරක් අරන් ලිද අනික් වැඩ වලට ගනින්... ලිද වහන්න එපා දැන් වතුර ගණන්...


    02. කොන්කිරිට් ලෑල්ලක් හදලා දාපන්. සිල් වෙන්නම..


    තව තැනක මම දැක්කා වාහන වහන කවරේ එන රෙද්දෙන් මුළු ලිදම වහලා උඩ බ්ලොක්කේ ඉදන්ම .... එකේ නම් කක්කි සූ කරත් ඇතුලට කාන්දු වෙන එකක් නෑ මගේ හිතේ...