උගුර බැරැන්ඩි වීමට බලපාන හේතු
[FONT=Malithi_Web]
උගුර බැරැන්ඩි වීමට බලපාන හේතු
[/FONT]
[FONT=Malithi_Web]fShare
කටහඬ වෙනස් වීමට බලපාන හේතු කිහිපයක් ඇත. උගුරේ ආසාදනය, උගුරේ සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, ස්‌නායු ආබාධ නිසා ස්‌වර තන්තු අකර්මණ්‍යවීම, උස් කටහඬින් වැඩි වේලාවක් කතා කිරීම නිසා ස්‌වර තන්තුවල ගෙඩි ඇතිවීම සහ බඩේ අම්ලගතිය උගුර දෙසට ගලාඒම නිසා ස්‌වර තන්තු ප්‍රදාහයක් ඇති වේ.
පාන් පිටිවලින් සකස් කළ ආහාර සහ පිපෙන්නට තබා පිසූ ආහාර වන ආප්ප, තෝසේ ආදිය ගැනීමෙන් වළකින්න
උගුරේ ඇතිවූ ආසාදනයක් නිසා කටහඬ වෙනස්‌වී තිබේ නම් එම ආසාදනය සුවවීමත් සමඟ කටහඬද යථා තත්ත්වයට පත්වේ
"මගේ උගුර බැරැන්ඩි වෙලා" බොහෝ විට කටහෙŒ යම් වෙනසක් ඇතිවූ විට අපි පවසන්නෙමු. ඇත්තටම උගුර බැරැන්ඩි වෙලා කියා පවසන්නේ කුමන අවස්‌ථාවක් සඳහා ද කියා අපි විමසා බලමු.
කටහඬ ඇතිවීම උගුර බැරැන්ඩිවීම හඳුනා ගැනීමට පෙර කටහඬ ඇති වන්නේ කෙසේ දැයි කියා හඳුනා ගනිමු.
උගුරේ ඇති ස්‌වර තන්තුවල කම්පනය නිසා කටහඬ ඇති වේ. මෙම කම්පනය වන ස්‌වර තන්තු, දිව, තොල්, ග්‍රසනිකාව යන ඉන්ද්‍රියයන්ගේ උපකාරය මත ශබ්දයේ ගුණාත්මක බව වැඩිකර කටහඬ උපදවයි.
සාමාන්‍ය නිරෝගී කටහඬ ලබා ගැනීමට නිරෝගී පෙණහලු, නිරෝගී ස්‌වර තන්තු සහ මනා ලෙස ක්‍රියාකාරී වන ස්‌නායු පද්ධතියක් තිබිය යුතුය.
කටහඬ වෙනස්‌වීම කටහඬ වෙනස් වීමට බලපාන හේතු කිහිපයක් ඇත. උගුරේ ආසාදනය, උගුරේ සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, ස්‌නායු ආබාධ නිසා ස්‌වර තන්තු අකර්මණ්‍යවීම, උස් කටහඬින් වැඩි වේලාවක් කතා කිරීම නිසා ස්‌වර තන්තුවල ගෙඩි ඇතිවීම සහ බඩේ අම්ලගතිය උගුර දෙසට ගලාඒම නිසා ස්‌වර තන්තු ප්‍රදාහයක් ඇති වේ.
කටහඬ වෙනස්‌වීම සිදුවී එකදිගට සති දෙකකට වැඩි කාලයක් පැවතියහොත් වහාම වෛද්‍යවරයකු වෙත ගොස් උගුර පරීක්‍ෂා කරගත යුතුය.
උගුරේ ඇතිවූ ආසාදනයක් නිසා කටහඬ වෙනස්‌වී තිබේ නම් එම ආසාදනය සුවවීමත් සමඟ කටහඬද යථා තත්ත්වයට පත්වේ.
කටහඬ ඇතිකරන ස්‌වරාලය පරීක්‍ෂා කළ හැක්‌කේ උගුර, කන හා නාසය පිළිබඳ වෛද්‍යවරයකුට පමණි.
උගුරේ පිළිකාවකදී කටහඬ වෙනස්‌වී පැවතීම කාලයක් පවතින විට බොහෝ දෙනා තුළ මතු වන්නේ උගුරේ පිළිකාවක් ඇතිවී දැයි කියා බියකි.
උගුරේ පිළිකාවකදී කටහඬ වෙනස් වීමට අමතරව ශරීරයේ බර කෙටි කලකදී අඩුවී සිරුර කෙට්‌ටුවීම, ආහාර වේලක් ගැනීමට දිගු කාලයක් ගතවීම සහ ආහාර ගන්නා අතරතුරදී වතුර බීමට සිදුවීම, පසු කාලයකදී ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවීම, ආහාර පිට උගුරේ යැම නිතර සිදුවීම ආදියද මතු වේ.
බඩේ අම්ල අධික වී උගුර දෙසට ඒම ගැස්‌ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අතර මෙම තත්ත්වය බහුලව දක්‌නට ලැබෙයි.
මෙවැනි පුද්ගලයන් අධිකව මිරිස්, තෙල් සහ ඇඹුල් සහිත ආහාර ගැනීම නොකළ යුතුය. සාමාන්‍ය ලෙස මිරිස් තුනපහ යෙදූ ආහාර වේලක් ගැනීම සුදුසුය.
කුසගින්නේ සිටීම මෙන්ම අධික ලෙස කුස පුරවා ගැනීමද අගුණය.
උදෑසන ආහාර වේල උදේ 7.00 ට පමණ ගැනීමටද, දිවා ආහාර වේල පස්‌වරු 1.00 ට පෙර ගැනීමද, රාත්‍රී ආහාර වේල රාත්‍රී 7.00 ට පෙර ගැනීමද අනිවාර්යයෙන් කළ යුතුය.
උදෑසන අවදි වූ විට තේ වෙනුවට පිරිසිදු ජලය මිලිලීටර් 640 ක් පමණ පානය කර පැයකට පමණ පසු උදේ ආහාර වේල ගැනීම සුදුසුය.
ආහාරයෙන් පසු අධිකව වතුර පානය කිරීම නොකළ යුතුය. වතුර ටිකක් බීමට පුරුදු වන්න. ආහාර වේල් දෙකක් අතරදී දියර වර්ග හැකි පමණ පානය කරන්න.
අම්ල අධික පලතුරු වෙනුවට බෙලි, ආනමාළු සහ අලිගැටපේර වැනි පලතුරු ආහාරයට ගන්න.
නින්දේදී හිස ශරීරයට වඩා උස් මට්‌ටමකින් පවතින සේ තබාගන්න.
පාන් පිටිවලින් සකස් කළ ආහාර සහ පිපෙන්නට තබා පිසූ ආහාර වන ආප්ප, තෝසේ ආදිය ගැනීමෙන් වළකින්න.
ආහාර ගැනීමෙන් පසු පැය දෙකක් පමණ යනතුරු හාන්සි වී සිටීමෙන් වළකින්න.
කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍ර ජයසූරිය