උගුලෙන් මිදෙන්න පුලුවන්!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    හේතුව මොකක්ද?
    මේ හාමුදුරුවෝ අර අනිච්ච් සංඤාව වඩන එක ගැන කියනවා මෙහෙම "අනිච්ච සංඤාව වඩන්න බෑ ඒක වැඩෙනව විතරයි, අපි වඩන්න හැදුවොත් ඒක වෙන්නේ නෑ"

    ඕක ප්‍රශ්න කරල විඩියෝ එකක් දැම්මා අපේ ඉනර් සර්කල් එකේ කොලුවෙක්. මෙන්න යකෝ මු කොපිරයිට් ක්ලේම් කරලා ඒ විඩියෝ එක අයින් කෙරෙව්ව. ඒ උනාට ඌ/ හාමුදුරුවෝ හදන විඩියෝ වල තම්බ් නේල් වලට දාන්නේ අනුන්ගේ පින්තූර! එහෙම කරලා ටෙක්ස්ට් පාරකුත් දානවා, මේ රුපයට කොපි රයිට් තිබේ නම් ක්ලේම් එකක් දාන්ඩ පෙර මාව අමතන්ඩලු! :ROFLMAO:

    එහෙමයි ඉතින් පින්වත් හාමු-දුරුවරු! තව ඉතින් වහරක වගේ ගොන් ඩයල් ගැනත් දොඩවපු කාලයක් තිබ්බා.
     
    • Like
    Reactions: jennt

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    මේ ටික ගැන දන්නැ මන්. මොකද social media handle කරන්නේ, thumbnails සහ වීඩියෝ යදන්නේ වෙන කෙනෙක් වෙන්න පුලුවන් බොහෝ වෙලාවට.

    මේ හාමුදුරුවෝ අර අනිච්ච් සංඤාව වඩන එක ගැන කියනවා මෙහෙම "අනිච්ච සංඤාව වඩන්න බෑ ඒක වැඩෙනව විතරයි, අපි වඩන්න හැදුවොත් ඒක වෙන්නේ නෑ"

    ඔව් මේක හරි. අනිච්ච සංඣාව කියන්නේ යෝනිසෝ මනසිකාරය. එතන කිරීම්/ නොකිරීම් නැහැ.

    වඩන එක වෙන්නේ ලෞකික නිමිත්තක් එක්ක. නිමිත්තක් විදිහට ගන්න පුලුවන් දෙයක් හම්බෙන්නැති ශුන්‍යතාවයක මොනවා වඩන්නද?

    ඒක තමයි මේක සෝවාන් වුන අයට වැඩෙනවා කියන්නේ.

    අර ප්‍රශ්නේ පුලුවන්නම් මට දාන්න. මන් උත්තර දෙන්නම්.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    mcn ekama option eka kohomahari sowan wena eka. meka clear. mama kiyala deyaka metana na tiyenne nama rupa kiyana ekat terenawa. bhawaya hadena hatit terenawa. ara chaturarya satya 4 dannawa wage danagatta kiyala awaboda wen nane. ara uba kalin share karapu bana wala eka tanaka kiuwa sowan wenna widi dahas ganak tiyenne puluwan etc kiyala. anik dewal natuwa me widi tika hari api hariyata karanna oni mkkda practise karanna oni mkkda kiyala kiyala denna puluwanda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,508
    67,852

    Shardawen Kusal karanna deviyan wahanse para pennai auto.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ara uba kalin share karapu bana wala eka tanaka kiuwa sowan wenna widi dahas ganak tiyenne puluwan etc kiyala.

    සෝවාන් වෙනවා කියන්නේ යෝනිසෝ මනසිකාරයට පත් වෙන එක, ඒ කියන්නේ අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දකින සිහිය.

    mama kiyala deyaka metana na tiyenne nama rupa kiyana ekat terenawa. bhawaya hadena hatit terenawa. ara chaturarya satya 4 dannawa wage danagatta kiyala awaboda wen nane.

    තියරි දැනුම දැනගන්න එක නෙමෙයි වෙන්න ඕනේ. පෙනීම, ඇසීම, දැනීමත් එක්ක මොහොත තුල නිච්ච, සුඛ, අත්ත සංඣාවෙන් වෙන දැනගැනීම ගොඩනැගෙන විදිහ විමසන්නයි ඕනේ.

    විමසීම තුල තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ යෝනිසෝ මනසිකාරය තුල.

    anik dewal natuwa me widi tika hari api hariyata karanna oni mkkda practise karanna oni mkkda kiyala kiyala denna puluwanda?

    හරියටම කරනවනන්, අර මන් දාපු playlist එක බලන ගමන් සති සම්පජඣ්ජය, තදධිමුත්තතාව සමග සතිපට්ටාන භාවනාව වඩන්න ඕනේ.
    ඒ ගමන් ලබන අත්දැකීම් කල්‍යාණ මිත්‍රයන් එක්ක කතා කරලා උපදෙස් ගන්න ඕනේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ ටික ගැන දන්නැ මන්. මොකද social media handle කරන්නේ, thumbnails සහ වීඩියෝ යදන්නේ වෙන කෙනෙක් වෙන්න පුලුවන් බොහෝ වෙලාවට.
    ගරු ස්වාමීන් වහන්සේට සබ්ස් ලා 1000ක් විතර ඉන්නකාලේ දාපු විඩියෝ එකකට විදියට දාපු රිප්ලයි විඩියෝ එකකට තමයි කොපිරයිට් ක්ලේම් දාලා අයින් කලේ. මෑන් නොදැන වුනා වෙන්ඩ බෑ. චැනල් එක හාමුගේ නම් ඒකේ යන ඒවල රෙපොන්සිබිලිටි එකත් උගේ, ඒකෙන් ක්ලේම් දාල වහල දාන ඒවටත් ඌ තමයි වග කියන්න ඕනේ, ටූ වේ ස්ට්‍රීට්! කොහොමත් උගේ හැසිරීමෙම තියෙනවා පොඩි ඖතොරිටේරියන් ගතියක්.

    https://www.trekmentor.com/si/content/book/1369
    ඔව් මේක හරි. අනිච්ච සංඣාව කියන්නේ යෝනිසෝ මනසිකාරය. එතන කිරීම්/ නොකිරීම් නැහැ.

    වඩන එක වෙන්නේ ලෞකික නිමිත්තක් එක්ක. නිමිත්තක් විදිහට ගන්න පුලුවන් දෙයක් හම්බෙන්නැති ශුන්‍යතාවයක මොනවා වඩන්නද?

    ඒක තමයි මේක සෝවාන් වුන අයට වැඩෙනවා කියන්නේ.

    අර ප්‍රශ්නේ පුලුවන්නම් මට දාන්න. මන් උත්තර දෙන්නම්.
    එහෙනං ඉතින් උඹ කියන්නේ වෙන අනිච්ච සඤ්ඤාවක් වෙන්ටැ. මම කියන්නේ වේලාම සුත්‍රයේ එන අනිච්ච සඤ්ඤාව ගැන. :baffled:

    සෝවාන් වෙනවා කියන්නේ යෝනිසෝ මනසිකාරයට පත් වෙන එක, ඒ කියන්නේ අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දකින සිහිය.
    මෙහෙමත් දේසනා කරනව ඉතින්...

    ------ Post added on Sep 29, 2025 at 8:53 PM
     
    • Like
    Reactions: jennt

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගරු ස්වාමීන් වහන්සේට සබ්ස් ලා 1000ක් විතර ඉන්නකාලේ දාපු විඩියෝ එකකට විදියට දාපු රිප්ලයි විඩියෝ එකකට තමයි කොපිරයිට් ක්ලේම් දාලා අයින් කලේ. මෑන් නොදැන වුනා වෙන්ඩ බෑ. චැනල් එක හාමුගේ නම් ඒකේ යන ඒවල රෙපොන්සිබිලිටි එකත් උගේ, ඒකෙන් ක්ලේම් දාල වහල දාන ඒවටත් ඌ තමයි වග කියන්න ඕනේ, ටූ වේ ස්ට්‍රීට්! කොහොමත් උගේ හැසිරීමෙම තියෙනවා පොඩි ඖතොරිටේරියන් ගතියක්.

    https://www.trekmentor.com/si/content/book/1369

    මිනිස්සු එක එක විදි වල අය ඉන්නවා. රහත් වෙනකන් කෙලෙසුත් තියෙනවා. මන් හිතනවා මාර්ගඵල ලාබී හාමුදුරුවෝ කෙනෙක් කියලා ඔය.

    අනාගාමී වෙනකන්ම කාම රාගය, පටිඝය වගේ සංයෝජනත්, රහත් වෙනකන් මානය වගේ සංයෝජනත් තියෙන නිසා මල පනින්න, authoritarian ගති එන්න පුලුවන් මාර්ගයේ ඊට පහලින් ඉන්න කෙනෙක්ට. අනිත එක අපිට පිට ක්‍රියාවෙන් මනින්න බැහැ ක්‍රියාව කරපු කෙනා මොන වගේද කියලත්. අපිට පේන්නේ අපේ සංස්කාර වල ප්‍රතිඵලය.

    අපිට වැදගත් නිවනනේ. මිනිස්සු කොහොමද කියන එක නෙමෙයි. අපි බලන්න ඕනේ කොහොම හරි නිවන් දකින්න.

    එතනින් එහාට, ඔය video එකේ කියන දේ ගැන ප්‍රශ්න මොනාහර් තියෙනවද?

    එහෙනං ඉතින් උඹ කියන්නේ වෙන අනිච්ච සඤ්ඤාවක් වෙන්ටැ. මම කියන්නේ වේලාම සුත්‍රයේ එන අනිච්ච සඤ්ඤාව ගැන. :baffled:

    අනිච්ච කියන තැනම *එකක්* හරි *අර්ථදැක්වීමක්* හරි තියෙන්න පුලුවන්ද?

    අනිත් පැත්තට ඇහුවොත් *මොකක්හරි* තියෙනවනම්, එතන අනිච්චද?

    මෙහෙමත් දේසනා කරනව ඉතින්...

    මෙකේ තැනින් තැන සම්බන්ධයක් නැති කෑලි වෙනම අරන් දාලා නිසා හරියට කියන්නේ මොකක්ද කියලා පැහැදිලි නැ. context එක දාන්න පුලුවන්ද?

    කොහොම හරි තියරි එකක් පාඩම් කරලා තේරුම් අරන් නිවන් දකින්න බැහැ. ඒ වගේම නිවන ඇතුලේ තියරි හම්බෙන්නෙත් නැ. නිවන ඇතුලේ කතන්දර හම්බෙනවනම් ඒ ලෝකෙම තමයි අල්ලලා තියෙන්නේ.
    ------ Post added on Sep 29, 2025 at 9:16 PM

    මෙහෙමත් දේසනා කරනව ඉතින්...

    ඔතන මන් සිහිය කියලා කියන්නේ සතිය නෙමෙයි යෝනිසෝ මනසිකාරයට.

    අවිද්‍යාව, අවිද්‍යාව විදිහට දකිනවා කියන්නේ දුක්ඛ සමුදය දකින එක. සමුදය දකිනිනවා කියන්නේ, ඇති දුකට හෙතුවක් හම්බෙනවා නෙමෙයි, දුකක් පැනවිය, හටගත නොහැකි බව දකිනවා. එතනම නිරෝධය වෙලා ඉවරයි. මෙතන තමයි අනිච්ච සංඣාව තියෙන්නේ.
    ------ Post added on Sep 29, 2025 at 9:26 PM

    අර්ථදැක්විමක් ඇත්ත කරන් නිවන හොයන්න ගියොත් අර්ථදැක්වීම්ම තමයි හම්බාන්නේ. නිවන තමයි මගහැරෙන්නේ. විමසීමයි, කළ්‍යාන මිත්‍රයොයි වැදගත් වෙන්නේ ඒ නිසා තමයි.
    ------ Post added on Sep 29, 2025 at 9:28 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මිනිස්සු එක එක විදි වල අය ඉන්නවා. රහත් වෙනකන් කෙලෙසුත් තියෙනවා. මන් හිතනවා මාර්ගඵල ලාබී හාමුදුරුවෝ කෙනෙක් කියලා ඔය.

    අනාගාමී වෙනකන්ම කාම රාගය, පටිඝය වගේ සංයෝජනත්, රහත් වෙනකන් මානය වගේ සංයෝජනත් තියෙන නිසා මල පනින්න, authoritarian ගති එන්න පුලුවන් මාර්ගයේ ඊට පහලින් ඉන්න කෙනෙක්ට. අනිත එක අපිට පිට ක්‍රියාවෙන් මනින්න බැහැ ක්‍රියාව කරපු කෙනා මොන වගේද කියලත්. අපිට පේන්නේ අපේ සංස්කාර වල ප්‍රතිඵලය.

    අපිට වැදගත් නිවනනේ. මිනිස්සු කොහොමද කියන එක නෙමෙයි. අපි බලන්න ඕනේ කොහොම හරි නිවන් දකින්න.

    එතනින් එහාට, ඔය video එකේ කියන දේ ගැන ප්‍රශ්න මොනාහර් තියෙනවද?

    අනිච්ච කියන තැනම *එකක්* හරි *අර්ථදැක්වීමක්* හරි තියෙන්න පුලුවන්ද?

    අනිත් පැත්තට ඇහුවොත් *මොකක්හරි* තියෙනවනම්, එතන අනිච්චද?

    1. මෙතන ගොතටුවේ රේවත බුදුහාමුදුරුවන් වදාල "අසුරු සැනක්" කියන ප්‍රකාශය ඔවර් ඇනලයිස් කොරන්න ගිහින් නාගත්තා කියන එක පැහැදිලියි. බුදුහාමුදුරුවෝ බොරු නොකියනවා වුනාට බණ කිව්වේ සම්මුති ලෝකයේ භාෂාවෙන්, උපමා උපමේය පාවිච්චි කලා නොවැ. ඉතින් අසුරු සැනක් කියන වචනේ එල්ලිලා "පුස් හරඹ" දැක්වීම ගැලරියට කොරපු වැඩක් වගේ අපට පෙන්නේ. නැනෝ සෙකන්ඩ් කිව්වහමත් සමහර අය බය වෙන්ටැති. මෙතන බුදුන්වහන්සේ එම්ෆසයිස් කලේ "ඉතාම සුලු කාලයක් වැඩුවත් එහි ආදීනව බොහෝය " කියන එක බවයි මගේ වැටහීම.

    2. අනිච්ච සඤ්ඤාව වඩන හැටි ඒ නමින් එන සූත්‍රයේ සඳහන්. උඹ කියනවා අනිච්ච සඤ්ඤාව වැඩිය යුත්තේ "සොවාන්" එනම් දර්ශනයෙන් පහකල යුතු කෙලෙස් එසේ පහ කල උත්තමයෙකු බව. එහෙමමයි කියලා මොහොතකට එකඟවෙමු. නමුත් අනිච්ච සඤ්ඤා සූත්‍රයේ නම් බුදුන් වහන්සේ එහෙම දේශනා කර නැහැ. නැතුවාක් පමණක් නොව සුත්‍රය මහත් සේ වර්ණනා කරනවා දේශනාව ආරම්භයේ. බුදුන් වහන්සේ වඩන්නට යැයි මහත් වර්ණනා කරමින් අනුදැන වදාල අනිච්ච සඤ්ඤාවට, ගොතටුවේ "නැනෝ සෙකන්ඩ්" රේවතට ඌන පුර්ණ සපයන්නට තරම් හයියක් ලැබුනේ කාගෙන්ද? ගොතටුවේ "නැනෝ සෙකන්ඩ්" රේවත කියනාකාරයෙන් අනිච්ච සඤ්ඤාව ඉබේ වැඩෙනවා නම් බුදුන් වහන්සේ එය "මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ" ආකාරයෙන් වඩන්නට අනුදැන වදාලේ මන්ද? බුදුන් වහන්සේ දේශනා කල ධර්ම කරුණකට ඌණ පූර්න සැපයීම අබූතයෙන් බුදුන් වහන්සේට චෝදනා කිරීමක් පමණි. බුදුන් වහන්සේ දේශනා නොකල යමක්, දේශනා කලා යැයි හැඟවීම සංඝ භේදයට උඩගෙඩි දීමක්ම වෙයි.

    3. ගොතටුවේ "නැනෝ සෙකන්ඩ්" රේවතට ඔහුගේ පැහැදිලි කිරීමේ Q&A විඩියොවේ මගදී අනිච්ච සඤ්ඤා සුත්‍රය "අනිච්චානුපස්සනාව, අනිච්ච මෙනෙහි කිරීම" ආදී විවිධ කරුණු බවට පෙරලෙනවා. අනිච්ච සඤ්ඤා සුත්‍රය ගැන මෙලෝ අලබෝලයක් නොදැන උඬගු කමින් රෝගීව, ඒ බව නොදන්නා ගොතටුවේ "නැනෝ සෙකන්ඩ්" රේවත, තව තවත් ගැඹුරට වල කපාගෙන යන හැටි පේනව.

    * පින්වත් ෆියෝනා, ඒ කොහොම වුනත් අපේ සැක සංකා දුරු කරන්නට ඔබ ඉදිරිපත් වීම ප්‍රසංශනීයයි.

    රේවත විසින් කොපිරයිට් ක්ලේම් දමා ඉවත් කල විඩියෝව මෙතැනින් නරඹන්න.

    The ball is in your court.
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    1. මෙතන ගොතටුවේ රේවත බුදුහාමුදුරුවන් වදාල "අසුරු සැනක්" කියන ප්‍රකාශය ඔවර් ඇනලයිස් කොරන්න ගිහින් නාගත්තා කියන එක පැහැදිලියි. බුදුහාමුදුරුවෝ බොරු නොකියනවා වුනාට බණ කිව්වේ සම්මුති ලෝකයේ භාෂාවෙන්, උපමා උපමේය පාවිච්චි කලා නොවැ. ඉතින් අසුරු සැනක් කියන වචනේ එල්ලිලා "පුස් හරඹ" දැක්වීම ගැලරියට කොරපු වැඩක් වගේ අපට පෙන්නේ.

    ගොඩනගාගත්ත දේවල් වලට සාපේක්ෂව තමයි පේන්නේ. ඉතින් එක එක අයට එක එක දේවල් පේනවා.

    නැනෝ සෙකන්ඩ් කිව්වහමත් සමහර අය බය වෙන්ටැති. මෙතන බුදුන්වහන්සේ එම්ෆසයිස් කලේ "ඉතාම සුලු කාලයක් වැඩුවත් එහි ආදීනව බොහෝය " කියන එක බවයි මගේ වැටහීම

    කාලය කියලා මානයක් ගොඩනගලා තියෙන්නේ වෙනස්වීමක් මනින්න. වෙනස්වීමක් හමුබුනොත් ඊට සාපේක්ෂව කාලය පනවන්න පුලුවන්. වෙනස්වීමක් පනවන්න ත් මොනාහරි වෙනස්වෙමින් පවතින්න ඕනේ. සරලව *පවතින්න ඕනේ* මොකද වෙනසකට සාපේක්ෂව තමයි පැවැත්මක් define වෙන්නෙම.
    පවතින දෙයක් හොයාගන්න බැරිනම් දැන් කාලය අදාලද?

    ඉබේ වැඩෙනවා නම් බුදුන් වහන්සේ එය "මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ" ආකාරයෙන් වඩන්නට අනුදැන වදාලේ මන්ද? බුදුන් වහන්සේ දේශනා කල ධර්ම කරුණකට ඌණ පූර්න සැපයීම අබූතයෙන් බුදුන් වහන්සේට චෝදනා කිරීමක් පමණි. බුදුන් වහන්සේ දේශනා නොකල යමක්, දේශනා කලා යැයි හැඟවීම සංඝ භේදයට උඩගෙඩි දීමක්ම වෙයි.

    අනිච්ච සංඣාව වැඩෙන වෙලාවයි කාලයෙන් ස්වායක්ත. ඒකට වීර්යය සහ අරමුණට නැමී ඇති ස්වභාවය පවතින්න ඕනේ, ඡන්දය සමග කාර්ය කරන්න ඕනේ. එතන කාලයෙන් ස්වායක්ත නැ.

    ඒක තමයි සතිපට්ටාන භාවනාව, සති සම්පජඣ්ජය වඩන්නේ. නැවත නැවක ධර්මය අහන්නේ. ධහම් සාකච්චා කරන්නේ කල්‍යාණ මිත්‍රයන් එක්ක.

    සතර ඍධිපාද ධර්මයන් ගැන කියලා තියෙන්නෙත් ඒ නිසා. නිකන් ඉදලා නිවන් දකින්නේ නැහැ ඒත් නිවන තුල කිරීම් සහ නොකිරීම් දෙකම නැ.

    @ewijesekara ඔයා කියන අනිච්ච සංඣාව වඩන එක ගැන සදහන් සූත්‍රයේ කියවීමට අනුව, අනිච්ච සංඣාව වඩන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?
    ------ Post added on Oct 1, 2025 at 10:24 PM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    Sounds like [පද පරම Ultra Max Pro++ with Extra Toppings] :ROFLMAO:

    බලන්නකො ඔය video එකේ පද highlight කරන අපූරුව
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව් මේක හරි. අනිච්ච සංඣාව කියන්නේ යෝනිසෝ මනසිකාරය. එතන කිරීම්/ නොකිරීම් නැහැ.

    වඩන එක වෙන්නේ ලෞකික නිමිත්තක් එක්ක. නිමිත්තක් විදිහට ගන්න පුලුවන් දෙයක් හම්බෙන්නැති ශුන්‍යතාවයක මොනවා වඩන්නද?

    ඒක තමයි මේක සෝවාන් වුන අයට වැඩෙනවා කියන්නේ.
    අංගුත්තර නිකායේ හම්බෙන "අනිච්ච සුත්‍රය-( නිච්චතෝ සමනුපස්සතෝ සුත්‍රය)" මේ පහලින් දැම්මේ

    anichcha-suthraya.png

    මේකේ කියන්නේ සබ්බ සංස්කාරයේ අනිත්‍ය බලන භික්ෂුවට අනුලෝම කෂාන්තිය උදාවෙලා සම්මා දිට්ටිය ඇතිවීමෙන් සෝවාන් ඇතුලු මග පල ලැබෙන බවයි..
     
    Last edited: