උඩකොටුව බෝධ් සමීප භීමතිත්ත රජමහා විහාරය බෙන්තොට | 2025-10-28 අගහරුවාදා
අද මාසේ අන්තිම සතිය, කොහෙ හරි යන්න හිතාගෙන ඔෆිස් නිවාඩුවක් දැම්මා.. වැස්ස නිසා ගොඩක් දුර නොගිහින්, බෙන්තොට පැත්තේ තියන ලස්සන පන්සලක් බලන්න යන්න හිතුනා. ඉතින් උදේට කාලා එහෙම ගෙදරින් පිටවෙලා බස් එකේ ගිහින් කඩවත හයිවේ බස්ටෑන්ඩ් එකට ආවා. උදේ 8.30 පිටවන අලුත්ගම හයිවේ බස් එකේ නැගලා වාඩි උනා... බස් එක හරියටම 8.30 ට පිටත් උනා. රු.570 ක ටිකට් ගත්තා. බස් එක උදේ 9.30 වෙද්දි වැලිපැන්නෙන් පිටවෙලා සාමාන්ය පාරට ආවා. 9.50 වෙද්දි අලුත්ගම බස්ටෑන්ඩ් එකට ආවා. එතනින් කෙටි කෑමක් කාලා එහෙම, මම ගූගල් මැප් එක බලාගෙන උඩකොටුව පන්සල හොයාගෙන පයින්ම ගියා. කිලෝ මිටරයකටත් ටිකක් වැඩි දුරක් තමයි යන්න තිබ්බෙ. උදේ 10.30 වෙද්දි මට පන්සලට ඇතුල් වෙන්න පුලුවන් උනා. බෙන්තර ගගේ ඉදිකර තිබූ ලස්සන පන්සලක්. මම කුඩා පාලම් මතින් යමින් පන්සල පුරාම ඇවිද්දා. වෙන කවුරුත්ම හිටියේ නෑ... විශාල බුද්ධ ප්‍රතිමාවකුත් ඉහලින්ම තිබුනා. බෙන්තර ගග අවට , ලස්සනටම පේන්න තියනවා. එක් පසකින් දුම්රිය ගමන් කරන පාලමත්, බෙන්තර පාලමත් පේන්න තිබුනා. කෝච්චියකුත් යනවා දැක්කා.. පහල තියන ලින්ක් එකෙන් විනාඩි 6 ක කෙටි වීඩීයෝව බලන්න. සුන්දරත්වය බලා ගන්න.. මේ විහාරාය හවස වේලාවක ගතකරන්න හොදම තැනක් කියලා හිතුනා. ඉර බැහැලා යන හැටි ලස්සනට බලාගන්න පුලුවන් වෙයි. මේ පන්සල දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ලද ස්ථානයක්.. දුටුගැමුණු රජුගේන් පසු රජ කමට පත් වූ සහෝදර සද්ධාතිස්ත රජු මෙම විහාරස්ථානයේ ආරම්භක පුරෝගාමියා කියලා පැරණි පොත පතෙහි සඳහන්ලු. 1505 පසු විටින් විට විදේශීය ආක්‍රමණවල ලක් වුනාලු. බෝධි රාජයානන් වහන්සේට ද දිගු ඉතිහාසයක් තියනවලු.. ඉතින් කෙටි වේලාවක් මෙහි ගත කරලා මම ආපහු පයින් අලුත්ගම බස්ටෑන්ඩ් එකට ආවා. ඊට පස්සේ තවත් ගමනක් යන්න බස් එකට නැග්ගා.. ඒ ගැන වෙනම පෝස්ට් එකක කියන්නම්...
.
* මේ ගමනේ විනාඩි 6 ක කෙටි වීඩියෝව බලන්න.. :
.
* මගේ පසුගිය සියලුම සංචාරයන් Index >>>>