උඩවත්ත කැලේ - මහනුවර

PASAN147

Well-known member
  • Oct 19, 2006
    803
    1,431
    93
    Heiyanthuduwa - Kelaniya
    උඩවත්ත කැලේ | 2025-05-10 සෙනසුරාදා
    අද නුවර පැත්තේ දළදා මාළිගාවටත්, උඩවත්ත කැලේ පැත්තෙත් යන්න හිතුනා. මම මීට අවුරුදු 15 කට කලිනුත් යාලුවෝ සෙට් එකක් එක්ක උඩවත්ත කැලේ ගිහින් තිබ්බා. ඒත් කූඩැල්ලො නිසා කෙල්ලො කෑ ගැහුවා නිසා හරියට අපි ඇවිද්දෙ නෑ. ඉතින් අද උදේ 5.45 ට විතර ගෙදරින් පිටවෙලා බස් එකක ඇවිත් 6.15 ට කිරිබත්ගොඩට ආවා. හෝල්ට් එකේ ඉද්දි 6.25 ට ආව මහනුවර යන බස් එකක නැග්ගා. රු.380 ටිකට් ගත්තා නුවරට. සෙනග නිසා හිටගෙනම ගිහින් පිලිමතලාවෙ වාඩි වෙන්න ලැබුනා.. උදේ 9.30 ට නුවරින් බැස්සා. කෑම කඩේකින් කෙටි කෑම කෑවා. ඊට පස්සෙ ගූගල් මැප් බලන් උඩවත්ත කැලේට පයින්ම ගියා කි.මි 1.5 ක විතර දුරක් යන්න තිබ්බා. උදේ 10.15 ට විතර උඩවත්ත පිවිසුමට ඇවිත් රු.75 ක ටිකට් එකක් ගත්තා. කැලයට ඇතුල් වෙලා, කැලේ පුරාම කිලෝ මීටර් ගනන් ඇවිද්දා. වීව් පොයින්ට් එකක් තිබ්බා , නුවර නගර වීව් බැලුවා. ගල් ලෙනක්, පුස් වැල් බැලුවා. (පහල තියන කෙටි විඩීයෝව බලන්න) කූඩැල්ලො නම් හිටියෙම නැ වගෙ දැන් නම්. එක කූඩැල්ලෙක් විතරයි මගෙ කකුලෙත් එල්ලිලා හිටියෙ...මෙහෙම කැලෑවෙ ඇතුලේ පැය 2 කට ආසන්න කාලයක් ඇවිදලා, කැලෙන් පිටවෙන්න පිවිසුමට ඇවිත් එලියට ආවා. ඊට පස්සේ ආපහු පයින්ම ගිහින් දළදා මාළිගාව පැත්තට ගියා. දළදා මාළිගාවට ඇතුල් වෙලා වැද පුදාගෙන එළියට ඇවිත් දවල්ටත් කාලා බස්ටෑන්ඩ් එකට ගියා. කොළඹ යන සීටීබී බස් එකක් තිබ්බා. එකේ නැගලා රු.380 ක් කිරිබත්ගොඩට ටිකට් ගත්තා. බස් එක පිට වෙලා පැය 3.30 කින් විතර කිරිබත්ගොඩ ආවා. තවත් බස් එකක ඇවිත් හවස් වෙද්දි ගෙදර ආවා.
    .
    * මේ ගමනේ කෙටි වීඩියෝව (10 min.) බලන්න..

    පසුගිය සියලුම සංචාරයන් බලන්න Index >>>
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,626
    8,982
    113
    :shocked:කොටි වලස්සු වගෙ සත්තු ඉන්න පුලුවන්ද කැලෙ?

    හඳුන් දිවියො ඉන්නවා

    දවල්ට කෑවෙ කොහෙන්ද ?
    ------ Post added on Dec 7, 2025 at 7:24 PM
     
    • Like
    Reactions: sinhawanshaya

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,641
    113
    Panadura
    ඔතන ගේට්ටුව ඉස්සරහා පන්සලට එක පාරක් දානයක් දෙන්න ආවා. ඒ ඇවිත් උඩවත්ත කැලේ ගියා. තඩි වල් ඌරෝ ඉන්නවා කැලේ
     
    • Like
    Reactions: PASAN147