උඩුවේ අලියා ගෙනාපු හැටි - මාධ්‍යවේදී සජීව &#35

waligamaya

Well-known member
  • උඩුවේ අලියා ගෙනාපු හැටි - මාධ්‍යවේදී සජීව &#35

    1e1c088a183c78c850b30bc5904c23d3_XL.jpg

    මේක සෑහෙන්න දිග කතාවක්. වර්ෂය 2005 ඉමදුව නගරයේ ධර්ම දේශනයක් සංවිධානය කළා. එයට ආපු ප්‍රධාන හිමියන් උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. මට මතකයි උන්වහන්සේ පිළිගන්න තැන සිට ඉමදුව නගරයට පෙරහැරකින් වඩම්මවාගෙන යන පාර සරසන්න මම බෞද්ධ කොඩි හොයන්න සෑහෙන්න මහන්සි වුණා. එදා මම සැදැහැවත් බෞද්ධයෙක් විදියට මේ අවස්ථාවට සහභාගී වුණේ මා ඉතා ගරු කළ, ඇළුම් කළ උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් උපන් දැඩි ගෞරවයකින්.

    ඊට පස්සේ යළිත් උඩුවේ ධම්මාලෝක හිමියන් මගේ ඇස් ඉදිරිපිට සත්‍ය වශයෙන් ම පෙනී සිටින්නේ 2011 අගෝස්තු මාසයේ 22 දා රාත්‍රියේ.

    ඒ කතාව මෙන්න මෙහෙමයි.

    මමත්, බිරිඳත් දරුවන් හා අම්මාත් සමග කොළඹ ගියේ අපේ මල්ලී Nadeeka Jayanath Wijeweera ගේ නිවසට. ඇදිරි වැටීගෙන එද්දී අපි තීරණය කළා බිරිඳගේ නංගීගේ Madhavi Lokukaravia නිවසට රාත්‍රී නවාතැන් සඳහා යාමට තලවතුගොඩ තිබූ මල්ලිගේ නිවසේ සිට මගේ වාහනය පාරට දමා මද දුරක් යද්දී ඉස්සරහා අසුනේ සිටි පොඩි පුතා කෑ ගහනවා.

    ‘‘අප්පච්චී, අප්පච්චී. අන්න අලි පැටියෙක්.“

    ඇත්තමයි. පුංචි අලිපැටියෙක් කොළඹ ප්‍රධාන මාර්ගයක යන ලොරියක පටවගෙන යනවා. ඒ වනවිට සිදුවෙමින් පැවති අලි ජාවාරම ගැන මා කරුණු සොයමින් සිටියේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව මේ තරම් පොඩි අලියෙක් සිටිය නොහැකි නිසා මා වහාම ඒ බව දැනුම් දීමට පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථනයෙන් කතාකළත් 119 සුපුරුදු පරිදි කාර්ය බහුලයි. අවසානයේ දී කරන්නට දෙයක් තිබුණේ නැහැ. තලවතුගොඩ පසුකර මද දුරරක් යන විට අලි ලොරිය පසු කර ගිය මම කාරය නවතා ලොරියේ ඡායාරූප කිහිපයක් ගත්තා.

    නමුත් එයින් සෑහීමකට පත් නොවූ මම බත්තරමුල්ල ඉසුරුපාය පසු කර ගිය විට ඇති පාලම් තුන අසළ දී මේ ලොරිය නවතා ගැනීම සඳහා මගේ කාරයේ එක් පැත්තක් ලොරියේ ගැටීමට සැලුස්වුවත් ලොරිය නවැත්තුවේ නැහැ. අවසානයේ ඇතුල්කෝට්ටේ හන්දිය අසළ දී පාරේ සිටි පොලිස් නිලධාරියකුට මේ ලොරිය ගැන දන්වා ලොරිය නවතා ගැනීමට මට හැකිවුණා.

    ඒ වනවිට මම මගේ මල්ලිටත්, Madura De Silva , Nadika Hapuarachchi , Jagath Gunawardana, Sajeewa Chamikara, Karyawasam Thilak (තිලක් කාරියවසම්), Pubudu Weerarathna වැනි කිහිප දෙනකුට මේ පණිවිඩය දී අවසන්. ඔවුන් ද එතැනට පැමිණෙමින් සිටියේ මගේ සහයට. (එදා ඔවුන් නොපැමිණෙන්නට අද මා ජීවතුන් අතර නොසිටින්නටත් ඉඩ තිබුණා.)

    ලොරිය නැවැත්වූ වහාම එහි රියදුරා සහ ඇත්ගොව්වා පැමිණ කීවේ මේ අලියා උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලට අරගෙන යන බවයි. අලියා ගෙන ආවේ පන්නිපිටියේ විහාරස්ථානයකින් (සියල්ලෝම දනිති) බවත් ඔවුන් කීවා. නමුත් ඔවුන් සතුව අලියාගේ බලපත්‍රයේ පිටපතක් හෝ අලියා ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් හෝ තිබුණේ නැහැ.

    මේ වේලාවේ වාහන තදබදය හේතුවෙන් අලියා සහිත ලොරියටත් මටත් වැලිකඩ පොලිසියට යන ලෙස පොලිස් නිලධාරියා උපදෙස් දීම නිසා අපි එහි ගියෙමු. නමුත් පොලිසියට ගිය වහාම අපිට දෝෂාරෝපණය කළ පොලිසි ස්ථානාධිපතිවරයා කියා සිටියේ හාමුදුරුවන් තමන්ට කෝල් කළ බවයි. වහාම අලියා රැගෙන යන ලෙසත් පිස්සු නටන්නේ නැතිව ඉන්නා ලෙසත් පොලිසිය මටත් ඒ වනවිට එහි පැමිණි මගේ මිතුරන් කිහිප දෙනකුටත් දෝස්මුරයක් දැම්මා.

    ලොරිය කඩිනමින් පොලිසියෙන් ඉවත්ව ගියත් අපේ Nadika Hapuarachchi තවත් කිහිප දෙනකු සමග ලොරිය පසුපස හඹා ගොස් ලංකා හොස්පිට්ල් ඉදිරිපිට දී යළිත් ලොරිය කොටු කර ගත්තා.

    මේ වනවිට රටේ මාධ්‍ය ආයතන රැසකට මා මේ පිළිබඳ දැනුම් දුන්නේ වනයෙන් ගෙන ආ පුංචි හොර අලි පැටවකු ප්‍රවාහණය කරමින් සිටිය දී පරිසරවේදීන් පිරිසක් විසින් අල්ලා වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමට කටයුතු කරන බවයි. සියළු මාධ්‍ය ආයතනවලින් පුදුමාකාර සහයෝගයක් ලැබුණේ මොහොතකින්.
    වනජීවී වැටලීම් නිලධාරීන් ද ක්ෂණයකින් එතැනට පැමිණිය. ඒ පැමිණි මොහොතේ පටන් රට පුරා සිටින වනජීවී විෂය භාර ඇමතිවරයා, ජාතික හෙළ උරුමයේ ප්‍රබලයන්, වෙනත් දේශපාලකයන් කතා කරමින් අලියා මුදා හරින ලෙස දැනුම් දුන්නා.

    නමුත් මාධ්‍ය හමුවේ ඊට ඉඩක් ලැබුණේ නැහැ.

    පැය ගණනක මහන්සියක ප්‍රතිඵලය වුණේ අලියා වනජීවී භාරයට පත්කර බත්තරමුල්ලට රැගෙන යාමයි. නමුත් අලි ජාවාරම් කරුවන් මෙය අවසන් කළේ නැහැ.

    මා හැමදාමත් ගරු කළ උඩුවේ ධම්මාලෝක හිමියන් බත්තරමුල්ල වනජීවී කාර්යාලයට වැඩියා.
    උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මෙතෙක් අසා තිබුණේ ධර්මය පිළිබඳ කරුණු පමණයි. නමුත් එදා අපි අපේ අම්මලා තාත්තලාගේ උප්පැන්න සහතිකත් අහ ගත්තේ ඒ ශ්‍රී මුඛයෙන්මයි.

    අවසානයේ අපේ කණ්ඩායමත් 40ක් පමණ වුණා. ( කොළඹ සිටි මගේ යහළුවන් හා පරිසරයට හිතැති බොහෝ දෙනකු මෙතැනට පැමිණ විශාල සහයක් ශක්තියක් සැපයුවා මට මතකයි.)
    මේ අතර එක් මිතුරෙක් සිය පුතු වඩාගෙන මධ්‍යම රාත්‍රිය පසුවන තුරු සිටියේ පරිසරයට ඇති ඇල්ම නිසා. පුතුට නින්ද ගිහින් තිබිය දී එතැනට ගිය හාමුදුරුවෝ මෙහෙම අහනවා.

    ‘‘මේ දරුව කාගෙද ? "

    ‘‘මගේ හාමුදුරුවනේ"

    ‘‘ වෙන්න බෑ. උඹලවගේ අවලම් එවුන්ට දරුවො ලැබෙන්නේ නැහැ. මේ අලි පැටියා මම කවලා පොවලා හදා ගත්තේ. උඹලා ඒවා විනාශ කරනවා. මේ දරුවෝ උඹලගේ නෝනා වල් කමේ ගිහින් හදා ගත්තුවා."
    මගේ මිත්‍රයා මෙහෙම කිව්වා. - ‘‘හාමුදුරුවනේ ඒ කාලේ ඡන්දෙ ඉල්ලද්දී මම ඇවිත් වැඩ කළේ මේ වගේ කතා අහගන්න නෙවෙයි. ඔබ වහන්සේලා වගේ අය පාර්ලිමේන්තු යවලා උස්සල තියපු අපිට මේව හොඳ පාඩම් ''

    මා මෙහි සඳහන් කළේ එදා කී දේ වලින් ලිවිය හැකි දේ පමණයි. අනිත් දේවල් ලියන්න තියා අහගෙන ඉන්නවත් බැහැ.

    මධම රාත්‍රියත් පසුවන තුරු අලියා නීති විරෝධී බව හැඟවීමට අප කළ සටන අවසන් වුණේ රටේ ඉහළම පුරවැසියකුගෙන් ලැබුණු ඇමතුමක් සමගින්.

    එදා අපි ගෙවල්වල යන්න එළියට බහිද්දී වනජීවී නිලධාරීන් කීවේ මහත්තයෝ යන්න එපා. වාහනවල ටයර් කපලා. එළියේ ලොරිවල ඉන්නවා පොලු තියාගෙන කණ්ඩායමක්. මහත්තයලාට ගහන්න ඇවිත්.
    මෙන්න බෞද්ධ පිරුවටයට සැඟවී සිටින අලි ජාවාරම් කාරයන්ගේ කෙරුවාව.

    අවසානයේ අපිට සිදුවුණා පොලිස් ආරක්ෂාව ඉල්ලන්න. පොලිසිය පැමිණ ලොරිවල සිටි පොලු සහිත මැරයන් යළි හරවා යැවූ පසු අපි ගෙවල්වල ගියේ පොලිස් ආරක්ෂාවත් සහිතව.
    මේ තමයි එදා ක්‍රියාත්මක වූ අලි ජාවාරමේ සැබෑ තත්ත්වය.
    මේ අලි පැටව් වනාන්තරයේ සිට කොළඹට ගෙන ආවේ පැටවාගේ මව මරා දාලා බව තහවුරු වූ කරුණක්.

    රුපියල් ලක්ෂ හතරක් පමණ වැය කරමින් පුවත් පත් දැන්වීම් දමා පන්සලට ගෙනවිත් දැමූ අලියා වෙනුවෙන් නඩු කියන්න රුපියල් 10 ඉල්ලන අපේ හාමුදුරුවනේ දෙසනවා ද බුදු බණ ඩිංගිත්තක්.

    - මාධ්‍යවේදී සජීව විජේවීරගේ හෙලිදරව්ව ෆේස්බුක් සමාජ ජාලයෙන් උපුටා ගන්න ලදී.

    කෙසේ නමුත් උඩුවේ නම් කහකඩයා නිති විරෝධීව ළඟ තබා ගත් අලි පැටවා කොලොන්නාවේ සුමංගල නම් හොර අලි ජාවාරමේ යෙදුනු කහඩකයා මඟින් අලි රොෂාන් නම් වල අලි ජාවාරම් කරුවාගෙන් මිලදී ගෙන ඇති බව මේ වන විට පොලීසිය තහවුරු කර ගෙන ඇති බව පැවසේ.
     
    • Like
    Reactions: chinmak

    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,752
    113
    අලියා ගත්තේ මුදලට ඇත්ගොව්වා පවසයි

    පන්සලේ දමා ගිය අලි පැටවා තමා විසින් බලාගත් බවට උඩුවේ ධම්මාලෝක හිමියන් කරන ලද ප‍්‍රකාශය සාවද්‍ය ප‍්‍රකාශයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇතැයි වාර්ථා වේ.

    ඇලන් මැතිනියාරාමයේ අලි පැටියා බලාගත් ඇත්ගොව්වා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් ලබා දී ඇත. එම සාක්ෂිකරු ප‍්‍රකාශ කර ඇත්තේ උඩුවේ ධම්මාලෝක හිමියන් මෙම ඇත් පැටියා අලි රොෂාන්ගෙන් මිලදී ගත් බවයි.

    උඩුවේ හිමියන් මිලට ගත් අලි පැටියා බලා ගැනීම තමන්ට පැවරූ බවත් ඇත්ගොව්වා සඳහන් කර ඇත. තතු එසේ තිබිය දී පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වා පන්සලේ ගේට්ටුව ළඟ දමා ගිය අලි පැටියා තමන් විසින් හදාගත් බවට උඩුවේ හිමියන් කරන ලද ප‍්‍රකාශය විහිළුසහගත එකක් බවත් එය මේ රටේ ජනතාවට මුසාව දේශනා කිරීමක් බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. පවතින නීති අනුව ජාතික වස්තුවක් ලෙස සැලකෙන අලි පැටියකු ගේට්ටුව ළඟ දමා ගියත් රහසිගත ලෙස ළඟ තබා ගැනීම නීති විරෝධී බවත් ලොව දුලබ වන ජීවියකු ගෘහාශ‍්‍රිතව ඇති කරන බල්ලන් පූසන් සේ සැලකීමට නීතියෙන් ඉඩක් නැති බවත් හෙතෙම සඳහන් කළේය. අලි පැටියකු ළඟ තබා ගන්නේ නම් ඒ සඳහා නීතිමය ක‍්‍රියාවලියක් සම්පූර්ණ කළ යුතුව ඇත. උඩුවේ හිමියන් එකී වගකීම පැහැර හැර සාපරාධී සහ සාවද්‍ය ලෙස අලි පැටියා තමා සන්තකයේ රඳවාගෙන ඇත.

    ඇත් ගොව්වාගේ සාක්ෂිය අනුව වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය. නීති විරෝධී ලෙස අලි පැටියා ළඟ තබා ගැනීම සම්බන්ධව සියලූ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර නීතිපතිවරයාට අදාළ ලිපිගොනු යොමු කිරීමෙන් අනතුරුව උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස නිර්දේශ කර ඇත.

    උඩුවේ ධම්මාලෝක හිමියන්ට අමතරව අලි ජාවාරමට සම්බන්ධ තවත් චීවරධාරීන් හත් දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මීට අමතරව දෙව්රම් වෙහෙරේ වැඩ වසන කොළොන්නාවේ සුමංගල හිමියන්ගෙන් සජින් වාස් ගුණවර්ධන මිලදී ගත් අලි පැටියා පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පවා නිර්දේශ කර තිබිය දී අධිකරණ නියෝග ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් අලි ජාවාරමට සම්බන්ධ සෙසු පුද්ගලයන්ට එරෙහිව ද නීතිය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වීම ගැටලූ සහගත බව පොලිස් දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති.

    - දයා නෙත්තසිංහ

    - http://sathhanda.lk/news/1611-2016-02-20-06-04-01
     
    waligamaya

    Well-known member
  • අලියා ගත්තේ මුදලට ඇත්ගොව්වා පවසයි

    :nerd::nerd:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Boru kiya kiya Niwan dakinna puluwanda? aththatama me colombo awata inna pansal wala hamuduruwaru silwath da?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    බලපන් ඉතින් මුන්ගේ නේ... මුන් ඉන්න කොට බුදු දහම රැකෙයිද ඉතින්....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ලංකාවේ කැලෑවල මසකට අලිඇතුන් 6-7දෙනෙක් මියයනවා මිනිස් ක්‍රියාකාරකම් නිසා.
    මේ කියන පරිසර හිතවෙදීන් ඒවාට කතා නැත්තේ ඇයි.
    මේ කටයුත්ත සදාරණීය කරනවා නොවේ. හැබැයි පන්සල්වල ඉතුරුවෙලා ඉන්න අලි විතරයි දවසක අපිට ඉතුරුවෙන්නේ මෙහෙම යනකොට.
    බැරිද ඔය ලොකුවට කෑගහන අයට කැලේ මැරෙන අලි බලාගන්න?
     
    Last edited:

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ලංකාවේ කැලෑවල මසකට අලිඇතුන් 6-7දෙනෙක් මියයනවා මිනිස් ක්‍රියාකාරකම් නිසා.
    මේ කියන පරිසර හිතවෙදීන් ඒවාට කතා නැත්තේ ඇයි.
    මේ කටයුත්ත සදාරණීය කරනවා නොවේ. හැබැයි පන්සල්වල ඉතුරුවෙලා ඉන්න අලි විතරයි දවසක අපිට ඉතුරුවෙන්නේ මෙහෙම යනකොට.
    බැරිද ඔය ලොකුවට කෑගහන අයට කැලේ මැරෙන අලි බලාගන්න?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 11, 2015
    394
    40
    0
    hinaa kaala pana yana oi mewwata.. siwura porawan mewage boru kiyana un panapitin apaaye yanna one.. ape budu haamuduruwanta karana agawrawayak me wage horu cheeware porawan indeema..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ado oya mahaloku majjawediya ochcharatama oya loriya passen gihin uu ma hithala car ekath loriye waddagena,polisiyata hamuduruwo awilla oya kiyana tika kiyaddi oka video karaganna aduma gane 2MP cam ekak thiyena nokia phone kattak wath mun laga thibbe nadda ban :lol:

    hena gon keppayak meka, me wage gon talks boru pacha walata ahu wela thamai gon harak rala jan 8 wenida ratata kalala ariye, thawa puka depalla oya wage ponna NGO huththalata....

    okunta wilpattu penne naha,ali wedi walin hakka patas walin kale marila yana ali penne naha,pansalaka piliwelata hadana aliyek dakkama thamai puka kasanne..ponna hathikare
     
    • Like
    Reactions: චගු

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ලංකාවේ කැලෑවල මසකට අලිඇතුන් 6-7දෙනෙක් මියයනවා මිනිස් ක්‍රියාකාරකම් නිසා.
    මේ කියන පරිසර හිතවෙදීන් ඒවාට කතා නැත්තේ ඇයි.
    මේ කටයුත්ත සදාරණීය කරනවා නොවේ. හැබැයි පන්සල්වල ඉතුරුවෙලා ඉන්න අලි විතරයි දවසක අපිට ඉතුරුවෙන්නේ මෙහෙම යනකොට.
    බැරිද ඔය ලොකුවට කෑගහන අයට කැලේ මැරෙන අලි බලාගන්න?

    :yes::yes::yes::yes::yes::yes: