උඩු ගුවනේදී දෙවරක් කඩා වැටුණු Qantas Flight 72

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උඩු ගුවනේදී දෙවරක් කඩා වැටුණු Qantas Flight 72

    2008 වසරේදී Qantas Flight 72 ගුවන් යානය මගීන් 303 දෙනෙක් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 12 දෙනෙක් සමඟ ඉන්දියන් සාගරයට ඉහලින් මීටර් 11 000 පමණ උසකදී පිස්සු නටපු අවස්ථාවක් පිළිබඳව ඔබත් අසා තිබෙනවාද? ඒ ආකාරයට යානය පිස්සු නැටූ බව සදහන් කරන්නේ එහි ප්‍රධාන ගුවන් නියමුවා වන Kevin Sullivan විසින්.
    පිස්සු නැටූ යානය, ගමන් කල මගීන්ට දෙවරක්ම මර බිය ඇති කල අතර මගීන් කිහිපදෙනෙකුට බරපතල තුවාල ඇති කරන්නටද සමත් වූවත් නියමුවන්ගේ දක්ෂතාවය හේතුවෙන් ජීවිත හානි වලින් තොරව යානය ගොඩබෑමට හැකියාව ලැබෙනවා. මේ අනතුර සිදු වූ ආකාරය පිළිබඳව හා අනතුරෙන් පසු ක්‍රියාත්මක වූ අයුරු පිළිබඳවයි අද ලිපිය.
    ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට යා යුතු ගුවන් යානය ලියර්මන්ත් ගුවන්තොටුපළට

    014-11-701x546.jpg

    Qantas Flight 72 ගුවන් යානය. (Mapio.net)

    2008 වසරේ ඔක්තෝම්බර් මස 8 වෙනිදා උදෑසන 9.30ට පමණ සිංගප්පූරුවේ චන්ගි ගුවන්තොටුපළේ සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන්තොටුපළට ගමන් කිරීම ආරම්භ කරන Qantas Flight 72 ගුවන් යානය ගමන් අරඹා ස්වල්ප වේලාවකින් බටහිර ඕස්ට්‍රේලියාවේ ලියර්මන්ත් ගුවන්තොටුපළට හදීසියේම ගොඩබාන්නේ මගීන්ට හා කාර්ය මණ්ඩලයට බරපතල තුවාල සිදු වීම නිසයි.
    Qantas Flight 72 ගුවන් යානය A 300-301 Air Bus ගණයට වැටෙන නවීනතම ගුවන් යානයක් ලෙස 2003 වසරේ නොවැම්බර් මාසයේදී Qantas වෙත ඉදිරිපත් කල අතර 2004 වසරේදී එහි එන්ජින් වර්ගය වෙනස් කිරීමෙන් අනතුරුව නැවතත් එය A 330- 303 ලෙස නම් කර Qantas වෙත භාර දෙනු ලබනවා. එසේ ලබාගත් යානයක් තමයි ඔවුන් මෙම ගමන සඳහා යොදවන්නේ.
    උඩු ගුවනේදී සිදු වූයේ කුමක්ද?

    02-701x189.png

    Qantas airways (www.underconsideration.com)

    උදෑසන 9.32ට පමණ පර්ත් බලා ගමන් ආරම්භ කරන ලද Qantas Flight 72 යානය උදෑසන 10 වන විට සුපුරුදු පරිදි අඩි 37,000ක් (11,000m) උසක් හා මාක් 0.82 වේගයක් (1012.536 kmh-1) ලබා ගන්නවා.
    දහවල් 12.40ට පමණ අනතුරක සේයාවක් යානය මෙහෙයවන ගුවන් නියමුවන්ට දැනෙන්නට පටන් ගන්නවා. ඒ මොහොතේ යානයේ air data inertial reference (ADIRS) පද්ධතිය මගින් වැරදි දත්ත ලබා දීමෙන් යානයේ ස්වයං නියමු පද්ධතිය (Autopilot) ක්ෂණිකව බිද වැටෙන අතර ගුවන් නියමුවන් වෙත අනතුරු ඇගවීමේ සංඥා නිකුත් වෙනවා. එම අනතුරු ඇගවීමත් සමඟ ප්‍රධාන නියමු Kevin Sullivan විසින් යානයේ පාලනය සියතට ගැනීමට සමත් වෙන අතර යානය අඩි 37,180 ක් ඉහළට රැගෙන යාමට ඔහුට හැකියාව ලැබෙනවා. නමුත් තවත් විනාඩි දෙකකින් යානය අඩි 650ක් පහළට ඇදී යන අතර එයට ගත වෙන්නේ තත්පර 20ක් පමණ කෙටි කාලයක්.
    ගුවන් නියමුවන්ගේ උත්සාහය හේතුවෙන් යානයේ අඩපණ වීමේ සීග්‍රතාවය අඩු වෙන නමුත් නැවතත් 12.45 වන විට දෙවන කඩා වැටීම සිදු වෙනවා. එලෙස යානය තත්පර 16ක් ඇතුළත අඩි 400ක් පමණ පහළට ඇදී යාමක් සිදු වෙනවා.
    මෙම කඩා වැටීම් දෙකත් සමග යානය තුළ සිටි මගීන් එහෙ මෙහේ විසිවීම තුළින් ඔවුන් කිහිපදෙනෙක් බරපතළ තුවාල ලබා සිටි බැවින් හා තව දුරටත් යානය ගුවනේ රදවා ගැනීම අපහසු බැවින් එය බටහිර ඕස්ට්‍රේලියාවේ ලියර්මන්ත් ගුවන්තොටුපළට ගොඩ බෑමට නියමුවන් විසින් තීරණය කරනවා.
    ආරක්‍ෂිතව ගොඩබෑමෙන් අනතුරුව

    0317-701x438.jpg

    ලියර්මන්ත්හි ආරක්ෂිතව ගොඩබෑමෙන් පසු (The Telegraph)

    මගීන් 11 දෙනෙක් හා කාර්ය මණ්ඩලයේ එක් සේවකයෙක් කඩා වැටීම් දෙක හේතුවෙන් බරපතල තුවාල ලබා සිටි අතර තවත් මගීන් 99 දෙනෙකු හා කාර්යමණ්ඩලයේ 8 දෙනෙකු සුළු තුවාල ලබනවා. යානය ගොඩබෑ විගසම ඕස්ට්‍රේලියාවේ Royal Flying Doctor Service නම් ඒකකයට තුවාලකරුවන් යොමු කල අතර එහිදී බරපතල තුවාල ලැබූ 12 දෙනා ඇතුළු රෝගීන් 14 දෙනෙකු ගුවන් මගින් ක්ෂණිකව පර්ත් රෝහලට යැවූ අතර තවත් සුළු තුවාල ලැබූ 39 දෙනෙක් ලියර්මන්ත් රෝහල වෙත ඇතුළු කරනවා.
    ඉතිරි මගීන් හා කාර්ය මණ්ඩලය නැවත සිංගප්පූරුව වෙත රැගෙන ඒමට සිංගප්පූරු රජය විසින් ගුවන් යානා දෙකක් ලියර්මන්ත් වෙතට පිටත් කර යවන අතර මගීන් ආරක්ෂිතව නැවතත් සිංගප්පූරුව වෙතට පැමිණෙනවා.
    විමර්ශනයෙන් පසු අනතුරට හේතූ ලෙස දැක්වූ කරුණු

    0414.jpg

    යානයට හානි වී තිබූ අයුරු (Aviation Accidents)

    ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය (Australian Transport Safety Bureau) විසින් ඕස්ට්‍රේලියානු සිවිල් ගුවන් සේවා ආරක්ෂක අධිකාරිය (Civil Aviation Safety Authority) සමග එක්ව අනතුරෙන් පසු ගුවන් යානයේ Flight recorder (Black box and cockpit voice recorder – ගුවන් නියමු කුටියේ ඇති ගුවන් නියමුවන්ගේ කතා බහ පටිගත් වී ඇති උපකරණය) විමර්ශනයෙන් පසු හේතුව ලෙස යානයේ ගුවන් පාලක ප්‍රාථමික පරිඝනකයේ (Flight Control Primary Computer) මෘදුකාංග නිර්මාණයේදී සිදු වූ යම් යම් දුර්වලතා හා යානයේ Air Data Inertial Reference පද්ධතියේ ඇති වූ දෝෂ වල එකතුවක් ලෙස දක්වනවා.
    වන්දි ගෙවීම්

    0513-701x394.jpg

    ගුවන් නියමු Kevin Sullivan (www.canberratimes.com)

    මෙම අනතුරෙන් පසු එහි ගමන් කල සියළුම මගීන්ට වන්දි ගෙවීමට Qantas Airways විසින් තීරණය කළ අතර ඔවුන් ප්‍රකාශ කළේ සියළුම මගීන්ගේ ගමන් වියදම් ආපසු ලබා දෙන බවයි. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ලන්ඩනයට යෑමට හා ඒමට ගුවන් ටිකට්පත් හා ප්‍රතිකාර සඳහා වැය වන මුදල් සඳහා වව්චර් පත් නිකුත් කරන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.
    නමුත් වන්දි ලබා දීම සඳහා වෙන් වෙන් වශයෙන් අධ්‍යනය කිරීමෙන් අනතුරුව වන්දි ලබා දෙන මගීන් ගණන කප්පාදු කිරීමට ඔවුන් විසින් තීරණය කල බව සදහන් කරන සමහර මගීන් තමන්ට නිසි වන්දි මුදලක් ලබා නොදුන් බව පවසමින් Qantas Airways සමාගමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරනවා.
    ගුවන් යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් සිදු වන්නට ගිය බරපතල ඛේදවාචකයක් දක්ෂ ගුවන් නියමුවන්ගේ ක්‍රියා කලාපයත් නිවැරදි තීරණ ගැනීමේ හැකියාවත් හේතුවෙන් වැලකී ගියේ ඔන්න ඔය ආකාරයටයි.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දෙපාරක් කඩන් වැටුනා කිව්වාම මම හිතුවේ පළවෙනි පාර හදලා උඩ ඇරලා ආයේ දෙවනි පාරට කඩන් වැටිලා කියලා..:baffled:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,340
    16,033
    113
    Colombo
    දෙපාරක් කඩන් වැටුනා කිව්වාම මම හිතුවේ පළවෙනි පාර හදලා උඩ ඇරලා ආයේ දෙවනි පාරට කඩන් වැටිලා කියලා..:baffled:

    me too ban
     

    blue_in_rio

    Well-known member
  • දෙපාරක් කඩන් වැටුනා කිව්වාම මම හිතුවේ පළවෙනි පාර හදලා උඩ ඇරලා ආයේ දෙවනි පාරට කඩන් වැටිලා කියලා..:baffled:

    me too ban


    Mamath yako...ai ban api ochchara moda :rofl::rofl:
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    වැටුනා කිව්වාම මම හිතුවේ කඩන් වැටිලා කියලා..