කුලේගෙන් වැටුණු උඩ පන්දුව ගැන ඩිල්ෂාන් මෙසේ කියයි
ලෝක කුසලාන අවසන් මහා තරගයේදී නුවන් කුලසේකර අතින් ගෞතම් ගාම්බීර්ගේ උඩ පන්දුව ගිලිහී ගියවිට ඒ පිළිබඳව දැඩි නොසන්සුන් ආකාරයකින් හැසිරුණු ටී.එම්.ඩිල්ෂාන් එම උඩපන්දුව පිළිබඳව අදහස් දක්වයි.
ඊයේ ඉන්දීය ඉනිම ගොඩනගමින් ලංකාවට දැඩි හිසරදයක් වූ ගෞතම් ගාම්බීර් අඩු ලකුණු ගණනක් ලබා සියදී සුරාජ් රන්දීව්ගේ පන්දුවකට නුවන් කුලසේකර අතට ලබාදුන් අපහසු උඩපන්දුව ඔහු අතින් ගිලිහී යනවිට ඩිල්ෂාන් දැඩි නොසන්සුන්තාවයකට පත්වූ බව ජාත්‍යන්තර රූපවාහිනී විකාශය මගින් ලොව පුරා විකාශය කරනු ලැබීය.
තරගය නිමාවී කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ඩිල්ෂාන් මෙම උඩපන්දු ගිලිහීම පිළිබඳව අද උදෑසන අදහස් දක්වමින් පවසා සිටියේ තරගය පරාජය වීමට හේතුව එම උඩපන්දුව ගිලිහී යාම නොවන බවත් සෑම ක්රීඩකයෙකුම හිතා මතා උඩපන්දු බිම නොදමන බවයි.
මෙවැනි තරගයකදී බාග උඩපන්දු රැක ගැනීම අත්‍යවශ්‍ය වුවත් එම උඩපන්දුව රැක ගත්තද තවත් ඉන්දීය පිතිකරුවෙකුට හොඳ ඉනිමකට යෑමට අවස්ථාවක් තිබුණු බව ඩිල්ෂාන් සඳහන් කළේය.
මන්දයත් මෙම තරගාවලියේ ඉන්දීය පිතිකරු ලයිස්තුව ප්රබලවීම මෙයට හේතුව බව ඩිල්ෂාන් පෙන්වා දුන්නේය.
කෙසේවෙතත්, ක්‍රීඩා විචාරකයින් පවසා තිබුණේ කුලසේකර විසින් ගෞතම් ගාම්බීර්ගේ උඩ පන්දුව රැක ගත්තා නම් ඉන්දීය කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට ලංකාවට හොඳ අවස්ථාවක් තිබූ බවයි.
ලංකාවට ලකුණු 274 ක් ලබාගැනීම සඳහා කුලසේකර අනගි දායකත්වයක් ලබාදුන් අතර ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකිරීමේ පූරෝගාමියෙකු ලෙස ක්‍රියා කළේ ඔහුයි.