උඩ රටට වැස්ස දරුණුයි-තිදෙනෙක් මරුට-පිරිසක
නාය යෑම් හේතුවෙන් මහනුවර දෙවන රාජසිංහ මාවතේ නිවාස 15 ට පමණ විනාශ වී ඇති බවත්, පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මරුමුවට පත්වී 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.
එයින් බරපතල තුවාල ලැබු 6 දෙනෙකු මේ වන විට මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම රාජසිංහ මාවතේ කඩා වැටුණු නිවසක බිත්ති දෙකකට මැදිවී කුඩා දරුවෙකු සිටින බවත්,එකී දරුවා එතැනින් ඉවත් කරලීමට එක් බිත්තියක් පෙරළා දැමූවහොත් අනෙක් බිත්තිය කඩා වැටී දරුවාට අනතුරක් සිදුවීමේ අවදානමක් මතුව ඇති හෙයින් මේ වන විට දරුවා මුදාගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බවත් අප වාර්තාකරු කියා සිටියි.
මේ අතර අම්පිටිය,මරියවත්ත ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් වයස අවුරුදු 9 ක පමණ දැරියක් මරණයට පත්ව ඇති බවත්,බරපතල තුවාල ලැබූ දැරියගේ පියා මහනුවර මහරෝහලට ඇතුළත් කර ඇති බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.
මහනුවර,බෝගම්බර ප්‍රදේශයේ නිවාස 2 ට දැඩි හානි සිදුවී ඇති බවත්,එයින් එක් නිවසක විසූ යුවළකගෙන් ගෙහිමි කාන්තාව බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි සඳහන් වේ.
දොඩංගල,ලේවැල්ල ආදී ප්‍රදේශ ගණනාවක්ද නාය යෑම් තර්ජනයට ලක්වී ඇතැයි වාර්තා වන අතර මේ වන විට මහනුවර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක අධික වැසි හා නායයෑම් තත්ත්වයන් නිසා නිවාස 40 ට පමණ බරපතල හානි සිදුවී ඇතැයි අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි
ඔයාලගෙ පැත්තට කොහමද???