උඩ සාක්කුවේ හැන්ද ...........

Arumbaya De Almeida

Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    hotel-waiter.jpg



    කොරෝනා කාලෙට ඉස්සර රෙස්ටෝරන්ට් වලට ගිහිලා කෑම කාපු කාලෙකුත් තිබුණා. ඒ වගේ දවසක මම යාළුවෝ එක්ක කෑම කන්න ගියා රෙස්ටොරන්ට් එකකට. අපේ වේටර්ගෙ කමිසයේ උඩ සාක්කුවේ හැන්දක් තියෙනවා. වටපිට බලන කොට හැම වේටර් කෙනෙකුගේම උඩ සාක්කුවේ ඒ විදිහට හැන්දක් තියෙන බව මම දැක්කා. වේටර් ආපහු මේසය ළගට ආවම මම ඔහුගෙන් මෙහෙම ඇහුවා.

    ”මල්ලි, මොකද මේ හැන්දක් සාක්කුවේ දාගෙන?”

    රෙස්ටොරන්ට් එක අයිතිකාර කොම්පැනිය කාර්යක්ෂමතාවය වැඩි කරන්න සැලසුමක් හදන්න කන්සල්ටන්ට් කෙනෙකුට බාර දුන්නා. එයා මාස හතරක් විතර ලොකු පර්යේෂණයක් කරලා දළ වශයෙන් පැයක් තුළ එක මේසයකින් හැඳි තුනක් ගානේ බිම වැටෙනවා කියලා නිගමනය කළා.
    වේටර්ලා හොඳ සූදානමකින් හැන්දක් ළග තියාගෙන හිටියොත් අලූත් හැන්දක් අරගෙන එන්න කුස්සියට යන ගමන් වාර ගණන අඩු කරලා එක ෂිෆ්ට් එකකින් මිනිස් පැය 15 ක් අඩු කරගන්න පුළුවන් කියලා කන්සල්ටන්ට් හොයා ගත්තා.
    ඒකයි අපි කවුරුත් අමතර හැන්දක් අරං යන්නේ

    ඒ අතරේ මගේ අතේ තිබුණ හැන්ද බිම වැටුණා. වේටර් තමන්ගේ උඩ සාක්කුවේ තිබුණ හැන්ද අරගෙන මගේ මේසෙ උඩින් තියලා මෙහෙම කිව්වා:

    මම ආයෙත් කුස්සියට ගියාම අලූත් හැන්දක් අරගෙන සාක්කුවට දාගන්නවා. සාක්කුවේ හැන්ද තිබුණේ නැත්නම් මම තකහනියෙන් ආයෙ කුස්සියට ගිහින් හැන්දක් අරගෙන එන්න වෙනවා. හොඳ වෙලාවට කන්සල්ටන්ට් මහත්තයා මේ ප්ලෑන් එක ගැහුවේ” කියලා.

    කතාව ඇත්ත තමයි කියලා මටත් තේරුණා.

    කෑම කාලා ඉවරවෙලා, ඩෙසට් එක ගන්න අතරේ මම දැක්කා අපේ වේටර් මල්ලිගෙ කලිසමේ සිප් එක ළග පොඩි නයිලෝන් නූලක් එල්ලෙනවා. වටපිට බැලූවාම අනිත් වේටර්ලාගෙත් කලිසමේ සිප් එක ළග ඒ වගේම නූල් එල්ලෙන බව මම දැක්කා.

    වේටර් බිල ගෙනා වෙලාවේ මම හිමින් සැරේ ඇහුවා.

    ”මල්ලි, තරහ නැතිව කියනවද මොකද මේ සිප් එක ළගින් නූලක් එල්ලෙන්නේ කියල”

    ආ ඒකද?” වේටර් සද්දේ අඩු කරලා මට පැහැදිලි කළා.

    දැන් අපි බාත්රූම් එකට ගිහින් චූ කරලා ඉවර වෙලා, අත හෝදලා වේලන්න ගියාම කාලයක් ගතවෙනවානේ. ඒ වෙනුවට පොඩි නයිලෝන් නූලක් පාව්ව්චි කළොත් ඒකෙන් ඇදලා සිප් එක පහත් කරලා අතින් අල්ලන්නේ නැතුව චූ කරලා ඉන් පස්සෙ ආපහු අන්සිප් කරන්න පුළුවන් නිසා අත හෝදන්නයි වේලන්නයි යන වේලාව අඩු කරගන්න පුළුවන් කියලා අර කන්සල්ටන්ට් මහත්තයා නිර්දේශ කළා. දැන් වේටර්ලා බාත්රූම් එකේ ගත කරන කාලය සියයට 76.39 කින් අඩු වෙලා තියෙනවා”

    ”හරි, හරි, නූලෙන් ඇදලා එළියට ගත්තා කියමුකො. කොහොමද ඉතින් ආපහු ඇතුළට දාගන්නේ” මම කුතුහලය නිසා ඇහුවා.

    අනේ මන්දා සර්, අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. මම නම් මේ උඩ සාක්කුවේ තියෙන හැන්ද තමයි ඒකට පාවිච්චි කරන්නේ.”

    වේටර් කිව්වා.




    කතෘ නොදනී .. FB