උණ්ඩියල් කියන්නේ මොකද්ද...?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    උන්ඩියල් කියන ජාලය ලෝකේ සියලුම රටවල පැතිරිලා ගිහින් තිබෙන නීති විරෝධී ජාවාරමක්. තවත් සරලවම කියනවා නම් රාජ්‍ය මට්ටමෙන් හෝ බැංකුවල අනු දැනුමකින් තොරව මුදල් සංසරණය කිරීම තමයි උන්ඩියල් කියන්නේ.

    උදාහරණයක් විදිහට හිතමු මට ජපානයට මිලියන 20 යවන්න ඕනේ කියලා. ඉතින් මම බැංකුවට ගිහින් මිලියන විස්සක් යවන්න ඕනේ කීවට බැංකුව ලෙහෙසියෙන් යවන්න දෙන්නේ නැහැ. මොකද අපි වගේ රටවල අයට පිටරටට සල්ලි යවන්න ටිකක් අමාරුයි. ගොඩක් බාදක දාල තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන්. ඒ විදේශ විනිමය පිටරටට ගලා යාම වලක්වාලීම සඳහා. ඉතින් යවන්න කලින් බැංකුවෙන් ලෝකේ නැති හේතු අහනවා. යවන මුදල වැඩි නිසා සමහර වෙලාවට යවන්න නොදී ඉන්න අවස්ථාත් බොහෝ විට තියනවා. ඒවගේ වෙලාවට තමයි මේ උන්ඩියල් පිහිටට එන්නේ.


    මම ගිහින් ලංකාවේ ඉන්න උන්ඩියල් ඒජන්ට් කෙනෙක්ට කියනවා මට මිලියන විස්සක් ජපානයට යවන්න ඕනේ කියලා. අපි රුපියල් වලින් ලංකාවේ උන්ඩියල් මෑන්ස්ට දුන්නම මිනිහා කෝල් එකක් දීලා ජපන් වල ඉන්න ඒජන්තයට කියනවා ගිහින් අදාළ කෙනාට මිලියන විස්ස ගෙවන්න කියලා. ඒ වෙනුවෙන් අපි ගෙවන්න ඕනේ කොමිස් මුදලක් විතරයි. ගොඩක් උන්ඩියල් වලින් සල්ලි රට පටවනවා. මහින්දලාගේ කාලේ සල්ලි රට පැන්නුවෙත් ඔය උන්ඩියල් කියන ජාවාරම හරහා. ඔය කොටුව පැත්තේ උන්ඩියල් පොරවල් ඉන්නවා සැහෙන.

    රෙප් ++++++
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113


    පිටරට ඉදන් සල්ලි ගෙන්නන ක්‍රමයක්. උන්ගෙ ඒහෙ ඉන්න ඒ්ජන්ට සල්ලි දීපුවාම ඒ්ක රුපියල් වලින් අපිට ගෙනත් දෙනවා. උන් කමිෂන් 1ක් ගන්නවා. උන් කියනවා තැනක්, වෙලාවක්. ඒතෙන්ට ගිහින් සල්ලි ගන්න ඔ්නි.
     

    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18
    Western union, Moneygram walin karanneth oka thama, wade kiyanne black money dealing and terrorist financing karanneth ohoma.ekai aula..