උන්ඩියල් කියන ජාලය ලෝකේ සියලුම රටවල පැතිරිලා ගිහින් තිබෙන නීති විරෝධී ජාවාරමක්. තවත් සරලවම කියනවා නම් රාජ්ය මට්ටමෙන් හෝ බැංකුවල අනු දැනුමකින් තොරව මුදල් සංසරණය කිරීම තමයි උන්ඩියල් කියන්නේ.
උදාහරණයක් විදිහට හිතමු මට ජපානයට මිලියන 20 යවන්න ඕනේ කියලා. ඉතින් මම බැංකුවට ගිහින් මිලියන විස්සක් යවන්න ඕනේ කීවට බැංකුව ලෙහෙසියෙන් යවන්න දෙන්නේ නැහැ. මොකද අපි වගේ රටවල අයට පිටරටට සල්ලි යවන්න ටිකක් අමාරුයි. ගොඩක් බාදක දාල තියෙන්නේ ශ්රී ලංකා මහා බැංකුවෙන්. ඒ විදේශ විනිමය පිටරටට ගලා යාම වලක්වාලීම සඳහා. ඉතින් යවන්න කලින් බැංකුවෙන් ලෝකේ නැති හේතු අහනවා. යවන මුදල වැඩි නිසා සමහර වෙලාවට යවන්න නොදී ඉන්න අවස්ථාත් බොහෝ විට තියනවා. ඒවගේ වෙලාවට තමයි මේ උන්ඩියල් පිහිටට එන්නේ.
මම ගිහින් ලංකාවේ ඉන්න උන්ඩියල් ඒජන්ට් කෙනෙක්ට කියනවා මට මිලියන විස්සක් ජපානයට යවන්න ඕනේ කියලා. අපි රුපියල් වලින් ලංකාවේ උන්ඩියල් මෑන්ස්ට දුන්නම මිනිහා කෝල් එකක් දීලා ජපන් වල ඉන්න ඒජන්තයට කියනවා ගිහින් අදාළ කෙනාට මිලියන විස්ස ගෙවන්න කියලා. ඒ වෙනුවෙන් අපි ගෙවන්න ඕනේ කොමිස් මුදලක් විතරයි. ගොඩක් උන්ඩියල් වලින් සල්ලි රට පටවනවා. මහින්දලාගේ කාලේ සල්ලි රට පැන්නුවෙත් ඔය උන්ඩියල් කියන ජාවාරම හරහා. ඔය කොටුව පැත්තේ උන්ඩියල් පොරවල් ඉන්නවා සැහෙන.
රෙප් ++++++

