උණුවතුර පානය ඔබට ලැබෙන වාසි

sankicool

Member
Jul 11, 2018
115
31
0
උණුවතුර පානය ඔබට ලැබෙන වාසි

උණුවතුර පානය කලොත් ඔබට ලැබෙන වාසි ගැන ඔබ දන්නවා ද​

ජලය කියන්නෙ අපේ ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්. ජලය නොමැතිව අපට ජිවත් වෙන්න බැහැනේ. ගොඩක් වෛද්‍යවරු දවසකට වතුර වීදුරු 8ක් වත් බොන්න කියල අපට උපදෙස් දෙනවා. ඔබ දිනපතා ගන්නා ඔබේ සාමාන්‍ය වතුර වීදුරුව වෙනුවට, උණු වතුර පානය කලොත් ලබාගන්න පුළුවන් වාසි පිලිබඳව ඔබ මීට කලින් දැනගෙන හිටියද ? එසේනම් අපි ඔබ දැනුවත් කරන්නේ උණු වතුර පානය කිරීමෙන් ඔබේ ශරීරයට ලැබෙන වාසි.

01. බර අඩුකරගැනීම

ඔබ සෑම උදෑසනම, ලෙමන් කැබැල්ලක් එක්කරන ලද උණු වතුර වීදුරුවක් පානය කිරීම, බර අඩු කරගැනීමට හොඳම විසදුමක්. අපේ ශරීරයේ ඇති මේදය කඩා දැමීමටද උණු වතුර වලට හැකියාවක් තිබෙනවා.

02. උගුරේ සහ නාසයේ සිරවීම් ඉවත්කිරීම සඳහා

සෙම්ප්‍රතිශ්‍යාව නැත්නම් හෙම්බිරිසාව කියන්නෙ අපි කාටත් එපා කරපු ලෙඩක්. සෙම නිසා අවහිර වුනු නහය, කසන උගුර වැනි තත්ත්ව වලට උණු වතුර පානය කිරීම ඉතා හොද විසදුමක්.

03. ඔසප් වේදනාව අඩුකරගැනීම

ඔසප් වීමේ අවධානම අඩු කර ගත හැකිය. වතුරේ තාපය උදරීය මාංශ පේශිවලට සන්සුන් හා සන්සුන් බලපෑමක් ඇති කරයි,

04. සිරුරේ ඇති විෂ ඉවත්කිරීමට

උණු වතුර පානය කිරීමෙන් සිරුර තුල ඇති උෂ්ණත්වය වැඩි වෙනවා. මෙමගින් අධික ලෙස දහඩිය පිට වීමට පටන් ගන්නා නිසා දහඩිය හරහා සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය පිටවෙනවා.

05. කුරුලෑ ඉවත් කිරීමට

සිරුර ඇතුලතින් පිරිසිදු කිරීමේ හැකියාව උණු වතුර වලට ඇති නිසා, කුරුලෑ තත්වයන් සියල්ල නැති කරන්න උණුවතුර වලට පුළුවන්.

06. අකලට වයස්ගත වීම නතර කිරීමට

අකලට වයස්ගත වීම සිදුවන්නේ සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය නිසයි. මේවා ඉවත්කිරීම මගින් අකලට වයස්ගතවීම වලක්වා ගන්න උණු වතුර පානය කිරීමෙන් පුළුවන් වෙනවා. හමේ නම්‍යත්වය වැඩි කරන සෛල නැවත සැකසීමේ හැකියාව ඇති නිසා උණු වතුර පානය කිරීම මගින් ඔබේ සමේ සුමුදු බවත් වැඩි වෙනවා.

07. පෘෂ්ටිමත් කොන්ඩයකට

හිස කෙස් වල අගිස්ස ශක්තිමත් කර දිගු සිනිදු සහ පෘෂ්ටිමත් කෙස් කළඹක් ලබාදෙන්න උණුවතුර වලට පුළුවන්.

08. හිස්හොරි වලක්වා ගැනීමට

උණුවතුර පානය කිරීම මඟින් හිස් කබලේ වියලි බව අඩුකර හිස්සොරි ඇතිවීම වලක්වා ගන්න පුළුවන්.

09. දිගු කෙස් කලඹකට

ඔබේ හිස කෙස් වැඩීම වේගවත් කරන්න උණු වතුර වලට පුළුවන්.

10. ස්නායු පද්ධතිය නිරෝගී කිරීමට

සිරුර තුල ලේ ගමනාගමනය වර්ධනය කරමින් ස්නායු පද්ධතිය නිරෝගී කරන්න උණුවතුර වලට පුළුවන්.

11. ආහාර ජීර්ණයට

බඩවැල් තුල ඇති මේදය දියකර ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රියාකාරී කරවනවා.

12. බහිශ්‍රාවිය පහසු කිරීමට
බඩවැල් තුල ඇති ආහාර ඉවත් කර මලබද්ධය වැනි සංකූලතා අඩු කරමින් බහිශ්‍රාවිය කටයුතු පහසු කරනවා

source http://thewoman.lk/archives/5699
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    gastritis තියනකොට උණු වතුර බොන්න අමාරුයි බං. දැවිල්ල ඩබල් වෙනවා...
     

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif