උණුසුම් පුවත් ››

TRockz

Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    උණුසුම් පුවත් ››

    කොටි 25 කට මරු කැඳවමින් වන්නි මෙහෙයුම් ඉදිරියට

    තම ඉතිහාසයේ දරුණුම පරාජයන් ලබමින් සිටින එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් මේ වන විට හමුදා ප්*රහාර හමුවේ පසු බැස පලා යමින් සිටී. ඊයේ (ජූලි 20) දිනය තුලදී යාපනය සහ වන්නි යුද පෙරමුණු වලදී යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් අතර හට ගත් ගැටුම් වලින් ත්*රස්තවාදීන් 25 දෙනෙකු මිය ගොස් 03 දෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. මෙම ගැටුම් වලදී යුද හමුදා සෙබලෙකු මව් බිම වෙනුවෙන් දිවි පුදා ඇති අතර 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

    යාපනය කොඩිකාමම් ප්*රදේශයේදී ඊයේ සවස 3.25 ට පමණ යුද හමුදාව සහ කොටි ත්*රස්තවාදීන් අතර ඇති වූ ගැටුමකදී යුද හමුදා සෙබලෙකු තුවාල ලබා ඇත.

    වව්නියා සහ මන්නාරම ඒකාබද්ධ යුද පෙරමුණේ මෙහෙයුම් වල නිරත භට පිරිස් ත්*රස්තවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් තම මෙහෙයුම් ඉතාමත් සාර්ථකව දියත් කරමින් සිටී. මෙම පෙරමුණු දෙක දියත් කළ මෙහෙයුම් වලින් මේ වන විට ත්*රස්තවාදීන්ට බරපතල හානි සිදු වී තිබේ.

    දිනය තුලදී වෙඩමකිලම්, පුන්ගන්තලවුමඩු, කරවෙඩ්ඩිවෙම්බු, පරප්පුක්කාල් උතුර, කුට්ටිමුලෙයි, පාන්ඩියාන්කුලම්, පාලමොඩෙයි සහ නවි යන ප්*රදේශ වලදී යුද හමුදාව සහ කොටි ත්*රස්තවාදීන් අතර ගැටුම් ඇවිලී ගොස් ඇත. *යුද හමුදාව කොටින්ගේ බංකර් ඉලක්ක කරමින්ද ප්*රහාර දියත් කර තිබේ. මෙම ගැටුම් වලදී ත්*රස්තවාදීන් 18 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. යුද හමුදා සෙබලුන් 07 දෙනෙකුද ගැටුම් වලදී තුවාල ලැබූ බව වාර්තා සඳහන් කරයි. තුවාල ලැබූ සෙබලුන් වැඩි දෙනෙකු පුද්ගලනාශක බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූවන් වේ. තවද පාලමොඩෙයි ප්*රදේශයේදී මි.මී. 7.62ය39 වර්ගයේ උණ්ඩ රැසක් සහ පුද්ගලනාශක බෝම්බ 32ක් සොයා ගැනීමට භට පිරිස් සමත් විය.

    මුලතිව් මහ වනය පීරමින් කොටි බළමුළු සොයා ඉදිරියට ඇදෙන වැලිඔය යුද පෙරමුණේ මෙහෙයුම් වල නිරත භට පිරිස් ඊයේ දිනයේදීද ත්*රස්තවාදීන්ට දැඩි හානි පමුණුවමින් තම මෙහෙයුම් ක්*රියාත්මක කළ බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. ජනකපුර උතුර සහ කිරිඉබ්බන්වැව උතුර යන මුලතිව් කැලයේ ප්*රදේශ වලදී ගැටුම් හට ගෙන තිබේ. ගැටුම් වලදී ත්*රස්තවාදීන් 07 දෙනෙකු මිය ගොස් 14 දෙනෙකු තුවාල ලැබූ බව භූමියන් ලද තොරතුරු වලින් සහ එල්.ටී.ටී.ඊ. පණිවිඩ හුවමාරු වලින් සනාථ වී තිබේ. මීට අමතරව තවත් ත්*රස්තවාදීන් 12 දෙනෙකු හමුදා ප්*රහාර හමුවේ මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. එක් හමුදා සෙබලෙකු ගැටුම් වලින් මිය ගිය අතර 05 දෙනෙකු තුවාල ලබා තිබේ.

    මේ අතර කිරිඉබ්බන්වැව උතුරු ප්*රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් පහත සඳහන් යුද උපකරණ සොයා ගැනීමට යුද හමුදාව සමත් විය.
    මි.මී. 7.62ය39 වර්ගයේ උණ්ඩ - 500
    පුද්ගලනාශක බෝම්බ - 233
    වැඩි දියුණු කළ බෝම්බ - 29
    ටින් කෑම - 12

    වන්නි මෙහෙයුම් තව දුරටත් ක්*රියාත්මකයි.
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Maara news ekak ne!
    IE walin baluwa...
    f_IEm_2f70d95.jpg


    Ethakota Mozilla...
    f_Mozillam_0b29ab9.jpg


    Ay Opera...
    f_operam_b4cc7cf.jpg


    Anthimata Safari...
    f_Safarim_681198e.jpg


    Dan mama...
    crazy-cat.gif


    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: