උණුසුම් පුවත් :North Korea VS S. Korea & USA

Ayyoo

Member
Apr 4, 2013
125
56
0
උණුසුම් පුවත් :North Korea VS S. Korea & USA

උතුරු කොරියා සහ ද.කොරියා,ඇමරිකා අර්බුදයේ උණුසුම් පුවත්.සමබර පුවත් වාර්ථා කරනය.

rahimi20130403055339170.jpg


  • උතුරු කොරියාව විසින් කෙටි දුර මිසයිල තම දේශ සීමාව ආසන්නයේ ස්ථාන ගත කිරීම අරඹයි.

missile-north-korea.jpg




  • උතුරු කොරියාව විසින් තම රටේ සේවය කරන දකුණු කොරියාණු වැසියන්ට තම රටින් පිටවන ලෙසට දැනුම් දෙයි.

1000x650.jpg


  • දකුණු කොරියාවේ සිට උතුරු කොරියාව වෙත පැමිණෙන මාර්ග දොරටු වසා දමමින් පවතීයි.

  • ඊයේ දිනයේදී උතුරු කොරියාව විසින් නිෂ්ක්‍රීය කර තිබූ තම න්‍යෂ්ඨික බලාගාරය නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලදී.

images

  • ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඇමරිකාව ඊයේ තම බී 2 සහ ස්ටෙල්ත් යානා දකුණු කොරියාවේ දේශසීමා උඩින් පියාසර කරමින් ඩමි බෝම්බ හෙලීමේ අභ්‍යාසයක නිරත විය.බී 2 යානා න්‍යෂ්ඨික බෝම්බ 16 එකවර ගෙනයා හැකි යානා බව සැලයි.

  • ඇමරිකාවට ඇති එකම හිසරදය නම් යම් හෙයකින් උතුරු කොරියානු න්‍යෂ්ඨික මිසයිල තම රටට ලඟාවේවිද යන්නයි.මේවන විට ප්‍රතිප්‍රහාරක මිසයිල වලලු 2ක් (Anti missiles systems )ආකාරයෙන් ඇමරිකාව තුල ස්ථානගත කර ඇත.එහෙත් දශමයක හරි වරදක් ඉන් සිදුවුවහොත් ඉන් සිදුවන විනාශය අතිමහත්ය.මෙම මිසයිල පද්ධතියම ඉරාක යුද්ධය සඳහා ඇමරිකාව භාවිතා කල අතර එහිදී ඉරාකය විසින් සෞදිය වෙත එල්ල කරන ලද මිසයිල 6 ක් පමණ ආරක්ෂා කිරීමට එම පද්ධතියට නොහැකි විය.

  • මේ අතර ඇමරිකාව විසින් චීනයෙන් සහ රුසියාවෙන් උතුරු කොරියාණු අර්බුදයට සක්‍රීයව මැදිහත් වී තත්වයය සමතයකට පත්කරන මෙන් වයිට් හවුස් ප්‍රකාශක ජේ කාර්නි විසින් ඉල්ලා ඇත.මේ ප්‍රකාශයත් සමඟ ඇමරිකාව උතුරු කොරියානු න්‍යෂ්ඨික ශක්තිය පිලිබඳව යම් දෙගිඩියාවකින් පසුවන බව පෙනී යයි.

US urges China, Russia to restrain North Korea
"In response to the announcement, White House spokesman Jay Carney said on Tuesday that “We have in the past and are now urging China to use that influence to try to affect North Korean behavior. That is also true of our (conversations) with the Russians.”

  • චීනය කහ මුහුද ආසන්නයේ තම ආරක්ෂාව වැඩිකර ගනිමින් සිටී.ප්‍රහාරක ගුවන් යානා වැඩි ප්‍රමාණයක් දේශසීමා ආසන්නයේ රැඳවීමට ඔවුන් කටයුතු යොදමින් සිටී.

C4550E1CE1C8782A447A11D9377_h498_w598_m2-598x350.jpg


  • රුසියාව විසින් උ.කොරියාව සහ ද.කොරියා, ඇමරිකා පාලනයන්ට සන්සුන් වන ලෙස මාධ්‍ය හමුවක් පවත්වමින් එරටා විදේශ ඇමති වරයා දැනුම් දුන්නේය.

  • ද.කොරියාව සහ එරට වැසියන් මේවන විට ගිරයට අසුවූ පුවක් ගෙඩිය මෙන් කුමක් සිදුවේදැයි තැතිගෙන සිටින බව විදෙස් පුවත් සේවා වාර්ථා කරයි.

මචං අත කඩාගෙන ලිව්වේ.මේ මගේ පළවෙනි පෝස්ට් එක.හොඳ නම් සළකල පලයන්.:(
කොයි පැත්තටවත් බරකරල නෙමේ පුවත් ලිව්වේ.බැලන්ස් එකේ අඩුපාඩු තියෙනව නම් පෙන්නල දීපන්.:confused: