උණ විකාර

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹලට සැරටම උණ ගැනිච්ච දවස් වලට මහ විකාර හීන පේන්නේ නැද්ද? :D

    මම හිතාගෙන හිටියේ මට විතරයි කියල. ඒත් එක සැරයක් යාලුවෙකුත් කිව්වා ඌටත් එහෙම පේනවා කියල. ඒක අහගෙන හිටපු උගේ cousin අයියත් කිව්වා උටත් පේනවා විකාර හීන කියල. ඒක හින්ද මම හිතුව ගොඩක් උන්ට මෙහෙම හීන පේනවා ඇති කියල :D

    මේ හීන එක එක විදියේ ඒවා නෙවේ. හැම සැරේකම උණ හැදුනහම පේන්නේ එකම "theme" එකක් තියෙන හීන.

    මට පේන්නේ මහා විශාල, මට කරගන්න බැරි විදියේ වැඩක් බාරදෙන විදියේ හීන.

    උදාහරණයක් විදියට එක සැරයක් මට තිබුනේ arizona වල බැරින්ජර් ආවාටය විල්බැරෝවකින් පස් ගෙනිහිල්ල පුරවන්න!!! :baffled::baffled:

    dsc_6276.jpg


    ආයේ එක සැරයක් දැක්ක පෘතුවිය විනාශ වෙන්න යනවා, ඒක හින්ද පෘතුවියේ තියෙන ජීවය ඔක්කොම වෙන ජීවීන්ට සුදුසු ග්‍රහලෝකෙකට ප්‍රවාහනය කරන්න.

    මගේ theme එක තමයි කරන්න බැරි ලොකු වැඩ කරන්න සිද්ද වෙන එක. මේවා දැකපුවහම දවස් දෙක තුනක් යනකන් ඒකෙ effect එක තියෙනවා. ඔය ආවාටේ පුරවන හීනෙන් පස්සේ සතියක් විතර යනකන් මට ලොකු දේවල් ගැන ෆොබියා එකක් තිබුනා. උදාහරණයක් විදියට ටයිටැනික් නැව කොච්චර ලොකුද කියල හිතෙනකොට බය හිතෙනවා. පෘතුවියට සාපේක්ෂව බ්‍රහස්පති කොච්චර ලොකුද කියල හිතෙනකොට බය හිතෙනවා.

    GRSfree.jpg


    ලඟදිනම් මෙහෙම හීන දැකල නෑ මොකද අවුරුදු ගානකින් සැරට උණ හැදිලා නෑ. පොඩි කාලේ වෙච්ච ඒවා තමයි මේ :D

    මට මේ thread එක දාන්න හිතුනේ අනිත් උන්ටත් මෙහෙම එල එල විකාර පේනවා ඇති කියල හිතල. මොකද අර මගේ යාලුවටට්යි උගේ cousin ටයි පේන ඒවත් ආතල්.

    යාළුවගේ cousin ta පේනවලු උට job එකක් දීල ලංකාව පුරා පාරවල් වල තියෙන කරන්ට් වයර් වල මුද්දර අලවන්න :lol:

    මගේ යාලුවට පේනවලු cube එකක්. ඒක අල්ලන්න try කරාට අල්ලන්න බැරිලු ටික ටික ඒක පොඩි වෙනවලු :D


    උඹලටත් මෙහෙම විකාර පේනවනම් දාපන් බලන්න :D:yes:
     
    • Like
    Reactions: Dishta Didin

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මටත් ඔය සීන් එකමයි තියෙන්නෙ.:yes:

    සැරයක් මට නිසාන් ඩීසල් කන්ටේනර් ලොරියක්

    wud31024.jpg


    අදින්න සෙට් වුනා

    8700142B3010070500100.jpg



    යමහා මේට් එකකින්.

    ට්‍රයි කරල කරල පොඩ්ඩක් හොල්ලගත්තා ලොරිය :D:yes:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මටත් ඔය සීන් එකමයි තියෙන්නෙ.:yes:

    සැරයක් මට නිසාන් ඩීසල් කන්ටේනර් ලොරියක්

    wud31024.jpg


    අදින්න සෙට් වුනා

    8700142B3010070500100.jpg



    යමහා මේට් එකකින්.

    ට්‍රයි කරල කරල පොඩ්ඩක් හොල්ලගත්තා ලොරිය :D:yes:

    :D:D
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උණ හැදුනම හීන නම් පෙනිලා නෑ ඒත් පොඩි කාලේ උණ හැදුනම රෑට නින්දේදී ඇහැරුණොත් අමුතු light එකක් වේගෙන් නිවි නිවි පත්තු වෙනවා වගේ පේනවා. light එකක් කිව්වට vision එකම ලාවට flash වෙනවා වගේ මතක.. දැන්නම් උණ හැදිලා නෑ හැදුනත් රෑට ඇහරෙන්නෙත් නෑ :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට මේ දවස් දෙක තුනකට කලිනුත් හැදුන බන්..
    සමහර උන්ට උන හැදුනම එච්චර තදට හැදෙන්නේ නෑ..
    අපේ පවුලෙ අනිත් කට්ටියට එච්චර අවුලක් නෑ..
    මට උන තද වෙලා විකාරේ ගහල පිස්සු හැදෙනවා අම්මේ..

    හීන කියන්නෙ විකාර හිතෙනව..
    තේරෙන්නෙ නෑ කියන්න කරන්න බැරි දෙයක් කරන්න තියනව ඒක කොහොම වත් කරන්න බෑ දැන් ජීවත් වෙලා වැඩක් නෑ කියල හිතෙනව..
     
    මට මේ දවස් දෙක තුනකට කලිනුත් හැදුන බන්..
    සමහර උන්ට උන හැදුනම එච්චර තදට හැදෙන්නේ නෑ..
    අපේ පවුලෙ අනිත් කට්ටියට එච්චර අවුලක් නෑ..
    මට උන තද වෙලා විකාරේ ගහල පිස්සු හැදෙනවා අම්මේ..

    හීන කියන්නෙ විකාර හිතෙනව..
    තේරෙන්නෙ නෑ කියන්න කරන්න බැරි දෙයක් කරන්න තියනව ඒක කොහොම වත් කරන්න බෑ දැන් ජීවත් වෙලා වැඩක් නෑ කියල හිතෙනව..

    උබ මේ ලගදි පවුලේ හැම එකාටම උන
    උබට නෑ කියලා ගියානේ
    හොද වැඩේ උබට
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Podi Silva - පොඩි සිල්වා;20338333 said:
    උබ මේ ලගදි පවුලේ හැම එකාටම උන
    උබට නෑ කියලා ගියානේ
    හොද වැඩේ උබට

    http://www.elakiri.com/forum/showthread.php?t=1748000&page=2

    එදාම හැදුන යකෝ..
    මම කියල ගියෙ

    2.gif


    ඒක නම් කැ* උණක් බන්..
    උන ගැනෙන්න ඉස්සෙල්ල ඉදල බේත් බීලත් හැදුන කියහන් කො..
    දැනුත් මේ ඇග යට උන උගුර බල්ලො කාල වගේ