උත්සව සමයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතිතරම්
උත්සව සමයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතිතරම් වෙළෙඳ පොළේ
- ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු
උත්සව සමයේදී පාරිභෝගිකයාට අත්‍යාවශ්‍ය සියලුම ද්‍රව්‍යවලින් වෙළෙඳ පොළ පිරවීමට රජය පියවර ගෙන තිබේ.
රජයේ ස.තො.ස. සහ වෙනත් ආයතන වලින් පමණක් නොව පෞද්ගලික වෙළෙඳුන්ටද මේ අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරගෙන යන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
මේ වන විටත් බී ලූනු, අල, පොල්, පරිප්පු, බිත්තර ඇතුලු ද්‍රව්‍ය රැසක් රැගත් නැව් කොළඹ වරායට පැමිණ තිබේ. ඉදිරි දින කීපය තුළ මේවා වෙළෙඳ පොළට සැපයේ.
උත්සව සමයේදී පාරිභෝගිකයාට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දී තිබේ. ආනයනය කරන ලද පොල් පෞද්ගලික වෙළෙඳුන්ට ද රුපියල් 30 ට විකිණීමට හැකිවන පරිදි සැපයීම සිදු කෙරේ.
බිත්තර රුපියල් 11 –12 අතර ප්‍රමාණයට ලබාගත හැකිය. සහල් පාලන මිලට යටත්ව ලබාගත හැකිය. කුකුළුමස් 300 – 350 අතරට සැපයේ. මීට අමතර එළවලු, මාලු ඇතුලු සෙසු ආහාර ද්‍රව්‍ය අඩු මිලට ලබාදීමට අදාළ අංශ සමඟ සාකච්ඡා කර පියවර ගෙන ඇත.
ලංකා ධීවර සංස්ථාව ඔවුන්ගේ් මාළු මිල අද (23) සිටම ක්‍රියාත්මක වන පරිදි අඩුකර තිබේ.
ඒ අනුව බලයා කිලෝව රුපියල් 360, කෙලවල්ලා 430, කොප්පරා 530, තලපත් 480 සහ සාලයා රුපියල් 100 ට ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.
උත්සව සමයේදී වෙළෙඳ පළ තුළ භාණ්ඩ හිඟයක් ඇති බව පෙන්වන කූට වෙළෙඳුන් සමඟ රජයට එරෙහිව විපක්ෂය දියත් කිරීමට උත්සාහ කරන කුමන්ත්‍රණයට නොරැවටෙන්නැයි පාරිභෝගිකයාගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
පොල් 30, බිත්තර 11, කුකුල් මස් 300 හැම දේම අඩුම මිලට, කලිනුත් කිව්වා මේ ආණ්ඩුව එක්ක කළු කඩ කාරයින්ට සෙල්ලන් දාන්න බැහැ

u see now you accepted by yourself the current price is NOT 30/=