උත්සාහයද? වාසනාවද?

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    උත්සාහයද? වාසනාවද?

    you-make-your-own-luck-every-singlke-minute-of-every-day.jpg



    යම් දෙයක් ලබාගන්න අවශ්‍ය උත්සාහයද? වාසනාවද?
    මගේ අදහස නම් අපිට 99% ක් තියෙන්න ඕනේ උත්සාහයයි. වාසනාව 1% ඕනේ .
    නමුත් උත්සාහ නොකරන කෙනාට වාසනාව 1%ත් ලැබෙන්නේ නැ කියල මම විශ්වාස කරනවා

    මේ ගැන ඔබගේ අදහස් දක්වන්න.


    6504-people-say-im-lucky-but-i-define-it-as-hard-work.png
     
    • Like
    Reactions: Naradapathum

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    man nan kiyanne karmaya.kisima try ekak denne nethi ayata samahara ewa atama hambenawa.tawa ayata jivitha kalema try karath hambenne ne.tamange pera kusal akusal sahenna balapanawa
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    man nan kiyanne karmaya.kisima try ekak denne nethi ayata samahara ewa atama hambenawa.tawa ayata jivitha kalema try karath hambenne ne.tamange pera kusal akusal sahenna balapanawa

    :yes::yes:
    මොකද කොච්චර ට්‍රයි කරත් වැඩක් නැහැ වාසනාවත් නැත්නම් (කර්මය)
     

    chathu995999

    Member
    Aug 20, 2013
    9
    0
    0
    This is ten percent luck, twenty percent skill
    Fifteen percent concentrated power of will
    Five percent pleasure, fifty percent pain
     

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    උත්සාහයද? වාසනාවද? නැත්නම් දෙකමද?


    ඉස්‌සර කාලේ රජකෙනෙක්‌ හිටියා. රඡ්ජුරුවන්ගේ ඇමැතිතුමා රඡ්ජුරුවන්ට ඉතා හිතවත්. දෙන්නාම හරි යාළුයි. මේ දෙන්නා හමුවුණාම නොයෙක්‌ දේවල් ගැන සාකච්ඡා කරනවා. රටතොට සිදුවීම් මෙන්ම වල්පල් කථාද ඒ අතරට බඳුන් වෙනවා. දිනක්‌ මේ දෙන්නා කථාකර කර සිටිද්දී මිනිහෙක්‌ දියුණුවෙන්න ඕනෑ උත්සාහයද එහෙම නැත්නම් වාසනාවද යන්න ගැන කතා බහට ලක්‌වුණා. මේ කතාබහේදී රජතුමාගේ අදහස වුණේ මිනිහෙකුගේ දියුණුවට උත්සාහවන්තකම අවශ්‍ය බවයි. රජතුමාගේ අදහසට එකඟ නොවූ ඇමැතිතුමා කීවේ උත්සාහය තිබුණ පලියට වාසනාව නැත්නම් දියුණුවීම අපහසු බවයි.

    මේ දෙන්නා මේ අයුරින් කථා කරමින් සිටි අතරතුරේදී වෙළ¹ම් කිරීමට යන දුප්පත් කොහු වෙළෙන්දෙක්‌ දෙදෙනා දුටුවා. රජතුමා කොහු වෙළෙන්දා දැක ඇමතිතුමාට කීවා මට පුළුවන් මේ දුප්පත් වෙළෙන්දා මාසයක්‌ ඇතුළත පෝසතකු කරන්න පුළුවන් කියා. ඇමැතිතුමන් හරි හරියට කීවා හා - හොඳයි පුළුවන්නම් රජතුමා ඒක කරලා පෙන්නන්ට කියලා. රඡ්ජුරුවෝ කොහු වෙළෙන්දාට සන්කර ගෙන්වාගෙන කහවනු පන්සීයක්‌ දුන්නා. ඒ මුදල් දීලා කිව්වා මේවායින්, තමාගේ කොහු වෙළ¹ම හොඳින් කරගෙන දියුණු වෙන්න උත්සාහ කරන්න කියලා. ඒත් රඡ්ජුරුවන් දිහා බලල ඇමැතිතුමා කීවේ නම් වාසනාව නැත්නම් මිනිහට දියුණුවෙන්න බැරි වගයි.

    කහවනු පන්සීයක්‌ බලාපොරොත්තු රහිතර ලැබූ කොහු වෙළෙන්දා අපමණ සන්තෝෂයක්‌ වින්දා. මේ මුදලින් කහවනු දහයක්‌ ගෙන, ඉතිරිය කිළුටු රෙදි පාංකඩ කෑල්ලක ඔතලා හිස මත තිබුණ පොට්‌ටනියේ හැංගුවා. කහවනු 10 ට කොහු ටිකකුත් කෑමට යමක්‌ද ගත්තා. මේ අතරේ උකුස්‌සකුට අර කෑමවල ඉව වැටිලා වෙළෙන්දා වටේ කැරකී, කෑම කියලා හිතලා පොට්‌ටනියෙ හංගපු කහවනු ඔතපු පාංකඩ උණ්‌ඩය ඩැහැගෙන ඉගිල්ලිලා යන්න ගියා.

    කහවනු ඔතලා හිස මත තිබුණ පොට්‌ටනියේ හංගලා තිබුණ උණ්‌ඩිය උකුස්‌සා රැගෙන යැම ගැන වෙළෙන්දාට දුක හිතුණා. වෙච්ච සංහතිය ගෙදරදී බිරිඳට කීවා. කොහොම නමුත් පරණ රස්‌සාව යළිත් කරමින් සිටියා.

    ඔන්න දැන් මාසයක්‌ විතර ගතවෙලා. රඡ්ජුරුවොයි ඇමැතියයි කොහු වෙළෙන්දගෙ නිවස සොයාගෙන ගියා. ඔහුට දුන් කහවනු 500 න් දියුණු පමුණු වෙලාද කියලා බලන්න. කොහු වෙළෙන්දා තමාට සිදු වූ අකරතැබ්බය රජතුමාට හෙළිකළා. රජතුමා අනුකම්පා කර තවත් කහවනු පන්සීයක්‌ දීලා කිව්වා, පරිස්‌සමින් වැඩකරලා ව්‍යාපාරය හොඳින් දියුණුකර ගන්න කියලා.

    කොහු වෙළෙන්දා ඒ කහවනු 500 ලෙලි පුරවපු ගෝනියක්‌ ඇතුලෙ හැංගුවා. එහෙම කළේ වැඩි පරිස්‌සමට. මේ ගැන බිරිඳටත් කීවේ නැහැ. දීනක්‌ වෙළෙන්දා කඩ මණ්‌ඩියට ගිය අතරෙ ලෙලි එකතුකරන මිනිහෙක්‌ ඒ නිවසට ආවා. ගෝනියේ ගෙනත් එකතු කරලා තිබුණ ලෙලි ගොඩ අර මිනිහට විකුණන්න හිතිලා ගෝනිය දුන්නා. ලෙලි දමා ගැනීමට එකක්‌ නොමැතිව සිටි ඒ මිනිහා ලෙලි ගෝනිය පිටින්ම රැගෙන ගියා. අනේෘ ඒ මිනිහට ඒ ලෙලි ගෝනිය විකුණා ගන්න බැරිව ලතවුණා. ගෝනිය ගෙයි මුල්ලේ පැත්තක තිබ්බා.

    මේ අතරේ කඩමණ්‌ඩියට ගිය කොහු වෙළෙන්දා නිවසටවිත් ලෙලි ගෝනිය හෙව්වා. ලෙලි ගෝනියට වෙච්ච දේ බිරිඳ කීවා. කොහු වෙළෙන්දා ඔළුවේ අතගහගෙන දුක්‌වුණා. රජතුමා දුන් කහවනු පන්සීය ගැන වෙළෙන්දා බිරිඳට කීවේ නැහැ. පසුව වෙච්ච දේගැන බිරිඳ වෙළෙන්දාට දොස්‌ පැවරුවා. කොහොම නමුත් දෙවන වතාවේදීත් ලැබුණ කහවනු වලින් ප්‍රයෝජනයක්‌ ගැනීමට නොහැකිව දුක්‌වෙමින් යළිත් පුරුදු රස්‌සාවෙම යෙදුණා.

    රජතුමයි ඇමැතිතුමයි ආයෙත් වතාවක්‌ මේ වෙළෙන්දා ජීවත්වන අයුරු දැක ගැනීමට ගෙදරට ආවා. රඡ්ජුරුවෝ සිතුවෙ මේ පාරනම් වෙළෙන්දා ජයට සැපට ජීවත්වනවා ඇති කියලයි. නමුත් වෙළෙන්දා සිටි තැනමයි. තමන්ට මුහුණපාන්නට සිද්ධ වෙච්ච අකරතැබ්බය රජතුමා කීවා.

    ඔයින් මෙයින් ඇමැතිතුමාට දිනුවා. රඡ්ජුරුවෝ පරාද වුණා. දැන් ආවෙ, ඊළඟට ඇමැතිතුමාගේ වාරෙ, ඇමැතිතුමා පුංචි මුරිච්චියක්‌ අහුලලා අර දුප්පත් කොහු වෙළෙන්දාට දුන්නා. දීලා කිව්වා, "මිනිහෙකුගෙ වෙලාව හොඳනම් දියුණු වෙන්න මේ මුරිච්චිය උනත් ඇති" කියලා" මෙහෙම කියලා දෙන්නා රජ වාසලට ගමන් ගත්තා.

    එදා හවස්‌ජාමෙ මාළු ඇල්ලීමට යැම සඳහා සූදානම් වූ දැල්කාරයෙක්‌ තමන්ගෙ දැල් පන්නය සෝදිසි කරද්දී එහි එක මුරිච්චියක්‌ නැති බව දැණුනා. ඒක අවට සොයා බැලුවොත් හම්බවුණේ නැහැ. කඩ මණ්‌ඩියට ගිහිල්ලා ඒක මිලදී ගන්න සොයා බැලුවත් ඒ ජාතියේ මුරිච්චියක්‌ සොයා ගන්න බැරිවුණා. මිනිහ තමන්ගෙ හිතවතුන්ගෙනුත් ඒ ගැන අහලා බැලුවා. පස්‌සෙ අර දුප්පත් කොහු වෙළෙන්දාගෙ ගෙදරටත් ගිහිං එහිදී මුරිච්චියක්‌ ගැන ඇහුවා. ඔහුට ඇමැතිතුමා දුන් මුරිච්චිය මතක්‌වෙලා ඒක දුන්නා. ඒ මුරුච්චිය වැඩේට හරිගිය හන්දා දැල්කාරයා රාත්‍රියට මාළු අල්ලන්න යනවා කීවා. ඔහු ඉතා සතුටින් දුප්පත් වෙළෙන්දාට මෙහෙම කිව්වා. " ඔබ මට කළ උදව්ව නිසා අද රාත්‍රිව දැල් රස්‌සාවට (මාළු අල්ලන්න) මට යන්න පුළුවන්. කළ උපකාරයට හිලව් වෙන්න මගේ දැලට ඉස්‌සෙල්ලාම අහුවෙන මාළුවා ඔබට තෑගි කරනවා."

    එදා රාත්‍රි මාළුකාරයගෙ දැලට මුලින්ම අහුවුණේ ලොකු මාළුවෙක්‌. පහුවදා උදැසනින්ම ඒ මාළු කූරියා පොරොන්දු පරිදි අර දුප්පත් වෙළෙන්දාට ගිහින් දුන්නා. වෙළෙන්දා මාළුවා උයන්න කියලා දෙකට පැලුවා. බලනකොට මාළුවගේ බඩ ඇතුලේ විශාල දියමන්තියක්‌. මිනිහට හරි සතුටුයි. අලලපු ගෙදර රත්තරං බඩු සාදන මිනිහා ළඟට ගිහිං දියමන්තිය පෙන්නුවා. මේකට කහවනු ලක්‍ෂයක්‌ දෙන්නම් කියලා රන්කරු කීවා. රන්කරු දියමන්තිය මිලදී ගත්තා. ඒ මුදල්වලින් දුප්පත් කොහු වෙළෙන්දා කොහු වෙළ¹මත් ලොකුවට කරමින් ලස්‌සන නිවසක්‌ද ඉදිකළා.

    කලක්‌ ගතවුණා. රඡ්ජුරුවෝත් ඇමැතිවරයත් යළිත් කොහු වෙළෙන්දාගේ තොරතුරු බලන්න ඔහු සොයා ගියා. ලස්‌සන මන්දිරයක ලොකු පුටුවක වෙළෙන්දා වාඩි වී සිටි අයුරු රජතුමයි ඇමැතිතුමයි දුටුවා. මේ දෙන්නා ගෞරව පූර්වකව වෙළෙන්දා පිළිගත්තා. දෙන්නට හොඳට ආහාරපාන ආදියෙන්ද සංග්‍රහ කළා. පසුව ආ ගිය තොරතුරු කථා කළා. මේ අතරේ ගහක පැටලී තිබුණ සරුංගලයක්‌ අරන් දෙන්න කියා වෙළෙන්දාගේ දරුවා ඇවටිලි කළා. වෙළෙන්දා වැඩකාරයකුට ඒ බව කීවා. රජතුමා කැටුව යන්න ආ ගොන් කරත්තෙ ගොනුන්ට කෑමට දෙන්න මුකුත් ඕනෑ බව කරත්ත කරු කොහු වෙළෙන්දාට කීවා. ඔහු ඒ සඳහා තවත් අයෙක්‌ පොළට යෑව්වා. සරුංගලය ගන්න ගිය තැනැත්තා ඒකෙ පැටලිලා තිබුණ පාත්කඩ උණ්‌ඩියත් රැගෙන ආවා. පොළට ගිය මිනිහත් ගෝනිය පිටින්ම ලෙලි ටික උස්‌සාගෙන ආවා. පුදුමයක්‌ අර උකුස්‌සා ගෙනගිය එකයි, (කහවනු) පාන්කඩ උණ්‌ඩියේ තිබුණ කහවනුයි, එකතුව කහවණු 990 ක්‌ හම්බවුණා. මිනිහෙක්‌ට ජීවත්වෙන්න උත්සාහය පමණක්‌ම නොවෙයි, වාසනාවත් ඕනෑ බව එදා රඡ්ජුරුවන්ට ඒත්තු ගියා.


    http://www.divaina.com/2010/10/03/siya04.html
     
    Last edited: