උත්සාහය තියේනම්
හර්බට් ජේම්ස් මන්රෝ හෙවත් බර්ට් මන්රෝ 1899 මාර්තු 29 වන දින නවසීලන්තයේ ඉන්වකාගිල් නම් කුඩා ගමේ ගොවි පවුලක උපන්නෙකි....කුඩා කල සිටම ත්‍රාසජනක දේවල් කිරීමට කැමැත්තෙන් සිටි ඔහු තම පියාගේ ගොවිපොළේ සිටි වේගවත්ම අශ්වයා ගොවිපොළ හරහා පවනට බඳු වේගයෙන් පැද ගියේය....ඔහුගේ මෙම උනන්දුව දවසක ඔහුව ලෝකයේම අවධානය දිනාගන්න කෙනෙක් කරාවියැයි ඔහුවත් හිතුවේ නැතුව ඇති.....
ඔහුට ගොවිපොළෙන් පිටත ලෝකය දැකීමට තිබුනේ ලොකු ආශාවකි...කුතුහලයකි...මේ නිසාම ඔහු පළමු ලෝක යුද්ධයේදී හමුදාවට බැඳුනේ තම දෙමාපියන්ගේ දැඩි විරෝධය මැදයි....
පළමු ලෝක යුද්ධය නිමා වූ පසු බර්ට් මෝටර්සයිකල් කාර්මික ශිල්පියෙකු සහ වෙළෙඳ නියෝජිතයෙකු ලෙස රැකියාව පටන්ගත්තේය....ඒ අතරතුර මොට්ර්සයිකල් තරඟ වලට සහභාගී වෙමින් නවසීලන්තයේ අභ්‍යන්තර තරඟ ජයග්‍රහණය කළේය......එහෙත් ඔහුගේ ආශාව වුයේ ඉන් නොනැවතී ලෝකය ජයගැනීමයි....
එහෙත් ඔහුගේ ලොකුම ගැටළුව වුයේ මුදල් නැති කමයි.....
ලෝකයේ දියුණු තාක්ෂනය සමග කරට කර සටන් කළ හැකි මොටර්සයිකලයක් ගැනීමට තරම් ඔහුට වත්කමක් තිබුනේ නැත....ඒ නිසා ඔහු අතේ තිබු මුදලින් ගත්තේ ඇමරිකාවේ නිෂ්පාදිත INDIAN SCOUT වර්ගයේ මොටර්සයිකලයකි....
මෙම බයික් වර්ගය ඒ වනවිටත් නිෂ්පාදනය නතර කර තිබිණ....බර්ට් ගේ මෝටර්සයිකලයේ එන්ජින් ධාරිතාව 600 cc වුන අතර එහි උපරිම වේගය පැයට හැතැප්ම 55ක් විය (89km/h)
ලෝකයේ රටවල් සමග තරග කිරීමටනම් මෙය කිසිසේත් ප්‍රමාණවත් නැත...එනිසා 1926 දී ඔහුගේ මෙම මෝටර්සයිකලය වැඩිදියුණු කිරීමට තීරණය කළේය...ඒ සඳහා ඔහු තමාටම කියා කුඩා කාමරයක් මිලට ගෙන...එහිම ගරාජය මෙන්ම තම නිවසද කරගත්තේය...ඉන්පසු ඔහුගේ ජීවිතය වුයේ තම ආදරණිය indian scout එකයි....
මෙය වැඩිදියුණු කිරීමද ලේසි පහසු නැත...ඒ සඳහා අවශ්‍ය මිල අධික උපකරණ සහ අමතර කොටස් මිලදී ගැනීමට තරම් ඔහුට ශක්තියක් තිබුනේ නැත.
...ඒ නිසා ඔහු ඒ වෙනුවට පාවිච්චි කළේ ඉවතලන පරණ වාහන වල කොටස් ය...එසේම අතට අහුවෙන ටින් බෙලෙක් කෑලි, යකඩ පයිප්ප කෑලි ඔහු තම මෝටර්සයිකලය modify කිරීමට යොදාගත්තේය.....ඔහු ඒවායේ සියුම් මිනුම් ගැනීමට මයික්රෝමිටර් ආමානය (micrometer gauge) වෙනුවට භාවිත කළේ පරණ ස්පෝක් කම්බියකි....කියත් පටි සහ වැලි කඩදාසි වලින් ඔහු මෝටර්සයිකලයේ එන්ජිම වැඩිදියුණු කළේය....
ඔහුට අත්‍යඅවශ්‍ය සමහර අමතරකොටස් ගැනීමට ඔහුට අමතර වැඩ කිරීමටද සිදු විය....දවස පුරාම රැකියාවේ නිරත වූ බර්ට්, අතට අමතර ගානක් ලබාගන්න රෑ වෙනතුරු අතිකාල සේවය කළේය....මහ රෑ සිය කාමරයට එන ඔහු ඉන්පසු එළිවෙනතුරු තම බයික් එකේ වැඩ කළේය...මෙසේ බොහෝ දිනවල ඔහු නොනිදාම එකදිගට වැඩ කළේය....
අවසානයේ ඔහු සෑහීමකට පත්වෙනතුරු මෙසේ ටිකෙන් ටික තම මෝටර්සයිකලය වැඩිදියුණු කර... එය ජාත්‍යන්තර ධාවන පථයට සුදුසු මට්ටමට ගෙනාවේය...ඒ වනවිට අවුරුද්ද 1961 විය ...එනම් ඔහු අවුරුදු 41ක් තිස්සේ මෙම වෙහෙසකර කාර්යයේ නිරත වී තිබිණ .....බර්ට් ගේ වයස ඒ වනවිට අවුරුදු 62 ක් විය......
වර්ෂ 1962 දී බර්ට් තම සගයාද සමග මෝටර් රථ ලෝක වාර්තා තබන ඇමරිකාවේ බොන්විල් හි salt flats (මෙය ලොව විශාලතම පැතලි ලවන ස්ථරයයි) වෙත ගියේය...ඒද නොයෙක් බාධක මැද ය.....එහි ගිය පසුද තරග සංවිධායකවරුන් ඔහුට තරග කිරීමට ඉඩ නොදුන්නේ ඔහුගේ මෝටර්සයිකලයේ අනාරික්ෂිත බව නිසා ය.....එසේම බර්ට් ගේ ද ආරක්ෂාවට තිබුනේ සාමාන්‍ය හෙල්මට් එක පමණි.
..වෙනත් ආරක්ෂක අංගෝපාංග ගැනීමට ඔහුට මුදල් තිබුනේ නැත....එහෙත් ඔහුට එහිදී මුණගැසුණු Marty Dickerson වැනි ධනවත් ධාවකයන්ගේ බලපෑම මත තරග කිරීමට ඉඩ ලැබිණි.....
අවට පිරිස් ඔලොක්කුවට හිනා වෙද්දී ඔහු ඒ සියලු දෙනාගේ කටවල් වසමින් ලෝක වාර්තාව පිහිටෙව්වේය....මුලින් 600 cc බයික් එකක් වූ ඔහුගේ indian scout එක ඒ වනවිට 950 cc එකක් විය....මුලින් උපරිම වේගය පැයට කිලෝමටර 89 ක් වූ එහි දැන් උපරිම වේගය පැයට කිලෝමටර 320 ක් විය.....ඒ වෙද්දී බර්ට් ගේ වයස අවුරුදු 63ක් වූ අතර ඔහුගේ මෝටර්සයිකලය අවුරුදු 42 ක් පැරණි එකක් විය...බර්ට් එය හැඳින්වුයේ MUNRO SPECIAL යන නමිනි
අනතුරුව ඔහු වරින් වර 10 වරක් ඇමරිකාවට යමින් ලෝක වාර්තා 3 ක් පිහිටෙව්වේය....එම වාර්තා අතරින් 1000 cc ට අඩු මොටර්සයිකලයකින් වැඩිම වේගයෙන් යමින් 1967 වසරේ අගෝස්තු 26 වන දින තැබූ ලෝක වාර්තාව අදටද නොබිඳී පවතී.....
වසර 79 ක් ආයු වළඳා ඔහු 1978 ජනවාරි හය වනදින මෙලොවින් සමුගත්තා...
ඔහුගේ ජිවිත කතාව අළලා 2005 දී the world's fastest indian කියන චිත්‍රපටය නිර්මාණය වුනා....එහි බර්ට් ගේ චරිතයට පන පොවන්නේ සුප්‍රසිද්ධ නළු Anthony Hopkins
මෙහි පිටුපසින් දිස්වෙන්නේ ඔහුගේ නිවසත් වැඩපොලත් වූ කුඩා කාමරයයි
මේ තියෙන්නෙ කවුරුත් හීනෙකින්වත් නොහිතපු වාර්තාවක් තියපු ඔහුගේ වැඩිදියුණු කළ මෝටර්සයිකලය
මෙවැනි හැකියාවල් තියෙන අය අපේ රටෙත් ඉන්නව....මිල අධික යාන වාහන ගන්න සල්ලි නැති උනත් ඊට අඩු වටිනාකමින් යුත් දේවල් අරගෙන පුදුම නිර්මාණාත්මක විදියට දියුණු කරනවා මම දැකල තියෙනවා....
අවශ්‍ය වන්නේ උත්සාහය සහ අධිෂ්ටානයයි....මේ වගේ වැඩ වලදී අපිට හිනා වෙන , කකුලෙන් අදින අය තමයි වැඩි....ඒත් අපිට වුවමනාව තියේනම් කරන්න බැරි දෙයක් නෑ...බර්ට් අපිට කියල දුන්නේ ඒ පාඩමයි.....

Last edited: