උතුම් බුදු සසුනක සොඳුරු කථාව අහසේ දිදුළන Š
උතුම් බුදු සසුනක සොඳුරු කථාව අහසේ දිදුළන සඳ පවා කියයි. දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ..පින්වත් මහණෙනි, එහි හිරු එළිය නැත. සඳ එළියත් නැත. වෙන එළියකුත් නැත. එහි තිබෙන්නේ මහා ඝනදුරකි. මේ ලෝකයේ එබඳු තැන්ද තිබේ. එවිට එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසීය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස හිරු එළියත් නැති, සඳ එළියත් නැති, වෙන එළියකුත් නැති ඒම හා ඝන අඳුරටත් වඩා භයානක අඳුරු තැනක් තියෙනවාද?
..එසේය, පින්වත් භික්ෂුව, ඒ හැමටත් වඩා භයානක අඳුරු තැනක් තිබේ. ඒ අඳුරු තැන නම් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ සිතයි. (අන්ධකාර සූත්‍රය, සංයුක්ත නිකාය )
අප මෙතෙක් ගෙවා ආ ගමන කොතරම් දිගු දැයි අපටම නොතේරේ. අප නෙතින් ගලා ආ කඳුළු සයුර කොතරම් ගැඹුරු දැයි අපටම නොතේරේ. හදින් හෙළුෑ සුසුමන් කෙතරම් සැඩ දියි අපටම නොතේරේ. සසර පුරා පැතූ පැතුම් ලියා ලබන්නට මේ මහා පොළොවම තල්පතක් කළද, මදි වේයැයි, සිතේ.
අප වරක් දෙලොවටත්, තවත් වරෙක බඹලොවටත් තවත් වරෙක මනු ලොවටත් පැමිණියෙමු. සතර අපායේ ඉපදී දුක්විඳි වාර ගණන කවුරු නම් දකිත්ද?
සසර ගමනක සැරිසරන්නට බොහෝ දෙනෙකුන් බිය නැති බව සැබෑය. නමුත් සියලූ දෙනාම දුක් විඳින්නටත්, දඩුවම් ලබන්නටත් බිය වෙති. අපායේ උපදින්නට බිය වෙති. නමුත් මේ සත්‍ය පෙන්වා දෙන්නට සමත් කෙනෙක් ලොව පහළ වන්නේ කලාතුකිනි. මේ දුර්ලභව ලැබෙන බුදු සසුනකින් පමණක් මෙය අසන්නට ලැබේ. අප කවුරුත් අවබෝධ කළ යුුතු යථාර්ථයක් තිබේ. චතුරාර්ය සත්‍ය යනු එයයි. එම සත්‍යාවබෝධය ඇතිවනතුරු නොනවතින ගමනක් අපට උරුම වී තිබේ.
.. පින්වත් මහණෙනි, චතුරාර්ය සත්‍ය ධර්මයේ යථාර්ථය අවබෝධ කළ නිසා තථාගතයන් වහන්සේට අරහත්, සම්මා සම්බුද්ධ යැයි කියනු ලැබේ. (අභිසම්බුද්ධ සූත්‍රය සංයුක්ත නිකාය )
.. පින්වත් මහණෙනි, චතුරාර්ය සතය යනු සනාතන දහමකි. කිසිසේත් නොවෙනස්වන දහමකි. අන් අයුරකට පත් නෙවන දෙයකි. මෙයට ආර්ය සත්‍ය යැයි කියන්නේ එනිසාමය. (තථ සූත්‍රය සංයුක්ත නිකාය)
චතුරාර්ය සත්‍ය අකාලික ධර්මයක් නිසා හැමදාම අලූත්ය. විද්‍යානුකූලය. නුවණැත්තන්ට විවෘතය. ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ශ්‍රද්ධාව තිබේ නම් වීරියත් නුවණත් තිබේ නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ හැකිය. ඕනෑම තැනකට යාම පිණිස මාර්ගයක් තිිබේ. එලෙසින්ම සත්‍යාවබෝධයට ද මාර්ගයක් තිබේ. ඒ මාර්ගය නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
සත්‍යාවබෝධයට මුල් වූ දැක්ම සම්මා දිටිඨියයි. සත්යබෝධයට මුල් වූ කල්පනාව සම්මා සංකල්පයයි. සත්‍යාවබෝධයට උපකාර වන පරිදි වචන හැසිරවීම ක්‍රියා කිරීම, ජීවත් වීමද ඒ මාර්ගයට අයත්ය. සත්‍යාවබෝධයට උපකාර වන පරිදි උත්සාහ කිරීම සිහිය පිහිටු වීම, සමාධිය දියුණු කිරීමද ඒ මාර්ගයමය. කෙනෙකු මුළුමනින්ම සසරින් නිදහස් වෙන්නේ මාර්ගයේ ගමන් කිරීමෙනි. අවස්ථා හතරක් තුළ නිවන් මග ප්‍රගුණ වේ. පළමු අවස්ථාව සෝවාන් වීමය. එහි තේරුම සම්මා දිට්ඨිය තුළින් මේ නිවන් මග හොඳින් හඳුනාගෙන,ඒ මගට පිවිසීමය. සෝවාන් වීම පිණිස ඉතා පැහැදිළි ලෙස චතුර් ආර්ය සත්‍ය ගැන අසා දැනගත යුතුය.
ඒ ඇසූ ධර්මය ඔස්සේ තම චින්තනය මෙහෙය විය යුතුය. නුවණින් මෙනෙහි කිරීම භාවනාවට අදාළ කොටසකි. සෝවාන් වූ නෙකෙකුට සත්‍ය ඥානය තිබේ.
සත්‍ය ඥානය යනු කුමක්්ද? මේ දුක ආර්ය සත්‍යයකි. මේ දුක් හට ගැනීමත් ආර්ය සත්‍යයකි. දුක් නැතිවීම පිණිස උපකාර වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ද ආර්ය සත්‍යයකි. මෙයයි සත්‍ය ඥානය. දුක්ඛ සත්‍ය ගැන සෝවාන් කෙනෙකු තුළ ඉතා පැහැදිලි අවබෝධයක් තිබේ. සක්කාය දිට්ඨිය ග්‍රහණය වීමට හේතු වන්නේද හයමය. මේ ජීවිතය කොටස් පහකින් යුක්තය. ඒවා හඳුන්වනුයේ පංච උපාදානස්කන්ද නමිනි.
හතර මහා ධාතූන්ගෙන් හටගත් රූපත්, ස්පර්ශයෙන් හටගත් වේදනා, ස්පර්ශයෙන් හටගත් පඤ්ඤා, ස්පර්ශයෙන් හටගත් චේතනාත් නාම රූපයෙන් හටගත් විඤ්ඤාණය යන මෙය පංච උපාදානස්කන්ධයයි. දුක වශයෙන් බුදු සමිඳුන් පෙන්වා වදාළේ මේ පංච උපාදානස්කන්ධයයි. මේ පංච උපාදානස්කන්ධයටම .. සක්කාය යයි කියනු ලැබේ. ඒ ගමන් ගත් පඤ්ච උපාදානස්කන්ධය තුළ තමන්ට අවශ්‍ය පරිදි, තමාගේ අභිමතය පරිදි හෝ බාහිර කෙනෙකුගේ වුවමනාව මත හෝ පැවැත්විය හැකි ආත්මයක් ඇතැයි යන හැඟීම සක්කාය දිට්ඨියයි. ඒ හැඟීම මුළුමනින්ම දුරුවන්නට නම්, පංච උපාදානස්කන්ධය හට ගන්නා ආකාරයෙන් නැසී යන ආකාරයත්, පංච උපාදානස්කන්ධය නිසා ඇතිවන ආස්වාදයත් ඒ නිසාම විඳින ආදීනවයත් ඒ පංච උපාදානස්ඛන්ධය කෙරෙහි ඇති ඇලව දුරු කිරීමෙන් එයින් නිදහස් වෙන්නට පුළුවන් බවත් යන මේ කරුණු අවබෝධය සමත් සෝවාන් පුද්ගලයා තුළ දුක පිළිබඳ සත්‍ය ඥානය ඇතිවේ. ඉතිරි ආර්ය සත්‍ය ගැනත් සත්‍ය ඥානය ඇතිවන්නේ ඒ සමගය. දස්සන සම්පත්තිය කියන්නේ එයටයි. ඒ අවබෝධය ඇතිවෙන විට ඔහු තුළින් සක්කාය දිට්ඨිය ප්රහාණය වේ.
තමා තුළින් දුක තේරුම් ගත් කෙනෙකුට මෙතෙක් දුක පැවතුන ආකාරයද වැටහේ. වර්තමානයේ දුක පවතින ආකාරයද වැටහේ. ඒ ගැන බුදු සමිඳුන්ගේ අවබෝධය පරම සත්‍යයක් බව වැටහේ. බුදු සමිඳුන් එය පහදා දුන් ධර්මයද වැටහේ. ඒ මග ගමන් ගත් මහ ඵල ලාභීන්ගේ ජීවිත ගැනද වැටහේ. කය වචනය සංවර කරගෙන චිත්ත දමනයකින් යුතු සමථ විදර්ශනාවම දියුණු කළ යුතු බවද වැටහේ. එබඳු කෙනෙකුට සැකයක් කොයින්ද?
විචිකිචිචාව නැතිවිම යනු එයයි.
එබඳු කෙනෙක් බුදු සසුනේ වදාළ විනය වන සිල්පද රැුකීමට ඉතා කැමතිය. සීල සංවරයෙන් ඉන්ද්රිය සංවරයෙන්, ආර්ය මාර්ගය පිරිසිදු වන බව ඔහු දන්නා නිසාය. එවැන්නකුට සීලබ්බතපරාමසයක් කොයින්ද?
මෙලෙසින් සම්මා දිට්ඨිය ඇතිවූ ආර්ය ශ්රාවකයා ආර්ය මාර්ගය දියුණු කර ගැනීම පිණිස, සම්මා දිට්ඨිය පාදක කරගෙන සම්මා වායාම සමමා සති යන ගුණ දහම් දියුණු කරගෙන ඉතිරි මාර්ගාංග ඒ නිසා දියුණු කරන ලද සිහියෙන් යුක්තව සතුන් මැරීමෙන් වළකී, සොරකම් කිරීමෙන් වළකී. පිරිසිදු චරිතයන් ගොඩනගා ගනී. ධාර්මික පැවැත්මක් ඇති කර ගනී. තමන් ගත කරන ඒ ධාර්මික ජිවිතය දෙස බලා මහත් සතුටක් ලබයි.