ඇමරිකාවේ කෙතරම් ඊනියා බලගතුයැයි කියාගන්නා ජනාධිපතිවරු කීයක් පහල උවත් Kim Jong Unට අභියෝග කරන්නට මෙතෙක් සමතෙක් නොවීය.ඇමරිකන්කාරයා කෙතරම් උ.කොරියා මිසයිල වලට බර බර ගෑවද කල දෙයක් නැත.නමුත් මේකියන නායකයා දකුනු ආසියාවෙන් පහලවූ ප්‍රමානයෙක් පුන්චි හා සරල කෙනෙක් උවද ඔහුගේ කාහල නාදයට මුලු උතුරු කොරියාවම පසුගිය සතියේ ගිගුන් දෙන්නට විය..
අපේ මේ පාංශු දේහධාරි නායකයා උතුරු කොරියාවට එරෙහිව තම කුංචානාදයෙන් මුලු ලොවටම තම නිර්භය සිංහ සෙයියාව පසුගිය සතියේ පෙන්වීය.බටහිර මෙන්ම අපේ අසල්වැසි ඉන්දියාවද මෙතුමාගේ ගිගුම් හඩට බයෙන් තැති ගැනුනි.අපේ යෝධ ජන නායකයා..මහා ප්‍රපන්චකයාගේ නාදයට ඉන්දියන් නායකයන්ගේ රෙද්ද පල්ලෙන් සුලු දියර පහ කල බව දන්නෝ දනිති.
තව දුරටත් මෙතුමාගේ බසට අවනත නොවී උතුරු කොරියාව මිසයිල අත්හදා බලන්නේනම් මෙතුමා උතුරු කොරියාවේ ඉරණම එදාට තීන්දු කරනු නියතය.එසේ උවහොත් සේනාධිනායක වන මෙතුමාගේ අණින්අපේ ත්‍රිවිධ හමුදාව උතුරු කොරියාව ආක්‍රමනය කිරීම වැලැක්විය හැකි ජගතෙක් නැත.එදාට මුලු ලොවම අපේ රටේ තරම දැන ගනු ඇත.ඒ අනුව ඇමරිකාව ජර්මනිය පමනක් නොව එන්ගලන්තද මෙතුමා පාමුල හඩා වැටෙමින් තම රටවල් වල පාලනය මෙතුමාටම බාර දෙනු ඇත.එදාට මේ ලෝකයේ සුපිරි බලවතා ලංකාවයි.