උතුරු කොරියාවේ සැබෑ තතු

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උතුරු කොරියාවේ සැබෑ තතු

    උතුරු කොරියාවේ සැබෑ තතු හෙළි කරන ඡායාරූප එකතුවක්


    උතුරු කොරියාව පිළිබඳ බාහිර ලෝකයේ සිටින බොහෝ දෙනා දැනගන්නේ එරට නිල පුවත් ඒජන්සිය වන කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය හෝ වෙනත් රාජ්‍ය මාධ්‍යයක් හෝ පළ කරනු ලබන ඡායාරූප මගින් පමණයි. උතුරු කොරියාව ඉතා සීමා සහිත සංචාරකයින් ප්‍රමාණයකට එරටට පැමිණෙන්න ඉඩ දුන්නත් එ්වා ඉතාම දැඩි කොන්දේසි සහිතව කෙරෙන ගමන් වාර වනවා. තනි තනිව සංචාරකයන්ට උතුරු කොරියාවේ ගමන් කරන්නට අවසර නැහැ. එමෙන්ම එරටින් ඡායාරූප පිටතට ගෙන ඒමත් ඉතා අපහසුයි.
    2016 දී මේ අපහසු කටයුත්ත සිදු කිරීමට ඡායාරූප ශිල්පී මයිකල් හුනිවිට්ස් සමත් වුණා. මෙම ඡායාරූප උතුරු කොරියානු ජන ජීවිතය පිළිබඳ මනා පැතිකඩක් ලබා දෙනවා. ඔහුගේ ඡායාරූප එකතුවෙන් ඡායාරූප කිහිපයක් පිළිබඳ ඔබට විස්තර කිරීමට අප කල්පනා කළා.

    014-4-701x466.jpg

    උතුරු කොරියාවට චීනය දෙසින් ඇතුලු වන මුරපොළේදී ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක්. මෙහිදී රට තුළට ගෙන යාමට තහනම් ද්‍රව්‍ය අැත්දැයි බැලීමට සෝදිසියක් කරනු ලබනවා. ලැප් ටොප් පරිගණක ද සෝදිසි කෙරෙන අතර උතුරු කොරියාවේදී තහනම් චිත්‍රපට සඳහා ද පරීක්ෂා සිදු කරනවා.


    029-701x466.jpg

    සංචාරකයන් ඇතුලු වන ඩන්ඩොං දුම්රියපොළෙහි වූයේ කිහිප දෙනෙකු පමණි.


    039-701x466.jpg

    මයිකල් ගමන් ගත් දුම්රිය යන තුරු බලා සිටින ගැමියන් කිහිප දෙනෙක්.


    046-701x466.jpg

    පැරණි ට්‍රක් රථයක නැගුණු සොල්දාදුවන් කිහිප දෙනෙක්.


    055-701x466.jpg

    සැතපුම් ගණනක් ඈතට දිවෙන කුඹුරු යායවල්.


    062-701x480.jpg

    කුඩා නගරයක පැරණි නිවාස.


    07-701x466.jpg

    ප්‍යොංග්යෑංග් අගනුවර දුම්රිය ස්ථානය . මයිකල් පවසන්නේ හොඳින් ඇඳ පැළඳගත් මෙම උතුරු කොරියානුවන් අරමුණක් නැතිව ඔබ මොබ යන්නේ සංචාරකයන්ට පෙනෙන ලෙසින් පමණක් බව පැහැදිලිව පෙනුණ බවයි.


    08-701x475.jpg

    ප්‍යොංග්යෑංග් නගරයේ “ජනාකීර්ණ” දසුනක්.


    09-701x466.jpg

    රථවාහන පොලිස් නිලධාරිනියක් රාජකාරියේ නියැලෙමින්. ප්‍යොංග්යෑංග් හි පුළුල් වීථි තිබුණ ද ඒවායේ රථ වාහන ඇත්තේ අතලොස්සකි.


    10-701x466.jpg

    හෝටලයේ විමසීම් කවුන්ටරය අසළ රූපවාහිනී තිරයේ ද දිස් වන්නේ ප්‍රචාරක පටයකි.


    111-701x466.jpg

    ප්‍යොංග්යෑංග් නගරය.


    121-701x466.jpg

    උතුරු කොරියානු නායක කිම් ජොංග් – අන්ගේ සීයා වූ උතුරු කොරියාවේ “සදාතනික නායක ” කිම් ඉල් – සුංග් සහ කිම් ජොංග් – අන්ගේ පියා වූ කිම් ජොංග් – ඉල්ගේ විශාල ප්‍රමාණයේ ප්‍රතිමා.


    131-701x466.jpg

    ස්මාරක භූමියක් පිරිසිදු කරන තරුණියන් පිරිසක්.


    14-701x466.jpg

    ප්‍යොංග්යෑංග් හි සාප්පු සංකීර්ණවල රාක්ක බොහොමයක් හිස් ය .


    15-701x459.jpg

    තට්ටු නිවාස සංකීර්ණ.


    16-701x466.jpg

    බස් රථයක්.


    17-701x466.jpg

    හිස් ආසනවලින් “පිරුණ” අවන්හලක වේටර්වරියක්.



    Cover Image සොල්දාදුවකුගේ සුපරික්ෂාව යටතේ මාර්ගයක් පිරිසිදු කරන කාන්තාවන්.

    Source: https://roar.media/sinhala Chamara Sumanapala
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ඒ අතින් දකුණු කොරියාවේ එවුන් පට්ට සැපක් විදින්නේ..... දැක්ක කෙනෙක්ට තේරෙනවා
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    කවුද බන් ඇත්ත නැත්ත දන්නේ..... දෙපැත්තක් ඇතිනේ