උතුරු-නැගෙනහිර-යලි-ගොඩනැගීමට-සහාය-දෙන-බව-&#348

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    උතුරු-නැගෙනහිර-යලි-ගොඩනැගීමට-සහාය-දෙන-බව-&#348

    උතුරු-නැගෙනහිර යලි ගොඩනැගීමට සහාය දෙන බව කී කේපී ට රජයේ සමාව
    -වවුනියාවේ අවතැන් කඳවුරු බලන්නත් ගිහින්

    (ලංකා ඊ නිව්ස් 2010 ජුනි 20, ප.ව.6.05) එල්ටීටීඊ සංවිධානයේ හිටපු ප්‍රධාන අවි ජාවාරම් කරු වූ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් යුද්ධයෙන් විනාශ වී ඇති උතුරු නැගෙනහිර ප්‍රදේශ නැවත ගොඩනැංවීම සඳහා හා පුනරුත්ථාපනය සඳහා සහාය ලබාදෙන බව ප්‍රකාශ කළ බව රජයේ සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් අද (20) වාර්තා කර තිබේ.

    එම පුවත්පත් වාර්තාව වැඩිදුරටත් පවසන්නේ කැනඩාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය, බි්‍රතාන්‍ය, ප්‍රංශය හා ඕස්ටේ්‍රලියාවෙන් පැමිණි දෙමළ බුද්ධිමතුන් 9 දෙනකු හා කුමරන් පද්මනාදන් ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂ මහතා හා විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් මහතා හමුවී ශ්‍රී ලංකා රජයේ සාමය ගොඩනැගීමේ කි්‍රයාවලිය පිළිබඳව සාකච්ඡා කළ බවයි.

    දෙමළ බුද්ධිමතුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ආරක‍ෂක ලේකම් හා විදේශ ඇමැතිවරයා හමුවීමට විශේෂ මෙහෙයක් කර ඇති කේ.පී. එම රජයේ පුවත්පතට පවසා ඇත්තේ හිටපු ප්‍රබල එල්ටීටීඊ හිතවාදීන් ලංකාවේ තත්ත්වය දැන් හොඳින් තේරුම් ගෙන තිඛෙන බවයි.

    මේ හේතුව නිසා උතුරු නැගෙනහිර සංවර්ධනය හා පුනරුත්ථාපනය වෙනුවෙන් විදේශගත දෙමළ ජනයා එක්වී zඋතුරු-නැගෙනහිර සංවර්ධන වැඩසටහනZ නම් රාජ්‍ය නොවන සංවිධානයක් ගොඩනගා ඇති බව කුමරන් පද්මනාදන් තවදුරටත් පවසා තිබේ. මේ රාජ්‍ය නොවන සංවිධානය හරහා උතුරු නැගෙනහිර සංවර්ධනයට අවශ්‍ය අරමුදල් හා සියලූ සහයන් ලබා දීමට නියමිතය.
    දැනට රජය විසින් රඳවාගෙන සිටිනවා යැයි පැවසූ එල්ටීටීඊයේ ප්‍රධාන අවි ජාවාරම්කරු වූ කේ.පී. තවදුරටත් පුවත්පතට පවසා ඇත්තේ සංවිධානයට අයත්ව තිඛෙන ඩොලර් මිලියන ගණනක වත්කම් පාලනය කරන එල්ටීටීඊ හිතවාදීන් උතුරු-නැගෙනහිර සිදුකෙරෙන පුනරුත්ථාපන හා නැවත ගොඩනැගීම් කටයුතු සඳහා මුදල් ලබාදීමට සූදානමින් සිටින බවයි.

    එම සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානය රජය හා එක්වී කටයුතු කරන්නට ගෙන ඇති තීරණයට ද ඔහු සිය සතුට පළ කර ඇති අතර සාමය ගොඩනැගීමට නම් සියලූ වෙනස්කම් අත්හැරදමා එක්වී කටයුතු කළ යුතු බවද පවසා තිබේ.

    මේ අතර සතිඅන්ත ජාතික සිංහල පුවත්පතක් වාර්තා කර තිබුණේ වව්නියාවේ පිහිටි දෙමළ අනාථ කඳවුරු නැරඹීමට කුමරන් පද්මනාදන් හෙවත් කේපී පසුගිය සතියේ කටයුතු කළ බවයි.

    2009 මැයි මස 18 වන දින ශ්‍රී ලංකා හමුදා විසින් ප්‍රභාකරන් මරා දැමුණු පසු කේ.පී එල්ටීටීඊයේ නව නායකයා ලෙස පත්වූ බව ඔහුම නිවේදනය කළ නමුත් බොහෝ රටවල සිටි එල්ටීටීඊ හිතවාදීන් කේ.පී. නව නායකයා ලෙස පිළිගැනීම ප්‍රතිෙක‍ෂ්ප කර සිටියේය.

    මේ අතර 2009 අගෝස්තු මස 05 වැනිදා කේ.පී අත්අඩංගුවට ගෙන 07 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළ මුත් මැලේසියානු හා තායිලන්ත බලධාරීන් එවන් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ පළවූ වාර්තා ප්‍රතිෙක‍ෂ්ප කළහ.

    අත්අඩංගුවට පත් බව රජය පැවසූ කේ.පී. හට කොළඹ විසුම්පායේ සියලූ පහසුකම් සහිතව නවාතැන් පහසුකම් සපයා ඇතැයි විපක‍ෂය බොහෝ අවස්ථාවන් හිදී චෝදනා කළ අතර රජය සැම විටම එම චෝදනා ප්‍රතිෙක‍ෂ්ප කර සිටියේය.

    වරක් ආරක‍ෂක ලේකම්වරයා පවසා තිබුණේ කේ.පී. ව නලවන්නට තමන්ට අවශ්‍ය නැති බවත් එසේ ඔහුව නලවන්නට තම නිවසේ තොටිල්ලක්ද නැති බවත්ය.

    මේ අතර බොහෝ විට රජයේ පාර්ශයෙන් කේ.පී. පිළිබඳව විමසූ විට ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය බුද්ධි අංශ තවමත් ඔහු පිළිබඳව පරීක‍ෂා කරමින් සිටින නිසා නීතිය ඉදිරියට පැමිණවීම ප්‍රමාද වන බවයි.

    ජාතික ආරක‍ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වරක් රූපවාහිනි සාකච්ඡාවකදී පවසා තිබුණේ ජනාධිපතිවරයා විසින් කේ.පී. හට සමාව දුන්නත් ඒ පිළිබඳව තමා පුදුම නොවන බවයි.

    කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී හට නැව් 18 ක් ඇති බවත් ඩොලර් මිලියන 500 කට අධික වටිනාකමින් යුත් එල්ටීටීඊය සතු මුදල් හා දේපළ ඔහු සතුව ඇති බව මුදලදී රජය ප්‍රකාශ කළ නමුත් ඔහු සතුව තිබුණා යැයි කියන බැංකු ගිණුම් හා දෙපළ වල විස්තර හෙළි කරන්නට රජය මෙතෙක් කටයුතු කර නැත.


    Source - http://www.lankaenews.com/Sinhala/news.php?id=13801