උතුරු_කොරියාවේ_අපරාධ

siripala

Member
Oct 10, 2006
2,869
442
0
උතුරු_කොරියාවේ_අපරාධ

උතුරු කොරියාවේ 'ඇදහිය නොහැකි අපරාධ'

හඬ පටය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න Download Now


මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කළ බවට උතුරු කොරියාවේ පාලනාධිකාරියට චෝදනා කරන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මණ්ඩලයක්, එම අපරාධ සම්බන්ධයෙන් දඬුවම් විඳීමට සිදු වනු ඇති බවට රටේ පාලක කිම් ජෝන් උන් ට අනතුරු අඟවයි.

130322060246_north_koreas_prison_camps_304x171_bbc_nocredit.jpg

'මුල්ම බුලට් එක ඔලුවටම වැදුනම, ලේත් එක්ක මොලේ කෑලි සීසීකඩ විසි වෙනවා'

නාසි ජර්මනියේ සිදු වූ ආකාරයේ දරුණු වද දීම්, වහල් මෙහෙයේ යෙදවීම, ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා, දේශපාලන මතවාද මර්දනය සහ තවත් බොහෝ 'ඇදහිය නොහැකි අන්දමේ' අපරාධ පිළිබඳ සාක්ෂි තමන්ට ලැබුන බවයි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශ පරිදි වසරක් පුරා කරන ලද පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ කමිටුව පවසන්නේ.

උතුරු කොරියාවේ ඉහල පෙලේ නායකයන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට පැමිණ විය යුතු බව එක්සත් ජාතීන්ගේ කමිටුවේ නිර්දේශයයි.

140217150540_un_korea_304x171_f_nocredit.jpg

'මීට පස්සේ අපි දැනගෙන හිටියේ නෑ කියල සමාවට කාරණයක් නෑ'


වද කඳවුරකදී කාන්තාවන් විඳි දුක එක් කාන්තාවක් විස්තර කළේ ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සමඟ අදහස් දක්වමින්.

"කඳවුරකට අර ගෙන ආවම, කාන්තාවන්ගේ ලේ පරීක්ෂා කරනවා. හදිසියෙවත් කාන්තාවක් ගැබ් ගෙන ඉන්නවා කියල අනාවරණය වුනොත්, එයාට ඒ දරු ගැබ ගබ්සා කර ගන්න කියල බල කරනවා," යනුවෙන් ඇය කියා සිටියාය.

140124055927_cn_kim_jong_un_afp_i304.jpg

උතුරු කොරියාවේ නායකයන් 'ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට පැමිණ විය යුතුයි'



මොලේ කෑලි විසි වුනා

"ගැබිණි කාන්තාවක් කඳවුරට ආවොත් එයාගේ දරු ගැබ විනාශ කරන්න ලොකු බර කරේ තියා ගෙන කඳුවල උඩට පහලට දුවන්න අණ කරනවා."

කඳවුරෙන් පලා යාමට ඇය සමත් වූ නමුත් කඳවුරුගත වූ බොහෝ දෙනාට අත් වූයේ ඊට වඩා ඉතා බියකරු ඉරණමක්.

බොහෝ දෙනා ඉදිරියේ කඳවුරේදී මරණ දඬුවම් පැන වූ ආකාරය හිටපු හමුදා නිලධාරියෙක් ඇම්නස්ටි ජාත්‍යන්තරයට විස්තර කළේය.

"මුල්ම බුලට් එක ඔලුවටම වැදුනම, ලේත් එක්ක මොලේ කෑලි සීසීකඩ විසි වෙනවා. ඒක දැක්ක ගමන් පිරිල ඉන්න මිනිස්සු යටිගිරියෙන් කෑගහන්න පටන් ගන්නව," බවයි, ඔහු පවසන්නේ.

"ඒක හරිම ලොමු දැහැ ගැන්වෙන දර්ශණයක්. ඊළඟ වෙඩි පාර ඇහෙන කොටම මිනිස්සු නොදැනීම ඇස් වහ ගන්නවා, නැත්නම් අනිත් පැත්තට හැරෙනවා. වෙඩි සද්ද ඉවර වෙලා හැරිලා බලන කොට මළසිරුරක් බිම වැටිලා තියෙනව. ඒක දැක්කට පස්සේ කිසිම මනුස්සයකුට ආයෙ කවදාවත් නිදා ගන්න බෑ."


නාසි අපරාධ

වාර්තාවේ ඇතුලත් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන උතුරු කොරියාව අවධාරණය කරන්නේ සිය රටේ කිසිදු මානව හිමිකම් උල්ලංඝනයක් සිදු නොවන බවයි. කෙසේ නමුත් උතුරු කොරියාවේ බලධාරීන් විසින් සිදු කරන ලද මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඕනෑවටත් වඩා සාක්ෂි තමන්ට හමු වූ බවයි, වාර්තාව ප්‍රකාශයට පත් කරමින් පරීක්ෂණ කමිටුවේ සභාපති මයිකල් කර්බි කියා සිටියේ.

"සිරකරුවන් හාමතේ තැබීම ගැන, මහා සාගතය ගැන, කිසිම පහසුකමක් ලබා නොදීම ගැන අපිට සාක්ෂි ලැබුන. පැහැර ගැනීම්, ප්‍රසිද්ධියේ මරණ දඬුවම පැනවීම, විශාල පිරිසක් අතුරුදහන් වීම ගැන, අපට සාක්ෂි ලැබුනා. ඒ සාක්ෂි සේරම වාර්තාවට ඇතුලත් කරලා තියෙනවා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

උතුරු කොරියාවේ අපරාධ සහ නාසි ජර්මනිය සිදු කළ අපරාධ අතර සමානතාවයක් දක්නට ලැබෙන බවයි මයිකල් කර්බි පවසන්නේ.

"වෙච්ච දේ අපි දැන ගෙන හිටියා නම් කියල දෙවැනි ලෝක යුද්ධය ඉවර වුනාම හුඟක් දෙනෙක් කිවුව. දැන් ජාත්‍යන්තර ප්‍රජාව මේ ගැන දන්නවා. ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරියටත් දැන ගනීවි. මීට පස්සේ අපි දැනගෙන හිටියේ නෑ කියල සමාවට කාරණයක් නෑ."

එබැවින් තවදුරටත් අහක බලා සිටීමට ජාත්‍යන්තර ප්‍රජාවට හැකියාවක් නැති බව විශේෂඥ මඬුල්ලේ ප්‍රධානියා අවධාරණය කරයි.


BBC Sinhala Sandeshaya
 
Last edited:

lilman

Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    iraq walatath oya wage dewal kiyala tamai gahuwe . eth weapons hoyaganna puluwan unada ?

    north koreawata kelinna oya hadanne
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අමෙරිකන් බල්ලට අමුතුම අමාරුවක් තියෙන්නේ අනුන්ගේ මානව හිමිකම් හොයන්න. යකෝ මුන් වියට්නාමේ කරපුවා ඉරාකේ කරපුවා කියුබාවේ කරපුවා එහෙම දැම්ම නම් චැනල් ෆෝ ෆිල්ම් හැට හුටාමාරක් හදන්න පුළුවන්
     
    • Like
    Reactions: deanXX

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ao2.jpg

    ඉහත ඔබ දක්කිනේ පාරම්පරික ජාන විකෘතියක් නිසා බිහිවූවන් යැයි සිතනවානම් ඔබ වැරදි ඇත. මේ ඇමෙරිකන් නපුංසක හමුදාව විසින් වියට්නාමයේදි ලැබූ අන්ත පරාජයට දුන් පිළිතුරයි. ඒජන්ට් ඔරේන්ජ් නම් රසායනික අවියක් මගින් වියට්නාමයට ගුවනින් ඉස වියට්නාමිය දරුවන්ට සිදු කල අපරාදයයි මේ
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මෙහෙමයි! එක්සත් ජාතීන්ගේ සංවිදානය ලංකාව් වැනි රටවල්වලට අත තියන එක වැරදයි! හැබැයි උතුරු කොරියාවේ කිම් ජොං උන් කරන මානව අයතිවාසිකම් කඩකිරීම් ගැන හොයල බලන එක හොඳයි කියලයි මට හිතෙන්නේ! කිම් ජොංගේ කුරිරු පාලනයයෙන් උතරු කොරියානු පුරවැසියන් මුදව ගන්න එක හොඳයි! උතුරු කොරියාවේ මිනිස්සුන්ට කිසිම නිදහසක් නැහැ! අඩුම තරමේ රටින් පිට වෙන්න වත් නිදහසක් නැහැ! සමාජවාදී පාලනයක් තියෙන නිසා ආණ්ඩුව කියන විදිහටයි මිනිස්සු වැඩ කරන්න ඕනේ! තම තමන්ට කැමති රැකි රක්ෂා කරන්න උතුරු කොරියාවේ මිනිස්සුන්ට නිදහසක් නැහැ! උතුරු කොරියාව පුංචි පුංචි වැරදි කරන අයටත් මරණ දණ්ඩනය දෙන රටක්! උතුරු කොරියාවේ මිනිස්සුන්ට අන්තර්ජාලය පාවිච්චි කරන්න තහනම් කරලයි තියෙන්නේ! කිම් ජොං කියන විදිහට හිටියේ නැත්තම් වදාකාගරවලයි මිනිස්සුන්ට කල් ගත කරන්න සිද්ද වෙන්නේ! කිසිම හිතක් පපුවක් නැතුව මිනිස්සුන්ට හරියට කන්න දෙන්නේ නැතිව වැඩ ගන්න උතුරු කොරියානු නායකයා හරිම දක්ෂයි!
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ඔව් ඔය කිම් ජෝන් dial එක මාළු වෙළදාමේ අදිපත්‍ය ගන්න තමාගේ මාමව බල්ලොන්ට කන්න දාපු මිනිහෙක්ලු
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Lankawa genath pitaratawala ohoma thamai katha karanawa eththe. NGO karayange wedakda danne nehe.:rolleyes: