උතුරේ සිංහලයන්ට අවුරුදු කන්න දෙනු…

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උතුරේ සිංහලයන්ට අවුරුදු කන්න දෙනු…

    ඊයේ සහ පෙරේදා දින දෙකේ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් උතුරේ සිංහල ගම්මාන කිහිපයකට සහ බෞද්ධ වෙහෙර විහාර කිහිපයකට පැමිණියහ.

    උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවීකරන්, ජී.ටී.ලිංගනාදන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වූහ. ඔවුන් මෙසේ පැමිණියේ උතුරේ සිංහලයන්ට අවුරුදු සැමරීමට අග හිඟ කමක් තිබේදැයි සොයා බලා උදවු උපකාරයක් කිරීමට නොවේ; බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ආවාස ගෙයි අඩුපාඩු සොයා බලා ඒවා සැපිරීමට ද නොවේ.

    උතුරු පළාතේ සිංහලයන් පදිංචි වී සිටීම පිලිබඳ සති කිහිපයක සිට එක්වරම දෙමළ ජාතිවාදී උගතුන් කිහිප දෙනකු සහ රාජ්‍ය නොවන සංවිධාන කප්පිතන් කිහිප දෙනකු හඬ නැගී ය. දෙමළ ජාතිවාදී දේශපාලඥයන් (නො) නෑ ගම් පැමිණ ඇත්තේ ඊට පසුවයි. උතුරේ සිංහලයන් පදිංචි වූයේ අන්තිම සති කිහිපයේ නොවේ. සිංහල නමින් ජාතියක් බිහි වූ දා සිට ඔවුහු එහි පදිංචි ව සිටියහ (“දෙමළ ජනතාවගේ සංක්‍ෂිප්ත ඉතිහාසය” නමින් මා විසින් ලියන ලදුව විසිදුනු ප්‍රකාශකයන් අතින් 2009 මැයි මාසයේ පළවූ කෘතියේ ද තවත් පොත් පත්, ලිපි ලේඛන ගණනාවක ද මේ ගැන විස්තර සදහන්ය). එසේනම් මේ හදිසියේ දෙමළ ජාතිවාදීන් කලබල වී ඇත්තේ ඇයි? මේ සදහා ආසන්නම හේතු කාරණාව උතුරු පළාතේ ප්‍රාදේශීය සභා සදහා පැවති ජන්දයේ ප්‍රතිඵල සහ එම සභා පිහිටුවීමේ දී උද්ගත වූ තත්වයයි. මුළු රටේම ජන්ද ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින්නේ කවුද යන්න කිසිවකුට අමුතුවෙන් කිව යුතු යුතු නොවේ. එහෙත් ඒ රස්නය නිසා උතුරේ අප ලැබූ ජයග්‍රහණය ගැන එතරම් කතා බහක් ඇති නොවිණ. දෙමළ ජාතිවාදීන්ට එහි තරම පෙනුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දිවුරුම් දී සභාවේ අසුන් ගන්නා විටයි; ඇතැම් සභාවල තීරණාත්මක ජන්දය පොහොට්ටුවේ මන්ත්‍රීවරු සතු වන විටයි.

    මතුපිටට දෙමළ ජාතික සන්ධානය ලෙස පෙනී සිටිය ද අද උතුරේ දේශපාලනය කොත්තු රොටියකි. ත්‍රස්තවාදය ආරම්භක සමයේ කුඩා කුඩා කණ්ඩායම් ලෙස බෙදී සිට පසුව කොටින්ට බියේ යටපත්ව ගිය කණ්ඩායම්වල කල්ලිවාදය දැන් උපරිමයටම මෝරා ඇත. එකෙකුට එකෙක් නැත. අනෙත් පසින් හින්දු, කතෝලික සහ ඉවැන්ජලික කණ්ඩායම් ලෙස බෙදී ඇත. ඒ සියල්ලට වඩා කුලවාදය බලවත්ය. මේ අල්ල පනල්ල හමුවේ උතුරේ ප්‍රාදේශීය සභා ගණනාවක මන්ත්‍රී ධුර හිමි කර ගැනීමට පොහොට්ටුවට හැකි විය. මන්නාරම නගර සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව, නානාට්ටන් ප්‍රාදේශීය සභාව, වවුනියාව නගර සභාව, වවුනියාව දකුණ-සිංහල ප්‍රාදේශීය සභාව, වවුනියාව දකුණ-දෙමළ ප්‍රාදේශීය සභාව, වවුනියාව උතුර ප්‍රාදේශීය සභාව, මුලතිවු මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභාව, යාපනය වේලනි ප්‍රාදේශීය සභාව සහ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධුර තහවුරු කර ගැනීමට පොහොට්ටුවට හැකි විය. ඒ අතුරින් වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරයත්, වේලනි ප්‍රාදේශීය සභාවේ උප සභාපතිධුරයත් පොහොට්ටුවට හිමි විය. උතුරැ පළාතේ වවුනියාව දකුණ නමින් සිංහල ප්‍රාදේශීය සභාවක් තිබීම දෙමළ ජාතිවාදීහු නොඉවසති. තවද වවුනියාව උතුර ප්‍රාදේශීය සභාවේ ගජබාපුර-මොණරවැව, කල්‍යානපුර,ඇතාවැටුනුවැව, සම්පත්නුවර යනුවෙන් සිංහල කොට්ටාශ 4 කි. ඉන් පත්වූ සිංහල මන්ත්‍රීවරු 5 දෙනා එම ප්‍රාදේශීය සභාවේ තීරණාත්මක සාධකය වී ඇත. එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාවේ ඇහැටුගස්වැව, කිරිඉබ්බන්වැව, නවගජබාපුර සහ ජානකපුර එක්කර වැලිඔය නැගෙනහිර නමින් සිංහල කොට්ටාශයක් ඇත.

    ප්‍රාදේශීය සභා ජන්ද ප්‍රතිඵලවලින් දෙමළ ජාතිවාදීන්ට දැනෙන භාෂාවෙන් පිළිතුරක් ලැබී ඇත. ඔවුන් කලබල වී උතුරේ සිංහලයන්ගේ වරිග පරම්පරා විමසන්නේත්, පන්සල් ඉඩකඩම්වල හිමිකාරීත්වය විමසන්නේත් මේ නිසාය. ප්‍රාදේශීය සභා සීමා නිර්ණයේදී (ආරම්භක අවස්ථාවේ) උපක්‍රමශීලී ලෙස කටයුතු කිරීම නිසා උතුරේදී මේ ජයග්‍රහණය ලබා ගැනීමට අපට හැකි විය. පසුව ඒවා වෙනස්කර උතුරේ සිංහලයන් නොසලකා හැරීමට ජාතිවාදීන් ක්‍රියා කළ ද ඒ මුළුමුනින් සාර්ථක නොවීය.

    මුහුණු පොතේ රට කරවන “කල්ලිවාදී” නන්දිකඩාල් (2009) සහ කෝපි කෝප්ප (2015) ජාතිකවාදීන් නොදැන සිටිය ද උතුරේ මේ ජයග්‍රහණය ඉබේ ලැබුණු එකක් නොවේ. [මුහුණු පොතේ අදහස් පළ කිරීම හෝ සංවාද කිරීම නොකළ යුතුයැයි මම නොකියමි. එහෙත් 10-12 එක් වී කල්ලි තනාගෙන අරූට කෙලින්නේ කොහොමද මූට කෙලින්නේ කොහොමද යනුවෙන් ද්වේශය මුල් කර ගෙන සාකච්ජා කරමින් තම කඳවුරේ අයටම අපහාස උපහාස කරන, ට්‍රොස්ස්කිවාදී උපක්‍රම අනුගමනය කරන, අලුත මතු වූ තදියම් වීරයන්ට පැවසිය යුත්තේ ඔය ආකාරයේ කණ්ඩායම් බොහෝ ගණනක් සමග පසුගිය විසි වසරක කාලයේ අප ගනුදෙනු කර ඇති බවත් ඒ බොහෝ දෙනා අද බෙහෙතකටවත් සොයා ගත නොහැකි බවත්ය. මේ අයගේ අපරිණත හැසිරීම් සහ අදහස් පළ කිරීම් මගින් සිදු වන්නේ 95% අදහස් අතින් ගැලපෙන පුද්ගලයන් පවා අමනාප වී අපෙන් දුරස් වීමයි. සැබවින් කළ යුත්තේ 5% අප සමග එකඟ වන පුද්ගලයා පවා දිනා ගෙන අපේ කර ගැනීමයි. සිංහල සංස්කෘතියෙන් උකහා ගත යුතු වැදගත්ම ගුණාංගය මේ අය ඉවත දමා ඇති සැටියකි. තර්ජන හමුවේ පුද්ගල සම්බන්ධතා සහ සාමූහික බව නඩත්තු කිරීම ගැන මහින්ද රාජපක්ෂ මහතාගෙන් මේ අයට බොහෝ දේ ඉගෙන ගත හැකි බව මගේ අදහසයි]. ඉතා සුක්ෂමව සැලසුම් කර, සුදුසු පුද්ගලයන් තෝරා බේරාගෙන, මහන්සි වී සංවිධාන කටයුතු කර කැප කිරීම් කර ලබා ගත් ජයග්‍රහණයකි. මෙහිලා මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඉතා පරිණත ලෙසත් විචක්ෂනශීලී ලෙසත් කටයුතු කළ බව සදහන් කළ යුතුය. ඒ සඳහා වෙනම ම මෙහෙයුමක් දියත් විය. බිම් මට්ටමේ සංවිධාන කටයතු පැවරුනේ උතුරු මැද හිටපු මහ ඇමති එස් එම් රංජිත් මහතාටය. එහිලා දායක වූ අනෙකුත් පුද්ගලයන් කවුදැයි වෙන් වෙන්ව හෙළි කිරීම සුදුසු නොවන බව මගේ හැගීමයි. ජන්දයෙන් අප ලබා ගත් වැදගත්ම ජයග්‍රහණය නම් උතුරේ සිංහල ගම්මාන හැම එකකින්ම වාගේ දක්ෂ තරුණ නායකයන් හඳුනා ගැනීමට හැකි වීමයි. එමෙන්ම යාපනය සහ මන්නාරම ප්‍රදේශවලින් සංවිධානයේ දක්‍ෂ දෙමළ තරුණයන් කීප දෙනෙක් හඳුනා ගැනීමට ද අපට හැකි විය.

    ජාතිවාදී උගතුන්ට සහ දේශපාලනයන්ට අවශ්‍ය උතුරේ ශුද්ධ දෙමළ රාජ්‍යයක් පිහිටු වීමටයි. කොටි ත්‍රස්තවාදීන් එක් දිනක් ඇතුලත උතුරෙන් මුස්ලිම් ජනයා පළවා හැරියේ ඒ උදෙසාය. දැන් උතුරේ සිංහලයන්ගේ (සීමිත) දේශපාලන බලය ඔවුන්ට හිසරදයක් වී ඇත. අප කළ යුත්තේ උතුරේ අපගේ මන්ත්‍රීවරු හැකි සෑම අයුරකින්ම ශක්තිමත් කිරීමයි. දෙමළ ජාතිවාදීන් වුව ද සිංහලයන් අතර ජීවත්වන විට ඔවුන්ගේ ජාතිවාදී ලක්ෂණ යටපත්වන බව පැහැදිලිව දක්නට ලැබෙන දෙයකි. මේ නිසා උතුරේ (ද) ශිෂ්ඨාචාරය ගොඩ නැංවූ සිංහලයන් වැඩි වැඩියෙන් එහි පදිංචි විය යුතුය. යාපනයේ දෙමළ ජනතාව වැල්ලවත්තට පැමිණි පසු ශ්‍රී ලාංකික දෙමළ බවට පත් විය. උතුරේ දෙමළ ජනතාව ශ්‍රී ලාංකික දෙමළ බවට පත් කිරීමට හැකියාව ඇත්තේ සිංහල ජනතාවටයි. ඒ සඳහා වැඩි වැඩියෙන් සිංහල ජනතාව උතුරේ පදිංචි විය යුතුය. එමගින් උතුරේ සිංහල උරුමය සුරැකෙන අතරම දෙමළ ජාතිවාදී උගතුන් නිර්මාණය කල ව්‍යාජ ඉතිහාසය පරාජය කිරීමටද අපට හැකි වේ.

    සිංහල අවුරුද්ද අභිමුව [සිංහලයන් වී උපත ලැබීම නිසාම] උතුරේ භික්ෂුන් වහන්සේලා සහ සිංහලයන් බියට පත් කිරීම, අඩන්තේට්ටම් කිරීම ඉතා දුෂ්ඨ අසත්පුරුෂ ක්‍රියාවකි; නිදහස අහිමි කිරීමකි. උතුරේ සිංහල උරුමය වෙනුවෙන් සියලු පීඩන දරා කාෂ්ඨක මහ පොළව සමග පොර බදන මාමඩුවේ, බෝගස්වැවේ, උලුක්කුලමේ, වැලිඔයේ සිංහල ජනතාව අප කිසි විටක අමතක නොකළ යුතුය. අප මේ සිංහල අවුරුද්ද සැමරිය යුත්තේ මේ බව සිත්හි දරා ගෙනය.

    – චන්න ජයසුමන
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මතුපිටට දෙමළ ජාතික සන්ධානය ලෙස පෙනී සිටිය ද අද උතුරේ දේශපාලනය කොත්තු රොටියකි. ත්‍රස්තවාදය ආරම්භක සමයේ කුඩා කුඩා කණ්ඩායම් ලෙස බෙදී සිට පසුව කොටින්ට බියේ යටපත්ව ගිය කණ්ඩායම්වල කල්ලිවාදය දැන් උපරිමයටම මෝරා ඇත. එකෙකුට එකෙක් නැත. අනෙත් පසින් හින්දු, කතෝලික සහ ඉවැන්ජලික කණ්ඩායම් ලෙස බෙදී ඇත

    මචං බෙදිලා ඉන්න එක තමා වාසිය තව බෙදෙන්න දෙන්න ඕන බෙදුනම පාලනය කරන්න ලේසි,
    සතුටු වෙයල්ලා එකමුතු වෙලා ඉන්නවා නම් තමා බය වෙන්න ඕන කුලවදේ තියෙන වා නම් තව මරු
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    මතුපිටට දෙමළ ජාතික සන්ධානය ලෙස පෙනී සිටිය ද අද උතුරේ දේශපාලනය කොත්තු රොටියකි. ත්‍රස්තවාදය ආරම්භක සමයේ කුඩා කුඩා කණ්ඩායම් ලෙස බෙදී සිට පසුව කොටින්ට බියේ යටපත්ව ගිය කණ්ඩායම්වල කල්ලිවාදය දැන් උපරිමයටම මෝරා ඇත. එකෙකුට එකෙක් නැත. අනෙත් පසින් හින්දු, කතෝලික සහ ඉවැන්ජලික කණ්ඩායම් ලෙස බෙදී ඇත

    මචං බෙදිලා ඉන්න එක තමා වාසිය තව බෙදෙන්න දෙන්න ඕන බෙදුනම පාලනය කරන්න ලේසි,
    සතුටු වෙයල්ලා එකමුතු වෙලා ඉන්නවා නම් තමා බය වෙන්න ඕන කුලවදේ තියෙන වා නම් තව මරු

    :yes::yes::yes:

    Sumanthiran kiyanne Methodist dial ekak,vice-president of the Methodist Church in Sri Lanka, samaharak un Catholic :D Vigneswaram ekka uu wali, eka parak Sumanthiran police arakshawa illala thibba , uwa maranna enawa kiyala, mathakada? :D unge athuleth mara wali.... ekama aula ape unta eka use karanna bari eka :angry:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Cast system eka nam munge nagalama yanawa. Uthure wun Nagenehira wunta kamathi na. Wathukare wunta mun kawuruth kamathi na.