අඩෝ උබට සිරවටම තෙරෙන්නෙ නැති නිසද ?

නැත්තන් මේකෙ තියන පනිවිඩෙ සමජෙට දෙන්න ඕනෙ නිසද මේ නූල දැම්මෙ ?
මේක මචන් ඇමරිකාවෙ කරපු රූපවහිනි වැඩසටහනක්. සමාජ විද්යාත්මක පරීක්ශනයක්. උන්ගෙ රටෙ හම කලු සහ හම සුදු මිනිස්සු දෙගොල්ලොම ජීවත් වෙනවා. ඉතින් ඔය කලු සහ සුදු මිනිස්සු අතර වර්ණ භේදයක් ඉස්සර සැරටම තිබුනා. දැන්නන් අඩුයි ඒත් නෑ කියන්න බෑ.
මේ වැඩ සටහනෙ සුදු ජාතික කෙල්ලට බනින කලු ජාතික කොන්ඩෙ කපන කෙල්ල නිලියක් අර සුදු කෙල්ලත් නිලියක්. කලු කෙල්ල සුදු කෙල්ලට බනිනවා වර්ණවාදී අදහස් ඇතිව. බලනව සාමන්ය ජනතාව ඒකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියල. දැන් මෙතනදි රූගත කිරීම් අවස්තා 4 කින් 3 කදිම මිනිස්සු කලු කෙල්ලගෙ වර්ණවාදී අදහස් වලට විරුද්දව නැගී සිටියා.
පස්සෙ අර සම්පූර්ණ යුරෝපීය ඇදුමකින් ඇවිත් කත කරන මහත සුද්දා තමයි. වැඩසටහන මෙහෙයවන්නෙ. ඒකා අන්තිමට ඇවිත් වර්ණවාදයට විරුද්දව නෑගී සිටි අයට ස්තූති කරනවා සහ නොකරපු අයගෙන් ප්‍රශ්න කරනව ඇයි එහෙම නොකලෙ කියල. තව ඔවුන්ට තේරුම් කරල දෙනව මේක රූපවහිනි වැඩසටහනක් කියල. ඕක තමා මෙතන සිද්ධ වෙන්න. තව මෙගොල්ලොන්ගෙ වැඩ සටහනක් තිබ්බා සුදු ජතික කාන්තාවක් කලු ජාතික කාන්තාවකට බනින එකකුත්.