උදව්: වෙඩින් එකක් ගන්න ඕනේ.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    උදව්: වෙඩින් එකක් ගන්න ඕනේ.

    වයසින් සැලකිය යුතු ප්‍රමාණයක් මුහුකුර ගිය මා මීට වසර තුනකට ආසන්න කාලයකට පෙර මුල පිරූ ප්‍රේම සම්බන්දතාවය විවාහයකින් අවසන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. :rolleyes::rolleyes::rolleyes:
    2zyep8i.jpg

    ලබන වසරේ අගබාගයේදී පමණ කෝට්ටේ සෝලිස් ශාලාවේදී සිද්ධ කිරීමට සැලසුම් කළා වූ මේ සා මහඟු භාරදුර කර්තව්‍යයට අවශ්‍ය කරන්නා වූ උපදෙස් සහ උදව් කිහිපයක් එළකිරි සාමාජිකයින් වූ ඔබ සැමගෙන් බලාපොරොත්තු වෙමි. ඔබ සැමගේ නොමසුරු අනුග්‍රහය පහත කාරණා සබැඳිව පල කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඈ ද මේ වන විට එළකිරි සාමාජිකාවක් වන හෙයින් 'මු' ප්‍රත්‍යය යෙදුවාටද කම් නැතැයි සිතේ.:):):) පහත වැකි හුදු හෙළයට නැගීමේ අපහසුවක් ඇති බැවින් මුඛ විහරණයේ පවත්නා ලෙසම යොදමි. අමනාප නොවන්න.


    Bridal Dressing - හෝටලයට පසුව අධිකම වියදමක් වැය වෙතයි අප දෙදෙන ගනන් තැබුයේ මේ වෙනුවෙනි. එදිනට ඇය සැරසීමේ කටයුත්ත මොන ලෙසකින් හෝ සුළුකොට තැකිය නොහී, ඔබ සැමගේ අත්දැකීම් අනුව සුදුසු පුද්ගලයෙකු නිර්දේශ කරන මෙන් ඉල්ලමි.

    Wedding Suits - දැනට අප සැලසුම් කර ඇති පරිදි 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දෙවන මනමාල මනමාලියන් හා මල් කුමාර කුමරියන් ලෙස යොදා ගනු කැමැත්තෙමු. ඒ සඳහා අඩුම පිළියෙළ කරගැනීමට සුදුසු තැනක් හෝ උපදෙස් ඉල්ලමි.
    Wedding Cards - මේ කාඩ්පත් නිර්මාණශීලී ලෙස පිළියෙළ කරගැනීමට සුදුසු තැනක් අවශ්‍ය වේ.

    Sarees - ඈ හට සාරිය ගැනීමටද අවශ්‍ය වන හෙයින් සුදුසු තැනක් සොයා දෙනු මැනවි.

    Gold - ඉතා විශේෂයෙන් රන් අභරණ විශ්වසදයිව හා සාධාරණ මිලට සාදා ගැනීමට හැකි තැනක් ද කියන්නේ නම් මැනවි.

    DJ - මෙය කෙසේ කරන්නට සුදුසු දැයි කරුණු කියනු මැනවි.

    Photography/ Videography - මෙය අපේ අත්තියගේ ප්‍රමුඛතම අවශ්‍යතාවයක් බැවින් ඉතා හොදින් අදාල කටයුතු කරගැනීමට හැකි තැනක් සොයා දෙන මෙන් ද ඉල්ලා සිටිමි.

    ප.ලි - විවාහ මංගල්‍යක් වෙනුවෙන් ඔබැ සතුව ඇති ඕනෑම අත්දැකීමක් අප හා බෙදාගන්නා ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමු, මන්ද ඒ සියල්ල අපට අත්දැකීම් වන හෙයිනි.

    ස්තුතියි.



     
    Last edited:
    • Like
    Reactions: nipunanps

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අත්දැකීමක් නම් නෑ මචන් .......උනුසුම් සුබ පැතුම් ...
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    වෙඩින් කාඩ් වලට පිටකොටුවේ මැලිබන් ස්ට්‍රීට් එකට යන්න (ගිහින්ම බලන්න විදියක් පුරා කාඩ්).
    රත්තරං වලට නිත්‍යකළ්‍යානි - වැල්ලවත්ත යන්න (හොර නැහැ, කිසි කරදරයක් නැහැ).
    සාරි වලට සාරි මන්දිර් දෙහිවල යන්න (හොද සිලෙක්ෂන් එකක් තියෙනවා).

    අනිත් ඒවා ගැන කියන්න වෙන්නේ ඉන්නේ පැත්ත ගැන හිතලා තමයි.

    වෙඩින් කාර් මචං පුළුවන්නම් යාලුවෙක්ගේ හරි නැදැයෙක්ගේ හරි සෙට් කරගන්න. නැත්නම් ලොකු ගානක් යනවා.
    මල් සැරසිලි ගැන හිතලවත් නැද්ද.
     
    Last edited:

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    වෙඩින් කාඩ් වලට පිටකොටුවේ මැලිබන් ස්ට්‍රීට් එකට යන්න (ගිහින්ම බලන්න විදියක් පුරා කාඩ්).
    රත්තරං වලට නිත්‍යකළ්‍යානි - වැල්ලවත්ත යන්න (හොර නැහැ, කිසි කරදරයක් නැහැ).
    සාරි වලට සාරි මන්දිර් දෙහිවල යන්න (හොද සිලෙක්ෂන් එකක් තියෙනවා).

    අනිත් ඒවා ගැන කියන්න වෙන්නේ ඉන්නේ පැත්ත ගැන හිතලා තමයි.

    බොහෝම ස්තුතියි සහෝ. මහරගම අවට තමයි ගෙවල් නම්. :):):)
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    බොහෝම ස්තුතියි සහෝ. මහරගම අවට තමයි ගෙවල් නම්. :):):)

    එහෙනම් පින්තුරවට බලන්න සුමේධ ස්ටුඩියෝ - තලාහේන
    රවි ස්ටුඩියෝ - දෙහිවල

    ජයවේවා. දෙන්නටම
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    mama engagement eka gatte last month nisa mama gatta then walin ma dennam ubata...

    dressing - saloon dhammi - saloon machan kokeeth gaana wenasak nehe maha lokuwata..
    sarees - ram brothers - customer care athin machan uparimai...
    photos - studio R - kollo dennek karanne,ayth ne machan gindara.
    gold - voug jewellers - item collection & item quality supiri.

    ubata dressing walata nam lakee perera th hodai... ube deweni manamala,manamali seragema endum serama eyama karala denawa..
    contact numbers one nam PM karahan

    suba mangalam.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    එහෙනම් පින්තුරවට බලන්න සුමේධ ස්ටුඩියෝ - තලාහේන
    රවි ස්ටුඩියෝ - දෙහිවල

    ජයවේවා. දෙන්නටම

    elakiri machan. thanks again. rep nam denna bahalu,.:(
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    වෙඩින් කාර් මචං පුළුවන්නම් යාලුවෙක්ගේ හරි නැදැයෙක්ගේ හරි සෙට් කරගන්න. නැත්නම් ලොකු ගානක් යනවා.
    මල් සැරසිලි ගැන හිතලවත් නැද්ද.
    වෙඩින් කාර් දෙකනම් අවුලක් නෑ... මල් සැරසිලි දාන්න අමතක උනා.. ඒකත් බලන්න ඕනේ බන්.. Solis එකෙන්මත් ගන්න පුළුවන් කිව්වා.. හොඳ තැනක් දන්නවනම් කියපන්..