උදව්_කරන්න ගිහින් වෙච්ච දේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    උදව්_කරන්න ගිහින් වෙච්ච දේ

    මිනිසුන් බේරා ගන්න ඇමෝනියා ටැංකියට පැනලා දිවි පිදු හොරණ වීරයන් !

    හොරණ බැල්ලපිටිය රබර් කිරි කම්හලේ අනතුරින් පුද්ගලයන් පස් දෙනෙක් මිය යාම මුලු රටම කම්පාවට පත් කළ සිදුවීමක් වූවා.

    පසුගිය 19 දා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබුනා. මෙම අනතුරින් රබර් කම්හලෙ සේවකයන් දෙදෙනෙකුට සහ ගම්වාසීන් තිදෙනෙකුට ජිවීතය අහිමි වූවා.

    මෙම කර්මාන්තශාලාවේ සේවකයකු ප්‍රථමයෙන් ඇමොනියා පිරවු මෙම වළට වැටී ඇත.

    ඔහු බේරා ගැනීම පැමිණි ගම්වාසීන් වන ප්‍රියන්ත කුමාර පෙරේරා, දිලිප් කසුන් ලොකු පතිරගේ , වරුණ චන්ද්‍රසේකර යන පුද්ගලයන්ද ජිවීතක්ෂයට පත්ව තිබේ.

    මෙම අනතුරින් මිය ගිය බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ලාල් පුෂ්පකුමාර දූදරුවන් හතර දෙනකුගේ පියෙකි. ස්‌ථිර රැකියාවක්‌ නොකළ ලාල් පුෂ්පකුමාර කුලී රැකියාවන්හි නිරතව සිට ඇත. ලාල් පුෂ්පකුමාර සහ බිරිඳ චන්ද්‍රිකා දමයන්ති හොරණ නගරයට ගොස්‌ ආපසු එන අතර අවාසනාවන්තව මේ සිද්ධියේදී මියගොස්‌ ඇත.

    සිදුවීම පිළිබදව අදහස් දැක්වූ මියගිය ලාල් පුෂ්පකුමාරගේ බිරිඳ චන්ද්‍රිකා දමයන්ති පැවසුවේ

    ” මමයි මගේ මහත්තයයි හොරණ ඉඳලා එන විට රබර් වැඩපළේ අය පාරට ඇවිත් කෑගහනවා ඇහුණා. අනේ! එක්‌ කෙනෙක්‌ වතුර ටැංකියට වැටුණා බේරා ගන්න කියයි කෑගැසුවේ. ගේට්‌ටුව ඇරලා තිබුණේ. මහත්තයා එක පාරටම ගේට්‌ටුවෙන් ඇතුළට ගිහිල්ලා වළේ වැටුණ කෙනාව ගන්න ගියා.

    නහය කඩාගෙන යන සැර ගඳක්‌ දැනුණා. මහත්තයවත් වළට වැටුණා. අපි කෑගැහුවා ආයතනයේ වෙන කවුරුවත් ඒ වෙලාවේ උදව්වට ආවේ නෑ. ඒ වළේ තියෙන්නේ විෂ රසායනික බව පසුව දැනගන්නට ලැබුණා ,

    ආයතනයේ අය නොවෙයි පාරේ ගිය අසරණ තරුණයන් කීප දෙනකුගේ ජීවිත නැති වෙලා. ආයතනයේ වාහනවත් දුන්නේ නෑ. ස්‌ටාට්‌ වෙන්නේ නෑ කිව්වලු. පිට වාහන තමයි පිහිටට ආවේ. අනේ ඒත් වැඩක්‌ වුණේ. නෑ. ගේට්‌ටුව ඇරලා තිබුණ නිසා තමයි මහත්තයා ඇතුළට පැන්නේ. අනේ මගේ මහත්තයා නැති වුණා. මගේ දරු පැටව් කොහොමද මං හදාගන්නේ “ යනුවෙනි.

    මෙම ආයතනයේ නොසැලකිලිමත් භාවය නිසා, අනාරක්‌ෂිත රසායනික ද්‍රව්‍ය ටැංකි විවෘතව තැබීම නිසා මෙම අනතුර සිදු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    අනතුර සිදුවූ අවස්ථාවේ ආයතනයේ පාලනාධිකාරිය අනතුරට පත්වු අය රෝහල් කරා ගෙන යාමට සිය ආයතනයේ වාහන පවා ලබා දී නොමැති බව වාර්තා වේ.

    පස්‌දෙනකුට මරු කැඳවමින් 30 කට අධික පිරිසක්‌ රෝහල්ගත කළ මේ සිද්ධිය පිළිබඳ හොරණ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.

    මිය ගිය ගම්වාසීන් තිදෙනෙක් පිළිබදව ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පළව තිබූ නිර්මාණයක් පහතින්,

    31059553_1957236851255559_6132478744368050426_n.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කාලකන්නි හැත්ත
    කොහෙන් හරි දේශපාලන එකෙක් ගැවිල ඇති
    කෑවා සක්කිලි රට
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    කාලකන්නි හැත්ත
    කොහෙන් හරි දේශපාලන එකෙක් ගැවිල ඇති
    කෑවා සක්කිලි රට

    දැන් ඉන්න උන්ට කෙලෙහිගුණයක් ඇත්තෙම නැහැ බන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙත් මෝඩයෝ ටිකක්.කිසිදෙයක් හොයන්නේ බලන්නේ නැතුව ටැංකියට පැනලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,850
    113
    මෙහෙත් මෝඩයෝ ටිකක්.කිසිදෙයක් හොයන්නේ බලන්නේ නැතුව ටැංකියට පැනලා

    penala nelu ban ebila baladdi sihi nethi wela athulata wetila
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    DRABC

    මිය ගිය අයට නිවන් සුව පතනවා . මේ අවාසනාවන්ත සිද්ධියෙන් පසුවවත් ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ DRABC (අනතුරකදී උදව්/ප්‍රථමාධාර කිරීමේ නිවැරදි ක්‍රියාදාමය) සිද්ධාන්තය ලංකාවේ පාසල් සහ සේවා ස්ථාන වල උගන්වනවා නම් මෙවැනි අවාසානාවන්ත සිදුවීම් අනාගතයේදී වත් වලකා ගත හැකි වේවි.
    D - DANGER කිසිවෙකු අනතුරකට පත්වී උදව් ඉල්ලු විට මුලින්ම සොයා බැලිය යුත්තේ ඒ අනතුරට තමන්වත් ගොදුරු වීමට ඉඩ තිබෙනවාද කියායි. ඉක්මන් වී තමනුත් අනතුරටම භාජනය වීමේ උදාහරණ වල ඉහලින්ම තියෙන්නේ විස දුම් ආඝ්‍රහනය, chemical spill , විදුලි සැර වැදීම ආදියයි .
    R - RESPONSE අනතුරට බඳුන් වූවන්ගෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට උත්සාහ කිරීම
    A - AIRWAY ප්‍රතිචාර නැතිනම් ස්වශන මාර්ගය පරීක්ෂා කිරීම
    B - BREATHING හුස්ම ගන්නවාද කියා සොයා බැලීම
    C - CIRCULATION නාඩි වැටෙනවාද කියා සොයා බැලීම
    මේ කියන කරුණු දැන සිටීම සහ හදිසියකදී කලබල නොවී, කලයුතු දේ පිළිබඳව හොඳින් සිතා බලා කටයුතු කිරීමෙන් අන් අයගෙත් තමන්ගේත් ජීවිත අනතුරක් වලක්වා ගන්න පුළුවන්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    වීර කමයි මෝඩ කමයි අතරේ තියෙන්නේ පොඩි වෙනසක්.
    අපිට කියලා දීලා තියෙන්නේ අනතුරකදී මුලින්ම තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. නැත්නම් වෙන්නේ මේ වගේ විනාස තමයි.

    ගගට වැටුන කෙනෙක් බේරගන්න පීනන්න දන්නේ නැතුව පැනලා කි දෙනෙක් මැරෙනවද ? අම්මා තාත්තා වැටුනත්, පීනන්න දන්නේ නැත්නම් පනින්න එපා. එකෙන් වෙන්නේ පීනන්න දාන්න කෙනෙක් හිටියොත් උට දෙන්නෙක්ව බේරගන්න වෙනවා. එකෙන් වෙන්නේ වැටුන මුලින් වැටුන කෙනාව බේරගන්න තිබ්බ අවස්ථාව නැති වෙනවා.

    දැන් උබලා මට බනි. නමුත් ඇත්ත මේක තමයි. කොහොම උනත් පව් කොල්ලෝ ටික. උන්ගේ අරමුණ හොදයි
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere

    :yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මිය ගිය අයට නිවන් සුව පතනවා . මේ අවාසනාවන්ත සිද්ධියෙන් පසුවවත් ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ DRABC (අනතුරකදී උදව්/ප්‍රථමාධාර කිරීමේ නිවැරදි ක්‍රියාදාමය) සිද්ධාන්තය ලංකාවේ පාසල් සහ සේවා ස්ථාන වල උගන්වනවා නම් මෙවැනි අවාසානාවන්ත සිදුවීම් අනාගතයේදී වත් වලකා ගත හැකි වේවි.
    D - DANGER කිසිවෙකු අනතුරකට පත්වී උදව් ඉල්ලු විට මුලින්ම සොයා බැලිය යුත්තේ ඒ අනතුරට තමන්වත් ගොදුරු වීමට ඉඩ තිබෙනවාද කියායි. ඉක්මන් වී තමනුත් අනතුරටම භාජනය වීමේ උදාහරණ වල ඉහලින්ම තියෙන්නේ විස දුම් ආඝ්‍රහනය, chemical spill , විදුලි සැර වැදීම ආදියයි .
    R - RESPONSE අනතුරට බඳුන් වූවන්ගෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට උත්සාහ කිරීම
    A - AIRWAY ප්‍රතිචාර නැතිනම් ස්වශන මාර්ගය පරීක්ෂා කිරීම
    B - BREATHING හුස්ම ගන්නවාද කියා සොයා බැලීම
    C - CIRCULATION නාඩි වැටෙනවාද කියා සොයා බැලීම
    මේ කියන කරුණු දැන සිටීම සහ හදිසියකදී කලබල නොවී, කලයුතු දේ පිළිබඳව හොඳින් සිතා බලා කටයුතු කිරීමෙන් අන් අයගෙත් තමන්ගේත් ජීවිත අනතුරක් වලක්වා ගන්න පුළුවන්.

    HSE lankawata aluth habai training wena kenek dannawa karanna one de, lankawe factory wala HSE fail, kisima standard ekak naha.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    වීර කමයි මෝඩ කමයි අතරේ තියෙන්නේ පොඩි වෙනසක්.
    අපිට කියලා දීලා තියෙන්නේ අනතුරකදී මුලින්ම තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. නැත්නම් වෙන්නේ මේ වගේ විනාස තමයි.

    ගගට වැටුන කෙනෙක් බේරගන්න පීනන්න දන්නේ නැතුව පැනලා කි දෙනෙක් මැරෙනවද ? අම්මා තාත්තා වැටුනත්, පීනන්න දන්නේ නැත්නම් පනින්න එපා. එකෙන් වෙන්නේ පීනන්න දාන්න කෙනෙක් හිටියොත් උට දෙන්නෙක්ව බේරගන්න වෙනවා. එකෙන් වෙන්නේ වැටුන මුලින් වැටුන කෙනාව බේරගන්න තිබ්බ අවස්ථාව නැති වෙනවා.

    දැන් උබලා මට බනි. නමුත් ඇත්ත මේක තමයි. කොහොම උනත් පව් කොල්ලෝ ටික. උන්ගේ අරමුණ හොදයි
    paninna ona na yako amonia tikak nahayata allala balapan oya merichcha set ekata wela thiyenneth eka oke amonia thiyanawa kiyala board gahala nane dana ganna