උදවු ඕනෙ අය ඉන්නවද?
අපේ Fiverr Group එකේ යාලුවෝ ටික මේ දවස් ටිකේ ගංවතුර සහ නාය යෑම් නිසා අවතැන් උන අයට අධාර කරන්න සල්ලි එකතු කලා. මේ වෙනකොට දෙලක්ශ පනස්දාහකටත් වඩා වැඩි මුදලක් එකතු වෙලා තියෙනවා. ඔක්කොම ලක්ශ තුනක් වගේ එකතු වෙයි.
මම විස්තර හොයලා බැලුව හැම තැනකටම වගේ කන්න බොන්න, ඇදුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය වගේ දේවල් ඇති වෙනකල් ලැබිල තියෙන්නේ. ගොඩක් තැන්වලට ආධාර භාර ගන්නෙත් නැතිලු ගබඩා කරන්න තැනක් නැති නිසා. හැමෝම හිතේ ශ්‍රද්ධාවෙන් දුන්න මහන්සිවෙලා හම්බ කරපු සල්ලි නිසා පුලුවන් තරම් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙන විදිහට දෙයක් කරන ඕනෙ.
මේ වෙනකොට උදවු ලැබිලා නැති තැනක් තියෙනවනම් හරි, යම් තැනකට ලැබිලා නැති අවශ්‍ය දේවල් වල ලැයිස්තුවක් හරි, විස්තර ගන්න පුලුවන් කෙනෙක් හරි ඉන්නවනම් මෙතන දාන්න. ආණ්ඩුවෙන් බඩු එකතු කරන තැන්වලට සහ, මුදල් විදිහට ආධාර ලබා දෙන්න නම් කැමැත්තක් නෑ.