උදවු#පින් පිණිස#ලෙඩට දුකට පිහිට

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    එළකිරි ජනසරණ = උදවු#පින් පිණිස#ලෙඩට දුකට පි

    12087987_412501815623603_7674058594767036109_n.jpg
     
    Last edited:

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    11986506_401782996695485_3545537708070632172_n.jpg


    මේ දෝණිගේ නම මලිති භාග්‍යා කුමාරි.දැනට යාන්තමින් මාස හතක් පිරුණා විතරයි..ඇය උගුර සම්බන්ධ දරුණු රෝගයකින් පෙලෙනවා..තව ලේ ගමන් කරන නහර වල දැඩි දුර්වල කමක් තියනවා.. මේ දිනවල කොළඹ රිච්වේ ආර්‍යා ළමා රොහෙලේ ඇයගේ පපුව සම්බන්ධ විශේෂ පරීක්ෂන කිහිපයක් සිදුවෙනවා...ඊට අමතරව ඇයගේ ශරීරයට සරිලන බර අඩු වී යාමක් තිබෙනවා..මේ තත්වය තුල ඇය ඉතාමත් අවධානම් සහිත ජීවිතයක් ගත කරන බව ඇස් පනාපිට දකින්නට තිබෙනවා..__________________________________________
    ඇයගේ මේ තත්වය තුල කරකියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වී සිටින එම්.ජී ර0ජනී නම් වූ ඇයගේ මව ෆේස්බුක් හරහා හිත් උණු වෙන මනුස්ස දෙවි වරු වෙත මේ පණිවිඩය රැගෙන යන මෙන් ආයාචනා කර සිටියා..දරුවන් හතර දෙනෙක් සිටින පවුලේ බාලම දියණිය ඇයයි.පියා මේසන් වැඩ කොට ලබන තුට්ටු දෙකෙන් කිසි විටෙකවත් මේ පවුල නඩත්තු කර ගත නොහැක..නෑදෑයින්ගෙන් ලබා ගන්නා සුළු මුදලින් මව මාසයක් පතා දියණියව කොළඹ ප්‍රතිකාර පිණිස රැගෙන යයි..දුප්පත් කමෙත් අඩියෙම සිටින මේ මව සහ පියා දරුවගේ ජීවිතේ ශක්තිමත් කිරීම උදෙසා දිය යුතු කිරි පිටි විටමින් සහ බෙහෙත් වෙනුවෙන් නොකා නොබී දිවා රෑ වෙහෙසෙනු දැකීම තුල ඇත්තේ මහා ඛේදණීය දුකකි..මේ වචන වලට එහා ගිය දුකක් චිත්ත පිඩාවක් ඒ මව තුල ඇති බව ඔබ දුටුවොත් ඔබට තේරුම් යාවී..මේ ආදරණීය කිරි කැටිත්ති,සිගිත්තී වෙනුවෙන් අපිට පුළුවන්නම් ඒ අම්මට පු0චිම හරි හයියක් වෙලා ඒ ප්‍රතිකාර වෙනුවෙන් බෙහෙත් කිරිපිටි විටමින් වෙනුවෙන් උපකාරයක් කරන්ට...
    ඇය බලන් ඉන්නවා කථා කරන්ට...ඇයගේ නම්බර් එක0728558376(එම්.ජී ර0ජනී)
    ලිපිණය ඇයගේ___________109/බී,බ්‍රේසයිඩ් ජනපදය,හලාගම,ගම්පොල..
    ඇය ඔබේ උපකාරයෙන් නැගිට්ට දවසක ලෝකෙටම ආදරේ කරාවී ඔබේ නමින්..