උද්ඝෝෂණ පැවත්වීමට මාර්ගෝපදේශ මාලාවක්- Guidelines for
ශ්‍රී ලංකාවේ ජනතාව විරෝධතා පවත්වන ආකාරය සුදුසු නැති බව වීරවංශ ඇමතිතුමා සොයාගෙන තිබේ. ඒවා ප්‍රචණ්ඩකාරි බවත් ඒවායේ සිටින අය උසි ගන්වා එවා ඇත්තේ බටහිට අධිරාජ්‍යවාදින් විසින් බවත් පොලීසිය වෙඩි තබන්නේ ඒ නිසා බවත් එතුමාගේ මතයයි. ඒවායේ සිටින උද්ඝෝෂකයින් පොලිසීයට ගල් ගසන අතර එවැනි ප්රචණ්ඩ උද්ඝෝෂණ ලංකාවට සුදුසු නැත.
ඒ නිසා දීර්ඝ වශයෙන් මේ ගැන කල්පනා කල එතුමා ලංකාවට සුදුසු උද්ඝෝෂණ ක්‍රමයක් ගැන සෙවීම සඳහා තම දේශපාලන උපදේශකයින්ගෙන් සමන්විත කොමිටියක්ද පත් කලේය. එතුමාගේ දේශපාලන උපදේශකයින් හා පක්ෂයේ සාමාජිකයින් සියලු දෙනා එතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරින් නිසා මෙය අමාත්‍යාංශ නිලධාරි කොමිටියක් ලෙස හෝ පක්ෂයේ මහ සභා සම්මෙලනයක් ලෙසද හැඳින්විය හැක. නිල අලයෙන්ම බලයෙන්ම එතුමාම එම කොමිටියේ සභාපති දූරයට පත් විය.
එම ගෞරවනීය කොමිටිය විසින් කරන ලද නිර්දේශ දුසිම පහත දැක්වේ.
තමන්ගේ උද්ඝෝෂණ වලින් නිසි පල ලබා ගැනීමට නම් එම උපදෙස් තරයේ පිලිපදින මෙන් සියලු දෙනාට මින් දැනුම් දෙනු ලැබේ.
1. උද්ඝෝෂණයට සහභාගි වන සියලු දෙනා සුදු ඇඳුමින් සැරසි සිටිය යුතුය.
2. කාන්තාවන් සුදු ඔසරිය ඇඳ ආ යුතුය.
3. පිරිමි අය සුදු ජාතික ඇඳුමින් සැරසී කුරක්කන් පාට සාටකයක් පැලඳ සිටිය යුතුය.
4. මධ්‍යම පලාතේ කුරක්කන් සාටක පැලඳීම අවශේෂ අයට තහනම් බැවින් එහිදී සුදු පාට හෝ නිල් පාට සාටක පැලඳීමට අවසර ඇත.
5. සියලු දෙනා නිල් මානෙල් මල් වට්ටියක් රැගෙන ආ යුතුය.
6. එක් පේලියක් සැදී බිමට නෙත් යොමු කරගෙන සංවරව උද්ඝෝෂණය පවත්වන ස්ථානයට පැමිණිය යුතුය. එක් අයෙක් පැමිණ විනාඩි පහකට පසු අනිකා පැමිණිය යුතුය.
7. උද්ඝෝෂණයේදී සටන් පාට කීම සපුරා තහනම්ය. නිශ්ශබ්දව සිටිය යුතුය.
8.අවශ්‍යම නම් බුදු ගුන ගාථා හෝ දේශප්‍රේමි ගී ගායනා කල හැකි නමුත් ඒ සඳහා පොලිස්පතිගෙන් පෞද්ගලිකවම අවසර ගත යුතුය.
9.උද්ඝෝෂණය පැවත්විය යුතු ස්ථානය පොලිසීය විසින් තෝරාදෙනු ඇත.එය ජනශූන්‍ය ප්‍රදේශයක පිහිටි පාලු පොල්වත්තක් හෝ වෙනත් එබඳු තැනක් විය යුතුය.
10.උද්ඝෝෂණය සඳහා ලැබෙන උපරිම කාලය විනාඩි දහයකට සීමා වෙනු ඇත.
11.උද්ඝෝෂණයට සහභාගි වෙන කිසිවෙකු පෑන්,පැන්සල්, ජංගම දුරකථන,මාරු කාසි ආදි අවි ආයුධ තමන් ලඟ තබා ගැනීම සපුරා තහනම්ය. ඒවායින් පහර දී අහිංසක පොලිස් හා හමුදා නිලධාරින්ට තුවාල කල හැකි බැවිනි.
12.උද්ඝෝෂණය නිමා වීමෙන් පසු ජාතික ගීය හා යෝවද තම්පව ගාථාව කියා පැමිණි ලෙසම එක අයෙක් ගොස් විනාඩි පහකට පසු අනිකා පරිද්දෙන් පිටව යා යුතුය.