උද්ඝෝෂණ පැවත්වීමට මාර්ගෝපදේශ මාලාවක්- Guidelines for

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    උද්ඝෝෂණ පැවත්වීමට මාර්ගෝපදේශ මාලාවක්- Guidelines for

    ශ්‍රී ලංකාවේ ජනතාව විරෝධතා පවත්වන ආකාරය සුදුසු නැති බව වීරවංශ ඇමතිතුමා සොයාගෙන තිබේ. ඒවා ප්‍රචණ්ඩකාරි බවත් ඒවායේ සිටින අය උසි ගන්වා එවා ඇත්තේ බටහිට අධිරාජ්‍යවාදින් විසින් බවත් පොලීසිය වෙඩි තබන්නේ ඒ නිසා බවත් එතුමාගේ මතයයි. ඒවායේ සිටින උද්ඝෝෂකයින් පොලිසීයට ගල් ගසන අතර එවැනි ප්‍රචණ්ඩ උද්ඝෝෂණ ලංකාවට සුදුසු නැත.

    ඒ නිසා දීර්ඝ වශයෙන් මේ ගැන කල්පනා කල එතුමා ලංකාවට සුදුසු උද්ඝෝෂණ ක්‍රමයක් ගැන සෙවීම සඳහා තම දේශපාලන උපදේශකයින්ගෙන් සමන්විත කොමිටියක්ද පත් කලේය. එතුමාගේ දේශපාලන උපදේශකයින් හා පක්ෂයේ සාමාජිකයින් සියලු දෙනා එතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරින් නිසා මෙය අමාත්‍යාංශ නිලධාරි කොමිටියක් ලෙස හෝ පක්ෂයේ මහ සභා සම්මෙලනයක් ලෙසද හැඳින්විය හැක. නිල අලයෙන්ම බලයෙන්ම එතුමාම එම කොමිටියේ සභාපති දූරයට පත් විය.

    එම ගෞරවනීය කොමිටිය විසින් කරන ලද නිර්දේශ දුසිම පහත දැක්වේ.

    තමන්ගේ උද්ඝෝෂණ වලින් නිසි පල ලබා ගැනීමට නම් එම උපදෙස් තරයේ පිලිපදින මෙන් සියලු දෙනාට මින් දැනුම් දෙනු ලැබේ.

    1. උද්ඝෝෂණයට සහභාගි වන සියලු දෙනා සුදු ඇඳුමින් සැරසි සිටිය යුතුය.

    2. කාන්තාවන් සුදු ඔසරිය ඇඳ ආ යුතුය.

    3. පිරිමි අය සුදු ජාතික ඇඳුමින් සැරසී කුරක්කන් පාට සාටකයක් පැලඳ සිටිය යුතුය.

    4. මධ්‍යම පලාතේ කුරක්කන් සාටක පැලඳීම අවශේෂ අයට තහනම් බැවින් එහිදී සුදු පාට හෝ නිල් පාට සාටක පැලඳීමට අවසර ඇත.

    5. සියලු දෙනා නිල් මානෙල් මල් වට්ටියක් ‍රැගෙන ආ යුතුය.

    6. එක් පේලියක් සැදී බිමට නෙත් යොමු කරගෙන සංවරව උද්ඝෝෂණය පවත්වන ස්ථානයට පැමිණිය යුතුය. එක් අයෙක් පැමිණ විනාඩි පහකට පසු අනිකා පැමිණිය යුතුය.

    7. උද්ඝෝෂණයේදී සටන් පාට කීම සපුරා තහනම්ය. නිශ්ශබ්දව සිටිය යුතුය.

    8.අවශ්‍යම නම් බුදු ගුන ගාථා හෝ දේශප්‍රේමි ගී ගායනා කල හැකි නමුත් ඒ සඳහා පොලිස්පතිගෙන් පෞද්ගලිකවම අවසර ගත යුතුය.

    9.උද්ඝෝෂණය පැවත්විය යුතු ස්ථානය පොලිසීය විසින් ‍තෝරාදෙනු ඇත.එය ජනශූන්‍ය ප්‍රදේශයක පිහිටි පාලු පොල්වත්තක් හෝ වෙනත් එබඳු තැනක් විය යුතුය.

    10.උද්ඝෝෂණය සඳහා ලැබෙන උපරිම කාලය විනාඩි දහයකට සීමා වෙනු ඇත.

    11.උද්ඝෝෂණයට සහභාගි වෙන කිසිවෙකු පෑන්,පැන්සල්, ජංගම දුරකථන,මාරු කාසි ආදි අවි ආයුධ තමන් ලඟ තබා ගැනීම සපුරා තහනම්ය. ඒවායින් පහර දී අහිංසක පොලිස් හා හමුදා නිලධාරින්ට තුවාල කල හැකි බැවිනි.

    12.උද්ඝෝෂණය නිමා වීමෙන් පසු ජාතික ගීය හා යෝවද තම්පව ගාථාව කියා පැමිණි ලෙසම එක අයෙක් ගොස් විනාඩි පහකට පසු අනිකා පරිද්දෙන් පිටව යා යුතුය.
     
    • Like
    Reactions: gcj

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    12.උද්ඝෝෂණය නිමා වීමෙන් පසු ජාතික ගීය හා යෝවද තම්පව ගාථාව කියා පැමිණි ලෙසම එක අයෙක් ගොස් විනාඩි පහකට පසු අනිකා පරිද්දෙන් පිටව යා යුතුය.

    :lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බොරු සහනාධාර එපා තෙල් මිල අඩු කරනු


    war_widows.jpg

    ඉන්ධන මිල සංශෝධනයට එරෙහිව මීගමු ජනතාව පාරට බැස්සේ ඔවුන්ගේ වුවමනාවට නොව එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක වුවමනාවට බව ද “සහනාධාර එපා තෙල් මිල අඩු කරනු” යනුවෙන් එහි වූ එක් සටන් පාඨයක සඳහන් වී තිබීමෙන් ඒ බව තහවුරු වන බව ද ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පවස යි.


    තෙල් මිල සංශෝධනය නිසා ජනතාවට යම් අසාධාරණයක් වුණා නම් ජනතාව මුලින්ම කළ යුතු වන්නේ තමන්ට වූ අපහසුව පියවා ගැනීමට අවශ්‍ය තරම් සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීම බව හිටපු මාක්ස්වාදියකු වන මේ ඇමතිවරයා පෙන්වා දෙයි.


    මේ ඇමතිවරයා වනාහි කලකට ඉහතදී ලෝක වෙළඳපොළේ මිළ ගණන් ඉහළ යන විට රටේ ද මිළ ඉහළ නංවන්නට නම් ආණ්ඩුවක් කුමටදැයි ඇසූ අයෙකි.


    “සහනාධාර එපා තෙල් මිල අඩු කරනු” යන සටන් පාඨය වැරදි ද?


    ඔන්න මේ දිනවල මහා සද්දයක් දමමින් භූමිතෙල් සහනාධාර කූපන් වගයක් බෙදා දෙමින් තිබේ. ඒවා දෙන්නේ විදුලිය නැති නිවාසවල ජීවත් වන පවුල්වලට ය. එක පවුලකට මසකට රු. 200ක් ම වටිනා කූපන් දෙනු ලැබේ. කඩුවෙලදී විමල් වීරවංශ ඇමතිතුමා සහභාගි වූ උත්සවයේදී 150කට මෙසේ භූමිතෙල් කූපන් දුන් බව වාර්තා වේ. ඒ අනුව රු. 30,000ක් ම වටිනා භූමිතෙල් කූපන් දී තිබේ. ඒවා බෙදා දුන් උත්සවයට අඩු ගණනේ රු. ලක්ෂ තුනක්වත් බිල් දමන්නට ඇත.


    දැන් මේ කූපන්ලාභීන්ට කූපන් එකත් අතේ තියාගෙන දවස පුරා කරන්නට වැඩ තිබේ. දැන් ඔවුන් සමුපකාර කඩයට භූමිතෙල් එන්නේ කවදාදැයි නිතර සොයා බැලිය යුතු ය. එසේ එන දවසට උදෙන් ම ගොස් පෝලිමේ සිටිය යුතු ය. සහනාධාර භූමිතෙල් කවදා හෝ සමුපකාර කඩයට එන තෙක් පොඩි එවුන්ගෙන්, මීයන්ගෙන් කූපන් පත පරිස්සම් කර ගත යුතු ය. භූමිතෙල් කූපන් නො ලැබුණු දුප්පත්තු කූපන් ගන්නට අයදුම් කළ යුතු ය. අභියාචනා ලියාගෙන කන්තෝරු ගානේ යා යුතු ය.


    මේවා කරන්නට ගිය විට දවසේ කුලියක් කර ගතමනාවක් සොයා ගන්නට ලැබෙන්නේ නැත.


    මීට කලින් ත්‍රිරෝද සඳහා මෙවැනි ඉන්ධන සහනාධාරයක් හඳුන්වා දෙන ලදී. කිසිවෙක් එය ලබා ගත්තේ නැත. ඒ අන් කිසිදු හේතුවක් නිසා නො ව, ආණ්ඩුවේ කන්තෝරුවලින් එකී සහනාධාර ලබා ගන්නට වන්නට සිදු වන රස්තියාදුවේ මිළ ඉන්ධන සහනාධාරයට වඩා බෙහෙවින් වැඩි නිසා ය.


    ආණ්ඩුවට මේ සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක කරන්නට හොඳ තැනක් ඇත. ඒ ලංගමයි. ආණ්ඩුවට මෙසේ කරන්නට පුළුවන. වැඩි කළ ලංගම බස් ගාස්තුව අඩු කළ හැකි ය. ලංගමට ඉන්ධන සහනාධාරයක් දිය හැකි ය. එසේ නො කර ලංගම බස් ගාස්තුව වැඩි කළේ ඇයි?


    ලංගම සේවකයෝ බස් ගාස්තුව වැඩි කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ කළේ නැත. බොරු සහනාධාර එපා, බස් ගාස්තු අඩු කරන්නැයි උද්ඝෝෂණ කළේ ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම වැනි බස් මුදලාලිලා පමණි. විමල් වීරවංශගේ තර්කය එතැනට අදාළ නැද්ද? එතැනදී ක්‍රියාත්මක වුණ රාජ්‍ය නො වන සංවිධානය කුමක්දැයි ඇමතිවරයා රටට කියනවා ද?


    ජනතාව මේ බොරු සහනාධාර ප්‍රතික්ෂේප කළ යුතු ය. මේවා ලැබෙන ඒවා නො වේ. ලැබුණත් ලැබෙන්නේ සුළු පිරිසකට පමණි. ඒ සුළු පිරිසට ද එකී සහනාධාරය ගැනීම සඳහා විඳින්නට සිදු වන පාඩුව අධික ය.


    ආණ්ඩුව සහනාධාර දෙන්නට කරදර වන්නට ඕනෑ නැත. කළ යුත්තේ ඉන්ධන මත පනවා ඇති අධික බදු අඩු කිරීම හා තෙල් සංස්ථාවේ කටයුතු කාර්යක්ෂම කිරීම පමණි.