උදැසන ආහාරය

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
උදැසන ආහාර වේල 9.30 ට පෙර ගැනීමෙන් වාසි රැසක්‌


ඊශ්‍රායලයේ ටෙල් අවීව් හා ජෙරුසෙලමේ හීබෘ යන විශ්වවිද්‍යාලයන්හි පර්යේෂකයින් පිරිසක්‌ විසින් තරබාරු තත්ත්වයේ පසුවන සේවකයින් ඇතුළු ස්‌වෙච්චා සේවකයින් 36 දෙනකු යොදාගෙන සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව කරුණු හෙළිවී තිබේ.


ශරීර බර අඩු කිරීමට අදාළ ජාන වර්ධනය කිරීමටත්, රුධිරගත ග්ලූකෝස්‌ හා ඉන්සියුලින් ප්‍රමාණයන් පාලනය කරමින් දෙවැනි ඝනයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමෙන් වැළැක්‌විමට හේතුවන බව නවතම බටහිර අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

මෙම අධ්‍යයනය මෙහෙය වූ ටෙල්අවීව් විශ්වවිද්‍යාලයෙහි ඩැනියෙලා ජාකුබෝවික්‌ස්‌ට අනුව යමෙකු දවසේ වැදගත්ම ආහාර වේල සිය උදැසන ආහාරය නොගෙන සිsටියහොත් ශරීරයෙහි බර අඩුවීමට හේතු වන ජාන අඩුවෙන් වර්ධනය වන අතර දවසෙහි අනිකුත් ආහාර වේල් නියමිත පරිදි ගත්තද එම තත්ත්වයෙහි වෙනසක්‌ නොවේ. ඇයට අනුව උදැසන 9.30 ට පෙර සිය උදැසන ආහාර වේල ගැනීමෙන් අයෙකුගේ මුළුමහත් ශරීරය පුරාම ජීර්ණ ක්‍රියාවලිය හා විවිධ සෛල අතර ද්‍රව්‍යයන් ප්‍රවාහනය කිරීම යන කාර්යයන් වර්ධනය කිරීමටත් ශරීරයේ බර අඩු කිරීමටත්, දෙවැනි ඝනයේ දියවැඩියාව හා අනෙකුත් වයස හා සම්බන්ධ රෝග තත්ත්වයන්ට මුල් වන සංකූලතාවන් ඇතිවීම පමා කිරීමටත් හේතුවේ.

මෙම අධ්‍යයනය මෙහෙයවූ පර්යේෂකයින්ට අනුව ලොව පුරා බොහෝ රටවල ළමුන් හා යෞවනයින්ගෙන් 1/3 ක්‌ පමණ දෙනා නිරතුරුව සිය උදැසන ආහාර වේල මඟහරී.

වෙනත් අධ්‍යයනවලදී අනාවරණය වී ඇත්තේ උදැසන ආහාර වේල මඟහැරීම තරබාරු බවට හේතු වන බවයි. මෙම කරුණුවලින් පෙනී යනුයේ උදැසන ආහාර වේල ශරීරයෙහි බර පාලනය කිරීමේ මාධ්‍යයක්‌ ලෙස යොදා ගත හැකි බව යෑයි පර්යේෂකයෝ පෙන්වා දෙති.



read
 
  • Like
Reactions: kasun69

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    බර අඩුවීමට හේතු වන ජාන

    ඔය මොන ජාන තිබ්බත් TDEE (Total Daily Energy Expenditure) එක පන්නල කෑවොත් බර වැඩිවෙනවා, TDEE එකට අඩුවෙන් කෑවොත් බර අඩු වෙනව :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බර අඩුවීමට හේතු වන ජාන

    ඔය මොන ජාන තිබ්බත් TDEE (Total Daily Energy Expenditure) එක පන්නල කෑවොත් බර වැඩිවෙනවා, TDEE එකට අඩුවෙන් කෑවොත් බර අඩු වෙනව :yes:


    :(:( thawakalika satutak kalane :baffled:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    බර අඩුවීමට හේතු වන ජාන

    ඔය මොන ජාන තිබ්බත් TDEE (Total Daily Energy Expenditure) එක පන්නල කෑවොත් බර වැඩිවෙනවා, TDEE එකට අඩුවෙන් කෑවොත් බර අඩු වෙනව :yes:

    :yes::yes::yes::yes::yes: