අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න අද(29) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කරන බව නුගේගොඩ කොට්ඨාශ භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
උදුල් ප්‍රේමරත්න මේ වන විට නුගේගොඩ පොලිස් අධිකාරී කාර්යාලයේ රඳවා සිටින බව පොලිස් අධිකාරීවරයා සඳහන් කරයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය අසල දී අද දහවල් ප්‍රේමරත්න අත්අඩංගුවට ගැනුණි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශ භූමියට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළ වලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඇත්නම් ඔහු අත්ඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද පෙරවරුවේ ප්‍රකාශ කර තිබුණි.
Last edited:






