උදේම නැඟිටින්න කම්මැළිද ?

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    උදේම නැඟිටින්න කම්මැළිද ?

    උදේම නැඟිටින්න කම්මැළිද ?මෙන්න විසදුම
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    images

    උදෑසන අවදිවීම කියන්නේ හුඟක් දෙනකුට තරමක් කරදරකාරී දෙයක්. නමුත් උදෑසන අවදිවීම ජීවිතයට ඉතාම වැදගත්. සමහර විට අප නොහිතන විදියේ ප්‍රතිලාභයක් ඉන් ලැඛෙන්න ඉඩ තියෙනවා.

    සාමාන්‍යයෙන් උදෑසනට අවදි වුණාම අපට සූදානම් වීමට යම් කාලයක් ඉතිරි වෙනවා. එම කාලය එදා දවස සැලසුම් කිරීමට, අතහැරුණ දේ සකසා ගැනීමට තමා පිළිබඳ සිතන්න වෙන්කරගත හැකියි. කලින් දිනයේ අතපසු වුණ දෙයක් වුණත් කරන්න වේලාව තිඛෙනවා.
    ඒ වගේම උදෑසන අවදි වුණාම කලබලයෙන් තමන්ගේ කටයුතු කරන්න අවශ්‍ය නැහැ. පමා වෙලා අවදි වෙන හුඟක් දෙනා කලබලයෙන් එහේ මෙහේ දුවමින් වැඩ කරනවා දකින්න පුළුවන්. නමුත් උදෑසනින් අවදි වන අයට තමන්ගේ වැඩ කටයුතු කරගන්න වුවමනාවටත් වඩා කාලය තියෙනවා.


    පමා වෙලා අවදි වන අයට සමහර දෑ මඟ හැරෙනවා. අපහසු වනවා වගේම, අතහැරෙනවා. උදෑසන පමා වෙලා අවදි වුණාම පාසලට හෝ කාර්යාලයට යන්න පමාවන නිසා හිතේ ඇතිවන කලබලය නිසයි එහෙම වෙන්නේ. ඒ නිසාම උදෑසන අවදි වීමෙන් දවසම සාමකාමීව ගතකරන්න පුළුවන්.
    සෑම උදෑසනක්ම හරිම සාමකාමීයි. නිස්කලංකයි. ඒ වගේම නිහඬයි. මනෝ විද්‍යාවේදීන් පවසන පරිදි ඔබට ඔබේ හඬට සවන්දීමට ඇති හොඳම වේලාව උදෑසනයි. එයට හේතුව උදෑසන ඇති නිහඬ නිස්කලංක සාමකාමී බව ලෙස ඔවුන් පෙන්වා දෙනවා.


    හුඟක් අයට ව්‍යායාම්වල නිරතවෙන්න වේලාවක් නැහැ. ව්‍යායාමවල තිඛෙන ප්‍රතිඵල පිළිබඳ දැනගෙන සිටියත් කාලය නැතැයි කියන මැසිවිල්ල බොහෝ විට අහන්න ලැඛෙනවා. නමුත් උදෑසන අවදිවීමට, හැකි නම් ව්‍යායාම කරන්න කාලය සොයාගත හැකියි. එසේම උදෑසන ව්‍යායාම්වල නිරත වීමෙන් දවස පුරාම ඔබව ප්‍රබෝධවත්ව තියෙනවා.


    ඔබේ අත්දැකීම්, සිහින පිළිබඳ සිතන්නට පුංචි භාවනාවක නිරත වන්නටත් උදෑසන යොදාගන්න පුළුවන්. ඒ වගේම ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අවශ්‍ය නම් උදෑසන වැටෙන පළමු හිරු එළිය මඟ හරින්නත් එපා.
    නමුත් මේ මොන දේ කිව්වත් උදෑසන අවදිවීමට පුරුද්දක් නැති කෙනෙක්ට එක්වරම උදෑසන අවදිවීමට නොහැකියි. ඒ නිසා එවැනි අයටත් උදෑසනම අවදිවීමට ක්‍රම තිඛෙනවා.


    හේතුවක් නිර්මාණය කරගන්න
    මා උදෑසන අවදි විය යුත්තේ ඇයි? ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳ අවබෝධ කරගෙන එය සිතට ගත්තාම උදෑසනට අවදිවීම පහසුයි.
    නිදන ඉරියව්ව වෙනස් කරන්න



    ඔබේ නිදන ඉරියව්ව වෙනස් කරන්න. එය උදෑසන අවදිවීමට හේතුවක් වනවා. ඔබ එක්වරම උදෑසන 5ට අවදි වන්න අවශ්‍ය නැහැ. ටිකෙන් ටික විනාඩි 15 බැගින් කලින් අවදිවීමට හුරුවන්න.
    කලින් නිදාගන්න
    හැකියාව තිඛෙනවා නම් කලින් නින්දට යන්න. එවිට වැඩි පැය ගණනක් නිදාගෙන උදෑසන අවදිවීමට පුළුවන්. ඔබට තෙහෙට්ටුවක් දැනෙන එකක් නැහැ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    5:30ට විතර ඉබේම ඇහැරෙනවා. හිතට මාර හයියක් තියෙනවා. ඇගට අව්ලකුත් නෑ. ඒත් ඉතිං මම තව ටිකක් නිදාගන්නවා. පැය භාගයක් විතර ගිහින් එලාම් එකට ඇහැරුනාම මෙලෝ රහක් නෑ බන්. පට්ට අමාරුයි. මට හැමදාම මේක වෙනවා. ඒත් හැමදාම ආයි චුට්ටක් නිදාගන්න හිතෙනවා.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කලින් නිදාගන්න හිතෙන්නත් නැ.උදේම නැගිටින්න හිතෙන්නත් නැ.
    එපා වෙලා තියෙන්නේ රෙද්ද.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනේ මන්ද බං.. :confused:
    6ට නැගිටින්න ඕනෙ නම් 5:10 ඉඳලා එක දිගට එලාම් 4ක් විතර තියා ගන්න ඕනේ.:sorry: 6 වෙනකන් එලාම් වැදිලා වැදිලා නින්ද කැඩි කැඩි එලාම් ඕෆ් කරලා කරලම එපා වෙලා අන්තිමට දමලා ගහල නැගිටිනවා ආයේ නින්ද යන්නේ නැති නිසා..:angry:
    ඔන්න ඕකයි මහත්තයෝ හැබෑ තත්ත්වේ..:sorry:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    5:30ට විතර ඉබේම ඇහැරෙනවා. හිතට මාර හයියක් තියෙනවා. ඇගට අව්ලකුත් නෑ. ඒත් ඉතිං මම තව ටිකක් නිදාගන්නවා. පැය භාගයක් විතර ගිහින් එලාම් එකට ඇහැරුනාම මෙලෝ රහක් නෑ බන්. පට්ට අමාරුයි. මට හැමදාම මේක වෙනවා. ඒත් හැමදාම ආයි චුට්ටක් නිදාගන්න හිතෙනවා.

    :yes::yes::yes: