Questions උදේ නැගිට්ට ගමන් මොකෝ කරන්නෙ?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    උදෑසන කියන්නෙ අපේ මුළු දවසෙම productivity තීරණය කරන සාධකය. කම්මැලි නැතිව පටන් ගන්න උද්‍යෝගීමත් උදෑසනක් උද්‍යෝගීමත් සාර්ථක දවසකට පාර කියනවා. අද කතා කරන්‍ට යන්නේ එහෙම සාර්ථක දවසක් ඕනෙ නම් අපි උදෑසනේ නොකළ යුතු, ඒත් අපි කරන නරක පුරුදු කීපයක් ගැන.

    බලන්න ඔබේ එලාම් එකත් සකසන්නේ මෙන්න මෙහෙමද කියලා.

    ⏰ 5:55
    ⏰ 6:00
    ⏰ 6:05
    ⏰ 6:15
    ⏰ 6:30 🙂🤤

    රැයක් පුරා නිදාගන්න නින්දටත් වඩා එලාම් එක ඕෆ් කරල තව විනාඩි පහක් වැඩිපුර නිදාගන්න ඒ නින්ද වටිනවා කියල ඔබත් ඕනෙ තරම් කියල ඇති නේද, නමුත් මේ පුරුද්ද ඔබ හිතනවට වඩා ඔබේ දවසේ productivity එකට හානි කරනවා. මුලින් වැදෙන එලාම් එක ඕෆ් කරල ඔබ තව ටිකක් නිදාගත්තම ඔබව ආයිත් සැහැල්ලු නින්දකට වැටෙනවා. නමුත් ඒ එක්කම ආයිත් විනාඩි කීපයකින් තවත් එලාම් එකක සද්දෙට ඔබේ නින්ද කැඩෙනවා. මේක කීපවරක් එකදිගට වෙද්දි ඔබේ ස්වභාවික නින්දේ cycle එක කැඩෙනවා. එතකොට ඔබ අවදි වෙන්නෙම නෝක්කඩු සිතිවිල්ලෙන්. අලුත් දවස වෙනුවෙන් අපේ හිතේ ඇති වෙන refresh බව මේ නරක පුරුද්ද නිසා අඩු වෙනවා.

    උදෑසන අවදි උනු ගමන් ඔබේ පළමු රාජකාරිය ෆෝන් එක අතට ගන්නෙක නම්, අලුත් දවස ඇරඹෙද්දිම ඔබේ ඔලුව පිරෙන්නෙ බාහිර ලෝකයේ ඕපාදූප කුනුදන්දල් වලින්. මනසේ සන්සුන් බව නැති කරන්‍ අනුන්ගේ ඕපාදූප බලලා නම් ඔබ ඇඳෙන් නැගිටින්නෙ දවසේ උද්‍යෝගීමත් බවින් පිරුණු productivie දවසක් ගැන කවර කතාද. සන්සුන් දවසක් ඇරඹෙන්නෙ ඔබෙන්, ඔබේ ආදරණීයයන්ගෙන් සහ ඔබේ ගෙදරින් මිසක් බාහිර ලෝකයෙන් නෙවෙයි.

    රෑ කියපු නිවුස් ටිකම තව අතිනුත් දාලා කියවන පත්තර සිරස්තල අහලා නම් ඔබ දවස පටන් ගන්නෙ, ඔබේ මනස තවත් වෙහෙසකාරී වෙනවා. ගෙදරදොරේ පුංචි පුංචි ප්‍රශ්න අමතක කරලා දවස සතුටින් පටන් ගන්න හදන ඔබේ මනස රටේ ලෝකෙ ප්‍රශ්න වලිනුත් පිරෙනවා.

    පැය ගණනක් නිදාගත්තම අපේ ශරීරය ස්වභාවිකවම විජලනය වෙනවා. විජලනය ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලියට බලපෑම් කරන්‍ට පුලුවන් වගේම ඔබේ ශරීරයට කැලරි දහනය කරන්නත් අපහසු වෙන්න පුලුවන්. ඒ නිසා ඔබත් වතුර බොන්න හොරගෙඩියෙක් නම් වතුර වීදුරුවක් හරි බීලා දවස පටන් ගන්නෝනේ.

    උදෑසන කෑමවේල කියන්නෙ දවසේ වැදගත්ම කෑමවේල බව කියනවා. එහෙම කියන්නෙ හොඳ විවේකී නින්දකට පස්සෙ අවදි උනාම අපේ පරිවෘත්තිය ක්‍රියා ආරම්භ වෙන්නත්, දවසට ශක්තිය ලබාගන්නත් ඉන්ධන ඕන නිසා. උදේ කෑමවේල skip කරල වැඩ කරන්න ගියාම කුසගින්න, කම්මැලිකම, වෙහෙසකර බව එක්ක අපේ වැඩවලට අවදානය දෙන්න අමාරු වෙනවා, ශක්තිය අඩුබවක් දැනෙනවා, ඉතිං productivity පහළ බහිනවා.

    කඩිමුඩියේ ඇරඹෙන උදෑසනක් මුලු දවසටම අවුල්සහගත බවක් ගේනවා. ලෑස්ති වෙන්න, කෑම ටික කන්න ප්‍රමාණවත් තරම් වෙලාවක් නැති කඩිමුඩි උදෑසනක් නිසා ඔබට කේන්ති යනවා, නෝක්කඩු කියවෙනවා, ගේ දොර ඇඳුම් විලාසිතා අපිලිවෙල වෙනවා, දේවල් මඟ හැරෙනවා, අමතක වෙනවා, බැනුම් අහනවා.

    මේ වගේ නරක පුරුදු අඩු කරගන්න පුලුවන් නම් ඔබේ දවස උද්‍යෝගීමත් විදියට අරඹන්නත් දවසේ productivity ඉහළ මට්ටමකින් තියාගන්නත් ඔබට පුලුවන් වෙනවා. ඉතිං අලුත් සටිය සැලසුම් කරද්දි මේවා ගැනත් හිතන්න!
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පොඩ්ඩක් වෙනස් - ඉබේ ඇහැරෙනවා උදේ 4-4.30 වෙද්දී
    6.30 වෙනකං ප්‍රැක්ටිස්
    ඊට පස්සේ ඩු ලිස්ට් එකේ මග අරුණු වැඩ ෂෙඩුල් කරලා දවස පටන් ගන්නවා.අද වැඩ අඩුයි.උදේට කන්නේ නෑ. 10.30 -11 වගේ වෙද්දී කනවා.
     
    • Love
    Reactions: SHEHAN_GIWANTHA

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    10pm- 1am අතර නිදා ගන්නවා, එලාම් නැහැ ඇහරෙන වෙලාවක නැගිටිනවා, නැගිට්ට ගමන් පෝන් එක අතට අර ගන්නවා, ටිකක් වෙලා යද්දි නිදි මතනම් ආයෙ නිදා ගන්නවා, 9 පහු වුනොත් අම්මා නැගිට්ටවනවා කන්න කියලා, ඒ නැගිට්ට ගමනුත් පෝන් එක අතට ගන්නවා

    දවස අවුල්සහගත නැ, දවසම නියමයි 😛
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,764
    113
    සේදවත්ත
    උදෙන්ම කටට ගන්න කිව්වම එන උත්‍යෝගය කොහෙන්වත් ගන්න බෑ , දවසම ඉතින් කඩියා වගේ තමා .