උන්ඩියල් හවාලා වලින් කෝමද අපිට කෙලවුනේ

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    මේ උන්ඩියල් හවාලා කේස් එක අද ඊයේ ඉඳලා එන දෙයක් නෙවෙයි. මේක අව්රුදු ගානක් තිස්සේ සිද්ධ වෙන දෙයක්. මෙහේ උන් ගොඩක් දෙනෙක් ඔය කේස් එක මෙහේ ඉඳලා කරනවා. මේක ලොකුවට ඇදුනේ පහුගිය කාල සීමාවේ. හේතුව ලංකාවෙන් ඇත්ත අනුපාතය ගෙව්වේ නෑ. අනික් හැම රටකම යන අනුපාතය උන්ට ගෙව්වට ලංකාවේ ගෙව්වේ නෑ. උදාහරනයක් කිව්වොත් අද ලංකාවේ ඩොලරයේ ඇත්ත වටිනාකම 200ක් කියමු. ඒත් මෙහෙන් ලංකාවට සල්ලි දාන කෙනාට ගෙවන්නේ 150ක්. නමුත් මේ උන්ඩියල් ක්‍රමයට එව්වොත් අර 200ම ලැබෙනවා. ඉතින් රටක දුක් මහන්සියෙන් හම්බකරන මිනිහා දෙපාරක් හිතන්නේ නෑ සල්ලි එවන්නේ අර උන්ඩියල් ක්‍රමයට. රටවල් වල දුක් විඳලා හම්බ කරන මිනිහා බලන්නේ රුපියලක් හරි වැඩියෙන් ගෙදරට සල්ලි ටිකක් දාන්න. ඉස්සර ඩොලරයට හරි අනුපාතයම ගෙව්වේ නැති උනාට ඒ කිට්ටුවට හරි ගෙව්වා. ඒකයි මිනිස්සු උන්ඩියල් ක්‍රමයට සල්ලි නොදා බැංකු හරහාම සල්ලි එව්වේ. ඒත් මේ බැසිලා ඇවිල්ලා පට්ට අසාධාරන විදියට මොකක් හරි ජල්තරයක් දාලා අනුපාතය එක තැනක හිර කරලා තිබ්බා. ඒ ලොක් වෙච්ච අනුපාතය සතයක් වැඩි උනේ නෑ සෑහෙන්න කාලයක් යනකල්. ඒ දවස් වල ලංකාවේ බැංකු වලින් ඩිරාම් 1ට ගෙව්වේ පට්ට අසාධාරන වටිනාකමක්. ඒ නිසයි ගොඩක් මිනිස්සු මේ උන්ඩියල් ක්‍රමය හරහා සල්ලි එවන්න හේතු උනේ. එදාට පවතින ඩොලරයේ වටිනාකම සල්ලි එවන මනුස්සයාට ගෙව්වා නම් මේ වගේ කෙල වෙන්නේ නෑ. දැන්වත් හරියට සාධාරනව මේ වැඩේ කරා නම් මිනිස්සු සල්ලි හරි ක්‍රමයට එවයි.
    හැබැයි අදටත් මම සතුටු වෙනවා Rate එක මොකක් උනත් කිසිම දවසක මේ උන්ඩියල් ක්‍රමය හෝ හවාලා ක්‍රමය හරහා ලංකාවට සත පහක් එවලා නෑ. එවපු හැම සතයක්ම genuine විදියට එවලා තියෙන්නේ.:yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,531
    100,706
    113
    ඕකෙන් කියන විදියට දැන් වෙලේ සුදාල නෙවෙයි උණ්ඩියල් කරන්නෙ. වැඩි හරියක් කඩදාසි ඉලෙක්ට්‍රොනික් බඩු ගෙන්නන උන්. ඒවට තියෙන බෑන් අයින් කරා නන් උණ්ඩියල් වලට තියෙන ඉල්ලුම අඩු කරගන්න පුලුවන්.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Copied
    හවාලා කියන වචනවත් අහල තිබුනේ නැති සාමාන්‍ය ජනතාව ඒ දෙසට හැරෙව්වෙ අසාමාන්‍ය ලෙස ඩොලර් පාලනය කරන්න ගිය නිසා.. දැන් මිනිසුන්ට රස වැටිලා... දැන් ඈත් කරන්න අමාරුයි....නමුත් උණ්ඩියල් ක්‍රමය පිළිබඳ අභ්‍යන්තර කතාව සමහරු හිතනවටත් වඩා අසුන්දරයි භයානකයි .විනාශකාරියි.

    උණ්ඩියල් උණ්ඩියල් කිව්වට සමහරු මේ ගැන විස්තර දන්නේ නැහැ .නොදන්නා අයට දැනගන්න පලකෙරෙන පහත සටහන ඒ ගැනයි.

    මොකද්ද උණ්ඩියල් සහ හවාලා කියන්නෙ? කෙටියෙන්ම කිව්වොත් මුදල් විශුද්ධිකරන‍ය වෙන ක්‍රම දෙකක්. මේක ඔබ අතරින් බහුතරයක් කරනවා ඇති. මේක කියෙව්වොත් ඔබට තේරෙයි ඔබ කල ඇති පව් දුරදිග නොබලා.

    උණ්ඩියල්, හවාලා වෙන්නෙ මෙහෙමයි.
    අපි හිතමු ඩුබායි ඉන්න අමරට ලංකාවෙ එයාගෙ නෝන සාමා ට සල්ලි එවන්න ඔන කියල. අමර හම්බ කරන්නෙ පිරිසිදු සල්ලි දාඩිය මහන්සියෙන්. අපි හිතමු එයාට ලංකාවෙ බැංකුවකින් දෙන්නෙ ඩොලර් එකට රු.200යි කියල. ඒ ගාණට වඩා උණ්ඩියල් මුදලාලි දෙනවා. අපි හිතමු 250/- ක් කියල. උණ්ඩියල් මුදලාලිලා හැම රටේම වගේ දැන් ඉන්නවා. අමර යනවා උණ්.මුදාලාලි ළගට.එයා දෙනවා ඩොලර් 100ක්. දැන් උණ්. මුදලාලි කතා කරනවා ලංකාවෙ ඉන්න එයාගෙ නියෝජිතයාට.අපි හිතමු එයාගෙ නම "වෙලේ සුදා" කියලා. දැන් ඩොලර් 100×250 =25000ක් සාමාට දෙන්න කියල ඩුබායි වල ඉන්න උණ්ඩියල් මුදාලාලි සුදාට කියන්වා. සුදා සාමාගෙ ගිණුමට ඒ ගාන දානවා. සාමා සතුටුයි. අමරට සතුටුයි බැංකුවට වඩා වැඩි ගාණක් ලැබුනා.එයාල දැන් සීන් එකෙන් අයින් වෙනවා.

    දැන් උණ්ඩියල් මුදලාලි සුදාට 25000ක් ණයයි. දැන් උණ්ඩියල් මුදලාලි මේ සල්ලි දෙනවා ඩුබායි වල ඉන්න තව කෙනෙකුට තමුන්ගෙ කමිශන් එක තියාගෙන.අපි හිතමු එයාගෙ නම මාකදුරේ මධූෂ් කියල. දැන් මධූෂ් ළග සුදාගෙ සල්ලි 25000/ ට කිට්ටු ගාණක් තියෙනවා උණ්ඩියල් කමිශන් අයින් කරාම. දැන් ඉතින් මාකදුරේ මධූෂ් විසින් ඒ සල්ලි වලට වෙලේ සුදාට එවන්නෙ මොනාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ..

    මෙන්න මේක තමයි ජාත්‍යන්තර නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කරුවන් තම මුදල් ගණුදෙනු කිරීම සදහා underground banking එහෙමත් නැතිනම් කිසිදු රෙකෝඩ් එකකට අහු නොවී බෑන්කින්ග් කිරීමට හදා ගත් ක්‍රමවේදය. මේ විදියට ගණුදෙනු වෙන්නෙ මත් කුඩු සල්ලි විතරක් නෙවෙයි. ත්‍රස්තවාදී මුදල්, Human trafficking හෙවත් මිනිස් ජාවරම් වලින් එන මුදල්, ගණිකා වෘත්තීයට කාන්තාවන් , දැරිවියන් විකිණීමෙන් එන මුදල් , මිනිස් අවයව ජාවාරමෙන් එන මුදල්. නොයෙක් ආකාරයෙන් නීති විරෝධී ජාවාරම් වලට මුදල් ගණුදෙනු සදහා හොද තෝතැන්නක් තමයි මේ උණ්ඩියල් සහ හවාලා ක්‍රම කියන්නෙ.

    ඉතිං බැංකු පද්ධතියෙන් සාධාරණ අගයක් අපගේ ඩොලරයට ගෙවනවානම් අපි ඇයි මේ වගේ ජාවාරම් කිරීමට අපේ සල්ලි දෙන්නේ.හිතන්න එපා ඔබට ඒ පාපයෙන් ගැලවෙන්න පුලුවන් කියා..
    කොටින්ම උණ්ඩියල් ,හවාලා ගණුදෙනු තියෙන තාක්කල් ඔබේත් මගේත් රටට කුඩු එන එක නවත්වන්න බෑ. සහරාන්ලට බෝම්බ හදන්න සල්ලි එන එක නවත්තන්න බෑ.ISIS ව්‍යාප්ත වීම නවත්ත්වන්න බෑ. පුංචි ගෑණු ළමයි ගණිකා සේවයට විකිණීම නවත්වන්න බෑ.
    ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරන පිරිසිදු සල්ලි වල තැවරෙන්නෙ මොනාද? ඔබට තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා...-

    -පින්සර

    මගේ සත දෙක;

    මෙතන කියවෙන්නම ඕන නමුත් නොකියවුන දේ තමයි මේ ක්‍රමයට ඔබ "යවන" එක ඩොලර් එකක් වත් ලංකාවට යන්නෙ නැති බව. ඒ වෙනුවට වෙන්නේ ලංකාවේ දැනටමත් රුපියල් වලින් තියෙන වෙලේ සුදාගේ කළු සල්ලි සුදු වෙලා ඔබේ පවුලට ලැබිලා රට ඇතුලෙම කැරකෙන එක.

    ඔබ දාඩිය මහන්සියෙන් හම්බු කරන ඩොලර් ඔය රටේම තියෙන මාකඳුරේ මධුෂ්ගේ විදෙස් ගිණුමේ තැන්පත් වෙනවා. වෙනත් වචන වලින් කියනව නම් ලංකාවේ හොරු කියල ඔබ එලවන්න හදන දේශපාලකයන් ඇතුළු අපරාධ කාරයන්ට එයාලගෙ කළු සල්ලිත් සුදු කරගෙන ඒවත් අරන් රට පනින්න ඔබ උදව් කරනවා.

    ඉතින් මෙහෙම කරොත් ගෑස් තෙල් තියා පිට රට වල තියෙන pharmaceutical companies වලට ගෙවල අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්නන්න වත් ලංකාව ඇතුලේ ඩොලර් නැති වෙනවා. ඒ කියන්නේ ඔබ මේ ක්‍රම වලින් ලංකාවේ ඉන්න ඔබේ පවුල රුපියල් වලින් පොහොසත් කලාට ඔවුන්ට ලංකාවේ හදන්නෙ නැති සියලු දේ අහිමි කරනවා!
    middle east giya hingana wesige puthalata rupiyalak wadipura hambunat ati kariyo tika kaagahagena chande denna awata
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    katawath epa kiyanna ubalata ba... ubalata occhhara amaru nam rata gihin $ ewapalla 😂😂😂

    undiyal market kale me anduwa... aye itin apassata ganta nam banks walain sahena salakanta wei $ ewana ewunta natbnam itin karanta deyak na... btw undiyal karanne kudu karayo witharak nemi... phone, gold etc gena ewunuth undiyal thamai karanne dan ekai illuma wadi
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන්ඩියල් හවාලා මගුල් වලින් නෙමේ යකෝ අපිට කෙලවුනේ කපුටයි කබ්බායි ගත්ත මෝඩ තීරණ වලින්.. තවත් උන්ට කඩේ යනවා මෝඩ හුත්තලා :lol: :lol: :lol: :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    undiyal salli okkoma enne rajapaksha ,basil lage account walatama thama ekai un echchara care karanne neththe .basil oka kalin kiwwa oka loku prasnayak nemei pettah walin salli ganna puluwan kiyala lankawe evun salli bank walata danne neththe rajapakshala vidina hinda eth un oya krama dekenma ena salli vidinawa.