පොළොන්නරුවේ මේ වනවිට ඇතිවෙලා තියෙන තත්වය තමයි ලංකාවෙත් කරුමෙට එක හේතුවක් වෙලා තියෙන්නේ
මෙයාලා ව්‍යවසායකයෝ නෙවෙයි මුදලාලිලා වෙන්නේ ඒ නිසා.මුදලාලි කෙනෙක්ට තේරෙන්නේ නෑ ව්‍යවසායකයෙක් කරන්න ඕනේ මොකද්ද ,වගකීම මොකද්ද කියලා.ඉතින් එතනින් එහාට ලංකාවෙන් ජාත්‍යන්තර ව්‍යවසායකයෙක් බිහි වෙන් නෑ. ඒ කියන්නේ උපයන අතිවිශාල ධනස්කන්ධය රට තුල හෝ රටින් පිට ආයෝජනය කරලා ක්‍රමිකව දැවැන්ත ව්‍යාපාරික ජාලයක් හදනවා වෙනුවට, තමන් මේ තැනට එන්න අතීතයේ විඳපු දුක මාර්කට් කර කර (ඒකෙත් කියන්නේ ඇත්තම නෙවෙයි
සකර්බර්ග් facebook පටන් ගත්තේ 2004 එයාගෙ ගරාජ් එකේ.හැබැයි ඒක කියව කියව ඉන්නේ නෑ.කුවේර ලයිෆ් එකක් ලෝකෙට පෙන්නන් නෑ.හැබැයි ලෝකෙටම බලපෑම් කල හැකි ව්‍යවසායකයෙක්.
අපි හිතමු මේ දෙන්නගෙම වෙළදාම වෙන්නේ මේ රට තුල විතරයි කියලා.මම හරියට දන්නේ නෑ export කරනවද කියලා. එහෙනම් මේ දෙන්නා වක්‍රව මේ පිට රටට හරවලා යවන්නේ ගම්වල අහිංසක අම්මලා පිට රට කඹුරලා ලංකාවට එවන විදේශ මුදල්.
කොටින්ම ඩඩ්ලිටයි ,මිත්‍රපාලටයි එයාල ලංකාව ඇතුලේ කොයිතරම් සල්ලිකාරයෝ උනත් තරගෙට රෝල්ස් රෝයිස් ගේන්න වෙන්නේ නෑ අපේ දුප්පත් ගෑණු පිට රට කඹුරලා ඩොලර් එවුවේ නැත්නම්