හයියෝ ඩඩ්ලි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,626
    10,499
    113
    44
    Living in an Atom
    1000136567.jpg


    පොළොන්නරුවේ මේ වනවිට ඇතිවෙලා තියෙන තත්වය තමයි ලංකාවෙත් කරුමෙට එක හේතුවක් වෙලා තියෙන්නේ😀.මිත්‍රපාලට ඕනේ ඩඩ්ලිට වඩා සල්ලි තියෙනවා කියන්න,ඩඩ්ලිට ඕනේ මිත්‍රපාලට වඩා සල්ලි තියෙනවා කියන්න😀.

    මෙයාලා ව්‍යවසායකයෝ නෙවෙයි මුදලාලිලා වෙන්නේ ඒ නිසා.මුදලාලි කෙනෙක්ට තේරෙන්නේ නෑ ව්‍යවසායකයෙක් කරන්න ඕනේ මොකද්ද ,වගකීම මොකද්ද කියලා.ඉතින් එතනින් එහාට ලංකාවෙන් ජාත්‍යන්තර ව්‍යවසායකයෙක් බිහි වෙන් නෑ. ඒ කියන්නේ උපයන අතිවිශාල ධනස්කන්ධය රට තුල හෝ රටින් පිට ආයෝජනය කරලා ක්‍රමිකව දැවැන්ත ව්‍යාපාරික ජාලයක් හදනවා වෙනුවට, තමන් මේ තැනට එන්න අතීතයේ විඳපු දුක මාර්කට් කර කර (ඒකෙත් කියන්නේ ඇත්තම නෙවෙයි😁)වර්තමානයේ කුවේර ලයිෆ් එකක් ගෙවමින් අර අතීතය මෙනෙහි කරමින් සතුටු වෙනවා. එතනින් එහා දෙයක් මුදලාලි කෙනෙක්ට තේරෙන් නෑ. ලෝකෙටම බලපෑම් කල හැකි SAMSUNG , facebook , වගේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඒ හරහා ලංකාව නැමැති රට දියුණුව කරා රැගෙන යන්න වගකීමක් තියෙනවා කියලා තේරුමක් නෑ.

    සකර්බර්ග් facebook පටන් ගත්තේ 2004 එයාගෙ ගරාජ් එකේ.හැබැයි ඒක කියව කියව ඉන්නේ නෑ.කුවේර ලයිෆ් එකක් ලෝකෙට පෙන්නන් නෑ.හැබැයි ලෝකෙටම බලපෑම් කල හැකි ව්‍යවසායකයෙක්.

    අපි හිතමු මේ දෙන්නගෙම වෙළදාම වෙන්නේ මේ රට තුල විතරයි කියලා.මම හරියට දන්නේ නෑ export කරනවද කියලා. එහෙනම් මේ දෙන්නා වක්‍රව මේ පිට රටට හරවලා යවන්නේ ගම්වල අහිංසක අම්මලා පිට රට කඹුරලා ලංකාවට එවන විදේශ මුදල්.

    කොටින්ම ඩඩ්ලිටයි ,මිත්‍රපාලටයි එයාල ලංකාව ඇතුලේ කොයිතරම් සල්ලිකාරයෝ උනත් තරගෙට රෝල්ස් රෝයිස් ගේන්න වෙන්නේ නෑ අපේ දුප්පත් ගෑණු පිට රට කඹුරලා ඩොලර් එවුවේ නැත්නම් 😁
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,397
    25,271
    113
    tracing Geo-location.. ... ...
    ඉතින් ඩඩ්ලිලා කරනකන් ඉන්නේ ඔච්චර දන්න එකේ උඹ කරපන්කෝ..
    අනුන්ගෙ සල්ලි වියදම් කරන හැටි උගන්නන්න නම් හෙළයෝ හරි දක්ෂයි..