.: උන්මන්තකයකුගේ ආදරය (3 Movie) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: උන්මන්තකයකුගේ ආදරය (3 Movie) :.

    "වයි දිස් කොලවෙරි ඩී...."

    පහු ගිය කාලේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච මේ ගීතය කට්ටියට මතක ඇති නෙ....ඔන්න අද තමයි මට මේ චිත්‍රපටිය බලන්න ලැබුනේ....මේක බලන්න කලින් නම් මගේ හිතේ තිබුනේ රිනාත්මක අදහසක් ....මොකද මේ චිත්‍රපටිය බලපු කීප දෙනෙක්ගෙම අදහස උනේ ගීතයේ තරම් චිත්‍රපටියේ ලස්සනක් නෑ කියල....ඒත් මේක බලද්දී නම් ඒ අදහස සම්පූර්නෙන්ම වෙනස් උනා කිව්වොත් නිවැරදියි....


    Dhanush,Shruti+Hassan's+3+Movie+Telugu+Version+Releasing+Tomorrow+HQ+Posters+2.JPG

    ක්‍රියාදාම සටන් ජවනිකා වලදී ටිකක් වැඩිපුර ගහ මරාගත්තට, පසුබිම් වෙච්ච කතා පුවත අතින් ගත්තම වෙනස්ම විදියේ ලස්සන නිර්මාණ දකින්න පුළුවන් තැනක් තමයි "කොලිවුඩය" කියන්නේ....ඉතින් මේ චිත්‍රපටියෙත් ඒ වගේම වෙනස්ම කතාවක් තමයි නිදන් වෙලා තියෙන්නේ....චිත්‍රපටයේ මුලින් තියෙන්නේ සුන්දර ආදර කතාවක්....ධනුෂ් සහ ශෘති ඉතාම සුන්දර විදියට මේ ප්‍රධාන චරිත දෙකට පන පොවනවා....චිත්‍රපටයේ අග භාගයේදී තමයි කතාව වෙනස් පැත්තකට හැරවෙන්නේ....එතැන් සිට කුතුහලය සහ දුක ජනිත වන ආකාරයේ කතා පුවතක් තමයි ගලාගෙන යන්නේ....ඇස් අගට කඳුලක් එකතු කරමින් අවසාන වෙන මේ චිත්‍රපටිය මගේ අදහසට අනුව නම් හොඳින් රසවින්දනය කල හැකි වෙනස්ම විදියක ආදර කතාවක්...

    c4cf3f01-ce77-4e66-af23-96d9dc98fa19OtherImage.jpg


    3-Movie-dhanush-shruti-love-making-Stills-4-e1332340875639-350x593.jpg


    tamil-movie-3%20(4).jpg


    ---------------Pichchar.TK----------------
     
    • Like
    Reactions: dxx

    Similar threads